‘ලෝන්ලි ප්ලැනට්’ වාර්තාවේ කියවෙන විදිහට 2019 වසරේ සංචාරය කරන්න ලොව හොඳම රට විදිහට ශ්‍රී ලංකාව නම්කලා. ලෝන්ලි ප්ලැනට්’ කියන්නෙ සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයක්. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකෙනවා. ලෝන්ලි ප්ලැනට් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ විඳගත යුතු අත්දැකීම් මේ ආකාරයට පෙන්වා දී තිබෙනවා. 1. තංගල්ල අවට ඉස්තරම් වෙරළ තීරය […]
අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩි. බ්ලේසියෝ පවසනවා. එම පාර්සල් යැවුණු පුද්ගලයින් අතරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු CIA ප්‍රධානී ජෝන් බ්‍රෙනන් වගේම හිටපු නීතිපති එරික් හෝල්ඩර් ද අයත්. අමෙරිකානු බලධාරීන් කියන්නේ මේ […]
ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමූ මෙගා මිලියන්ස් ලොතරැයිය ජයග්‍රහණය කරන්න වාසනාවන්තයෙකු සමත්ව තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක වටිනාකමකින් යුක්ත මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුවුණා. මෙහිදී දිනුම් අංක 28 70 5 62 55 සහ මෙගා බෝල් අංකය ලෙස අංක 05 තේරිපත්ව තිබෙනවා. ජයග්‍රහාකයාට ලොතරැයි මුදල ලබාගැනීම අවශ්‍යනම් බදු ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන ඩොලර් මිලියන […]
ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩුයි කියලා ලෝක බැංකුව සඳහන් කරනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරගන්න බෑ කියලා.ලෝකයේ අන්ත දුගී බවෙන් පෙලෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90ක් බවත් 2030 වන විට එම දුගී භාවය අවසන් කිරීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව පවසනවා.2015 වසරේදී […]
බගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට ඊයේ (24දා) සවස අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කරල තිබෙනවා. මේ විදියට අකුණු සැර වැදුණු තුවාලකාරියන් අවුරුදු 23, 32, 33, 36 හා 42 යන වයස්හි පසුවන්නියෝ වෙනවා කියලයි රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ.
පාරමී වසන්ති මාරිස්ටෙලා කියන්නේ පසුගිය කාලය තුල බොහෝ දෙනාගේ ඇගයීමට සහ කතාබහටලක් උන චරිතයක්. ඒ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදි ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් හිමි කර දීම නිසා. මේ අතරෙ පාරමී ගැන ඔබ නොදන්න තවත් කතාවක් අපිට ආරංචි වුණා. පාරමී මෙළොව එළිය දුටු ආකාරය ගැන පාරමීගේ අම්මා රීටා මාග්‍රට් සිල්වා කියපු කතාවක් මේ විදියට අද […]
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 150 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර මධ්‍යම ඌව සබරගමුව සහ දකුණු පළාත්වලට එම වැසි ඇති විය හැකි බවයි කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වලට ද ඉදිරි පැය කිහිපය තුල ගිගුරුම් සහිත […]
තමන් ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා කියලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති ‘‘වීරදුටුගැමුණු සංවිධානය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කරමින් පැවති උත්සවයකදි කියලා තිබුණා. “මම ජනාධිපතිවරණයට සිංහල බෞද්ධයා වෙනුවෙන් තරඟ කරනවා. රටේ ලොකු වෙනසක් ඇති කරනවා. දිව්‍ය ලෝකෙ වැඩ සිටින, මේ රට හදපු වීර දුටුගැමුණු මහ රජතුමාගේ නමින් තමයි මම ඡන්දය ඉල්ලන්නේ. පක්ෂයේ […]
මාධ්‍යවේදී ජමාල් ඝාතනය කිරීමට තුර්කියට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයකු යැයි කියන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට සැකයක් ඇතැයි තුර්කි නිලධාරිහු පවසනවා. ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේ තුර්කියට පැමිණි සෞදි ජාතිකයන් 15 දෙනා කෂොක්ජිගේ සිරුරේ කොටස් බෑග්වල දමාගෙන රැගෙන ගොස් ඇති බවට සැකයක් පවතිනවා කියලා තුර්කි බලධාරීන් […]
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවට ආරංචි වෙනවා. මේ සඳහා ඇමැතිවරයා විසින් ඊයේ (22) පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් […]
ඊයේ තරගය දිනුවට පස්සේ චන්දිමාල් තමන්ගේ කණ්ඩායමත් එක්ක බොහෝම අපුරු වැඩක් කරල තිබුණා. ඒ කට්ටියම එකතුවෙලා සිංදුවක් කියන එක. මේ සිංදුවෙත් විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේ සින්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනන හැම වේලාවකම කණ්ඩායමේ උනන්දුව වැඩි කරන්න නිර්මාණය කරපු එකක් වීම. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරලා තියෙන්නේ අපි කවුරුත් ආදරය කරන කසුන් කල්හාර. […]
කාලෙකට පස්සේ ඊයේ දවස ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටුදායක තරග අවසානයක් ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ලකුණු 219ක දැවැන්ත ජයක් ලබා ගනිමින්. තරඟයෙන් පස්සේ අදහස් දක්වපු කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් කිව්වේ සියලුම ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවෙන්න ඕනේ කියලයි.ඒ වගේම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම පරාජය කිරීමට ලැබීම සතුටක් […]