හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක් නම් නෙවෙයි. ආසියානු කුසලානයේ දැවැන්ත පරාජය නිසා ඔහුට නායකත්වයෙන් පවා ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම එළඹෙන එංගලන්ත තරඟාවලියට ඇන්ජලෝ මැතිව්ස් නම් නොකරන්න තේරීම් කමිටුව තීරණය කරයි. කොහොම වුනත් පහුගිය අවුරුදු 2 කෙදි මැතිව්ස්ගේ එක්දින තරඟවල ලකුණු සාමාන්‍ය 59 ක්.
වනයේ ඉන්න ලස්සනම සතෙක් තමයි කොටියා කියන්නේ. ඒ නිසාම මේ වෙද්දී ලෝකයේ කොටි ගහනය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඒ මිනිසුන් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා වගේම සම් සඳහා කොටි ඝාතනය කරන නිසා. නේපාලය කිඅන්නේ කාලයක් කොටින්ගේ රජදහනක්. හැබැයි 2009 වෙද්දී නේපාලයේ කොටි ගහණය 121 දක්වා අඩුවුණා. මේ නිසා 2022 වෙද්දී ආසියාවේ කොටි ගහණය දෙගුණ කරන්න නේපාලය ඇතුළු […]
රාජ්‍ය සේවකයෙක් වුණාම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න පුළුවන් වෙන්න ඕන. රැකියාවට එද්දිම ඒ ගැන ගිවිසුමක් අත්සන් කරලා තමයි සේවයට බඳවා ගන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ සමහරු ලැබෙන ස්ථාන මාරුවීම් වලට සමහරු යන්නේ නෑ. ඒ නිසා දුෂ්කර පළාත්වල රාජ්‍ය සේවකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ මේ ප්‍රශ්නය ලොකුවට තියෙනවා. ඒ නිසා ස්ථාන මාරුවීම් වලට […]
තුෂාර සම්පත් කියන්නේ බුකියේ ජනප්‍රිය සිත්තරෙක්. විශේෂයෙන්ම 3D චිත්‍ර අඳින්න ඔහු හරි හපනෙක්. සමහරු 3D චිත්‍ර අඳින්න පහසුකම් නෑ කියා කියා ඉන්නකොට තුෂාර තියෙන සම්පත් වලින් අපූරු 3D චිත්‍ර අඳිනවා. ඔහුගේ අලුත්ම 3D චිත්‍රය තමයි ලියනාඩෝ ඩාවින්සි, මොනාලීසා චිත්‍රය අඳින හැටි. මේ තියෙන්නේ ඒ අපූරු 3D සිතුවම.
පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වුණා. ඒ තේරීම් කමිටුව කරපු ඉල්ලීමකට. නායකත්වයෙන් ඉල්ලා අස්වුණ මැතිව්ස් ඒ ගැන කියලා ක්‍රිකට් ආයතනයට ලිපියක් එවලා තිබ්බා. මේ ලිපියෙන් ඔහු පාර්ශව කිහිපයකටම චෝදනා කරලා තිබ්බා. විශේෂයෙන්ම තේරීම් කමිටුව සහ පුහුණුකරු තමන්ව බිල්ලට දීලා කියලා ඔහු ලිපියෙන් චෝදනා කරලා තියෙනවා. මේ තියෙන්නේ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට යවපු […]
හයිඩ්‍රජන් ගහපු බැලූන් එකක් වගේ ඩොලරයේ අහය එන්න එන්නම වැඩි වෙනවා. රුපියල දැන් හොඳටම බාල්දු වෙලා. මේ නිසා භාණ්ඩ හා සේවා රැසක මිල අහස වෙලා. රුපියල රැක ගන්න රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරා. “ඔබ මිලදී ගැනීමට සිටිනා සුඛෝපභෝගී කාර් රථය මිලට ගැනීම රට වෙනුවෙන් කල් දමන්න, ඔබගේ විනෝදය සදහා සැලසුම් කර තිබෙනා […]
ක්‍රිකට් නම් ඉතින් ලංකාවේ බුකිය තරම් තැනක් නෑනේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක බුකියත් කැළඹුනා. සමහරු ඒ ගැන හොඳ කියද්දී තවත් සමහරු නරක කිව්වා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.
නටාෂා රත්නායක කියන්නේ ගායනයෙන් වගේම රංගනයෙන් රසික හදවත් දිනා ගත්ත තාරකාවක්. කාලයක් විදේශ ගතවෙලා හිටිය නටෂා දැන් ඉන්නේ ලංකාවේ. අලුත් නිර්මාණ ගැන වගේම පවුල් ජීවිතය ගැන නටෂා කියපු කතාව තමයි මේ. කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? ඔව්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ගායනය, රංගනය, නිවේදනය වගේ විවිධ දේවල් කරමින් හිටියා. ගොඩක් කාලයකට පස්සේ මගේම […]
මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල නරක කාලයක්. ලංකාව ආසියානු කුසලානයේ පළවෙනි වටයෙන්ම එළියට වැටුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. මේ අතරේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තවත් බෝම්බයක් පත්තු කරලා තියෙනවා. අද තිබ්බ උත්සවයකින් පසේ ඔහු කිව්වේ ක්‍රිකට් විනාශ කරේ වත්මන් ආණ්ඩුව කියලා. “ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. […]
ශ්රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවෙන්න පුළුවන් කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි. ඌව,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ වන තරමක් තද […]
පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැහැලා තියෙනවා. අද (24) අලූයම තමයි මේ ගිලා බැසීම සිද්ධ වෙලා තියෙන්නේ. අයිනේ තිබ්බ විදුලි කණු සහ ගස් අඩි කිහිපයක් යටට ගිලා බැහැලා තියෙනවා හානි වූ විදුලි පද්ධතිය අලුත් වැඩියා කිරීම මේ වනවිටත් ආරම්භ කර කරලා තියෙනවා.
මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ එක්දින කණ්ඩායමේ නායකත්වය හිස්වෙලා තියෙන්නේ. ඒ අනුව අලුත් නායකයා විදියට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පත් කරලා තියෙනවා. ඒ ප්‍රධාන පුහුණුකරුගේ නියමයෙන්. දිනේෂ් චන්දිමාල් දක්ෂ නායකයෙක් විදියට ප්‍රසිද්ධයි, ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වැටිලා තියෙන ආගාධයෙන් ගොඩ ගැනීමේ වගකීම ඔහුට පැවරෙනවා.