ලිතුවේනියානු ජාත්‍යන්තර මුහුදු තීරයෙදි අනතුරට ලක්වූ මගීන් 335කු රැගත් යාත‍්‍රාව යළි ගමන් ආරම්භ කර තිබෙනවා.ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ පැය 07 කට අධික කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු යාත‍්‍රාව යථා තත්වයට පත් කළ බවයි. යාත‍්‍රාවේ එන්ජිම තුල සිදු වු පිපිරිමක් හේතුවෙන් එය අනතුරට ලක්ව මුහුද මැද නතර වී තිබුණේ ඊයේ පස්වරුවේදීයි.අනතුරින් යාත‍්‍රාවේ සිටි මගීන්ට කිසිදු […]
පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප‍්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කළ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් හේතුවෙන් වැඩි වශයෙන් අපවාදයට ලක්වන්නේ තමන් සහ අගමැතිවරයා බව ද සඳහන් කර තිබුණා. පොලිසියේ ඇතැමුන්ගේ විනය පිරිහී ඇති බව පැවසූ ජනාධිපතිතුමා එය වහා […]
යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලිය මුලිනුපුටා දැමීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේයි. පොලිසිය පැවසුවේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති බවයි.යාපනය කොට්ඨාසය තුළ පමණක් සිදු කළ මෙහෙයුම්වලින් පමණක් මේ වන විට සැකකරුවන් 35කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආවා කල්ලියේ සාමාජිකයින් භාවිත කරන බවට සැක […]
ක්‍රිකට් ලෝකයට හඳුනවලා දෙන්නේ එංගලන්තය. හැබැයි එංගලන්තයටත් ක්‍රිකට් උගන්වපු ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. නොවැම්බර් මාසයේදී ආරම්භ වෙන එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියට ලංකාව මුහුණ දෙන්න ඕන විදිය සංගා හෙළිකරලා තියෙනවා. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරාවි කියලයි සංගා කියන්නේ. “එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි තිබෙනවා. ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම එක්දින […]
ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ අධ්‍යාපන අමාත්‍යශය වෙත පැමිනීමට නියමිතයි.ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් සියත ප‍්‍රවෘත්තී වෙති කියා සිටියේ පත් වීම් ලබා දෙන ලෙස රජයට බල කිරීම සදහා එලෙස පැමිණෙන බවයි. අමාත්‍යංශ බලධාරීන් හමුවී විරෝධතා සංදේශයක් භාර දීමට නියමිත බවද උන්වහන්සේ සදහන් කලා.
පකිස්ථාන ආරක්ෂක ලේකම් ලූතිනන් ජනරාල් අක‍්‍රම් උල් හක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.ඒ සිව් දින නිල සංචාරයක් සදහායි. එහීදී පකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛත කණ්ඩායම ශ‍්‍රී ලංකා – පකිස්ථාන සන්නද්ධ හමුදා වල ආරක්ෂක සංවාදයකට එක් වනු ඇතී.එමෙන්ම මෙරට ආරක්ෂක ලේකම්වරයා ද හමුවී දෙරටට බලපාන ආරක්ෂක කටයුතු සම්භන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා. කලාපීය සාමය, ආරක්ෂාව සහ […]
සිංහල සිනමාවේ අපිට ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් තමයි පුජා උමාෂංකර් කියලා කියන්නේ. මේ දවස්වල පුජාගේ වැඩ වැඩි වැඩියෙන් මුහුණුපොතේ හුවමාරුවෙන්න පටන් අරන්. ඒ අතරින් පුජා මේ ලගදි දවසක එයාගේ මුහුණුපොතට එක් කරපු ජායාරූපයකට ලැබිලා තිබුණේ ඉහල ප්‍රතිචාරයක්. ඒ ජුජා මාර්ග පිරිසිදුකිරිමේ සේවිකාවන් සමග ලබාගත් ජායාරූපයක්.මේ ජායාරූපයට ප්‍රතිචාර දක්වන බොහෝ පිරිස් ඇයගේ මේ ක්‍රියාව අගයලා […]
තම නමට සමාන නාමයක් ඇති වෙනත් පුද්ගලයකු තමාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් නීතිවිරෝධි කටයුතු වල නිරත වන බව රොහාන් වැලිවිට මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම පුද්ගලයා විසින් කප්පම් ඉල්ලීම පොලීසිය ඇතුලූ රාජ්‍ය ආයතන වලට බලපෑම් කිරීම වැනි ක‍්‍රියාවල නිරත වන […]
පසුගිය දා අපවත් වී වදාළ මල්වතු පාර්ශ්වයේ ජෙය්ෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් මීට මාසයකට කලින් තමන්ගේ අපවත්වීම සම්බන්ධව මල්වතු මහා විහාරයේදී අනාවරනය කරලා තියනවා. නාහිමියන් එහිදී කියලා තියෙන්නේ ” මේ මාසේ අග හෝ ලබන මාසේ මුලදි මම අපවත් වෙනවා කියලා මගේ හිත කියනවා. ගිය ආත්මෙත් මම හාමුදුරුනමක්. ඒ ආත්මෙත් දීර්ඝායුෂ […]
මධ්‍යධරණී මුහුදේ බටහිර ප‍්‍රදේශයේ දී සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට ලක්වීමෙන් 34 දෙනකු මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සරණාගත කාර්යාංශය පවසන්නේ දියෙහි ගිලෙමින් සිටි 26 දෙනකු බේරාගත් බවයි.මෙම සරණාගතයින් අප‍්‍රිකානු ජාතිකයින් බවයි වාර්තා වන්නේ මේ අතර ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර්හි මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 13 දෙනකු මියගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති […]
තංගල්ල ප‍්‍රදේශයේ වාහන අලූත්වැඩියා ආයතන හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සහ තවත් සැකකරුවෙක්. ප‍්‍රධාන සැකකරු 49 හැවිරිදි රන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් සැකකරු 41 හැවිරිදි නෙටොල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී […]