ඊයේ කොළඹට ආව ජනබලය බුකියටත් ආවා. මේ තියෙන්නේ අන්න ඒ ජන බලය බුකියට එනකොට බුකියේ අය හදපු රස කතා තමයි මේ. අපි මේ Post ඔබට පෙන්නන්නේ උපහාසයට මිස අපහාසයට නොවන බව කරුණාවෙන් සලකන්න හොඳේ…
දැන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝගෙම බලාපොරොත්තුව ලබන 15 වෙනිදට පටන් ගන්න ආසියානු කුසලානය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා ඉවරයි. හැබැයි මේ කණ්ඩායමේ ඉන්න අකිල ධනංජය පළමු තරඟ 2 සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ අකිල තම පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් බිරිඳ සමග සිටීමට අවශ්‍ය බවට කළ ඉල්ලීම […]
ඊයේ ලංකාවම බලාගෙන හිටපු ජන බලය කොළඹට ආවා. හැබැයි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට ජන බලය කොළඹ එනකොට කොළඹ වැඩ කරන ජන බලය ගෙදර ගිහින් හිටියේ. ඊයේ කොළඹ ගොඩාක් ආයතන වල සේවකයන්ට දහවල් 12 න පස්සේ ගෙදර යන්න අවසර ලැබුණා. ඉතින් හවස් වරුවේ ජන බලය කොළඹ ආවට ඒ පෙළපාලි ආව මාර්ග ටික අවහිර වුනා ඇරෙන්න […]
Rap කියන්නේ මේ වෙද්දී ලංකාවේ ගොඩක් ජනප්‍රිය සංගීත කලාවක්. හැබැයි මේ Rap කලාවත් එක්ක මත්ද්‍රව්‍ය, අසභ්‍ය වචන, අසභ්‍ය දර්ශන වැඩියෙන් සමාජ ගත වුණා. විශේෂයෙන්ම Rap ගායකයින් මත්ද්‍රව්‍ය සඳහා වැඩියෙන් යොමු වුණා. Smokio කියන්නේ ඒ වගේ ජනප්‍රිය Rap ගායකයෙක්. දක්ෂ Rap ගායකයෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. හැබැයි ඔහු තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබුණා. කොහොම වුනත් ඔහු […]
“ජනබලය කොළඹට” රැළිය මොනවා වෙයිද කියලා මුළු ලංකාවම බලාගෙන ඉන්නේ. ඒ වගේම විදේශ රටවල් පවා මේ ගැන අවදානයෙන් ඉන්නේ. “ජනබලය කොළඹට” රැළිය ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ මෙරෙට වෙසෙන ඇමරිකානු ජාතිකයන් වෙත. අද (05) දින කොළඹදී දේශපාලන රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් , විශාල ජන සමූහයන් මගහැර […]
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය අරගෙන තියෙනවා. ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ […]
අද මුළු කොළඹම ඉන්නේ හෙල්ලිලා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ “ජන බලය” විරෝධතාවය නිසා මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා. මේ නිසා සමහරු වේලාසනින්ම කොළඹින් පිට වුණා. තාමත් “ජන බලය” රැලිය පවත්වන ස්ථානයක් ගැන දැනුම් දීමක් කරලා නෑ. කොහොම වුනත් මේ වන විටත් ජන බලය විරෝධතාවයට සහභාගී වෙන්න රට වටෙන්ම් පිරිසි පැමිණෙමින් ඉන්නවා කියලයි සියත ප්‍රාදේශීය […]
පහුගිය දවසක ජාත්‍යන්තර අභ්‍යවකශ මධ්‍යස්ථානයේ සිදුරක් ඇති වුණා. රුසියාවට අයිති කොටසේ තමයි මේ සිදුර ඇති වෙලා තිබ්බේ. මේ නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් මට්ටම පහළ යාමක් සිද්ධ වුණා. හැබැයි අභ්‍යවකශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් කාටවත් ඉන් හානියක් සිද්ධ වුණේ නෑ. රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ මේ සිදුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. මේ පිළිබඳව තමන් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා […]
ලොකු කුඩා සෑම ජීවියෙකුගේම ජීවිත වල තියෙන්නේ එක හා සමාන වටිනාකමක්. තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නවා කියන්නේ මහඟු පිංකමක්. මේ කියන්න යන්නේ තරුණයින් පිරිසක් කරපු ඒ වගේ උතුම් ක්‍රියාවක් ගැන. වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කරන්න කොන්ත්‍රාත්කරුවන් විසින් වැවේ වතුර ඉවත් කරලා තියෙනවා. මේ නිසා වැවේ හිටිය මාළු මියයාමේ අවදානමකට ලක්වෙලා. මේක දැක්ක වවුනියාව මඩුකන්ද ගමේ […]
සදාචාරාත්මක ජනතා මාධ්‍ය මෙහෙවරක නිරතවෙලා ඉන්න සියත මාධ්‍ය ජාලය ඊයේ තවත් රන් සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ MASSCO AWARD ‘S 2018.මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේදී. එහිදී සියත tv ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කලමණාකාරු උදයශාන් ඉඩමේගෙදර මහතා මාස්කෝ 2018 මාධ්‍යශූරී විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා. “හරි දේ හරියටම” ඉදිරිපත් කරන සියත TV ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මහඟු සේවයක් ඔහු සිද්ධ කරනවා. 2006 […]