2018 ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළිය අද ආරම්භ වුණා. ඒ නුවරඑළිය ග‍්‍රෑන්ඩ් හෝටල් පරිශ‍්‍රයේදීයි. අද ඉඳන් පුරා දින 10 ක කාලයක් මේ සැණකෙළිය පැවැත්වෙනවා. මෙහිදී ස්ට්‍රෝබෙරි ඇසුරින් සිදු කෙරෙන නිර්මාණ රාශියක් දැක බලා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ලොව විශාලතම ඩෙසට් ස්ට්‍රෝබෙරි පීසා නිර්මාණය අද සිදු කලේ නුවරඑළිය ග‍්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් විසින්. කිලෝ 1 400 ක් බර පීසා […]
පාකිස්ථානයේ මීලග අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට ජාතික සබාව විසින් තෝරා පත් කර ගෙන තිබෙනවා. ඒ අනුව ඉම්රාන් ඛාන් හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතයි. පසුගිය ජූලි මාසයේ පැවති මහමැතිවරණයෙන් ඉම්රාන්ඛාන්ගේ පී ටී අයි පක්ෂය ජයග‍්‍රහණය කලා. කුඩා පක්ෂ වල සහය ඇතිව ඔහු නව රජය පිහිටුවීමට සූදානම්. 65 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රධානතම අභියෝගය […]
අයහපත් කාලගුණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල අතර හෙට දක්වා පනවනු ලැබූ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 26 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සදහන් කලේ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම ගුවන්තොටුපල තවදුරටත් වාසා ඇති බවයි. කෙසේවෙතත් කොචින් බලා ගමන් ගැනීමට […]
ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප‍්‍රකාශය ලබා ගෙන ඉන් පිටව ගොස් තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු පැවසුවේ එම නිලධාරීන් පැය 2 හමාරකට අධික කාලයක් එම ප‍්‍රකාශය ලබා ගෙන ඇති බවයි. එම ප‍්‍රකාශය ලබා ගෙන ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගැනීමේ […]
භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයට ද එක් කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කලේ. දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පෞද්ගලික සමාගමක් විසින් මෙම නවීකරණ කටයුතු සිදු කරනු ලබනවා. මේ යටතේ පරිහරණයෙන් ඉවත් කල මැදිරි 140 ක් හා නවීකරණය කිරිමට නියමිතයි. […]
ඉස්සර ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. හැබැයි දැන් ලංකාව ඉන්දියන් සාගරයේ කුණු කූඩය බවට පත්වෙලා. පහුගිය දවසක ඉන්දියාවේ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලමට ගොඩගහලා තිබුණා. ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර, බටහිර සහ වයඹ වෙරළ තීරයන්ට ගොඩගසා ඇතැයි පසුව වැඩිදුරටත් වාර්තා වුණා. ඒ ගැන අනතරු ඇඟවීමක් […]
එළඹෙන නොවැම්බර් මාසයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඔක්තෝම්බර් මස 10දා සිට නොවෙම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිත මෙම දීර්ඝ තරගාවලියට එක්දින තරග 5ක්, විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුලත්. මේ වෙද්දී තරඟාවලියේ ටිකට්පත් අරන් තියෙනවා. හැබැයි මේ ටිකට් පත් වලට එංගලන්තයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විරෝධයක් දක්වලා තියෙනවා. ඒ විදේශිකයන්ගේ ටිකට් මිල […]
https://youtu.be/tZFOUIi3I78
ටෙස්ට් තරඟ වල වේගයෙන්ම ඉහළට එන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ ටෙස්ට් තරඟාවලියත් 2 – 0 ක් විදියට ශ්‍රී ලංකාව ගත්තා. ලංකාවට ඊළඟ ටෙස්ට් තරඟාවලිය තියෙන්නේ එංගලන්තය එක්ක. එංගලන්තය ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ තරඟ 3 ක ටෙස්ට් තරඟාවලියකටත් එක්ක. මේ ටෙස්ට් තරඟාවලියේදී ලංකාවට ICC […]
රජයේ සේවකයින්ට බෝනස් ගන්නවා කියන්නේ ඉතිං නිධානයක් ගන්නවා වගේ තමයි. හැබැයි ඉතිං ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලබන විදියට බෝනස් දෙන්නේ කලාතුරකින්. ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලුම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. මේ වෙනකන් ඔවුන්ට දුන්නේ රුපියල් 5000 ක ප්‍රසාද දීමනාවක් විතරයි. රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන […]
තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හික්කඩුව පටුවත ප‍්‍රදේශයේ දී ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බස් රථයට ඉදිරියෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ගල් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීිසිය පැවසුවේ. ගල් ප‍්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුවට අලාභ හානි සිදු ව තිබෙනවා. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය ආරම්භ කල […]