දවස් 10 ක් පුරා නුවරඑළියේ පැවැත්වෙන Grand Strawberry Fest 2018 දෙවෙනි දවස තමයි අද. ඉතින් අද දවසේ මේ උසත්සවයට සමගාමීව විශේෂ කාරණා රැසක් සිද්ධ වෙනවා. අද උදෑසන විශේෂ බස් රථයක් Grand හෝටලයෙන් පිටත් වුනා නුවර එළිය නගරයට. ඒ විශේෂිත බස් රථයේ තිබුණේ ස්ට්‍රෝබෙරි යොදාගෙන හදපු විශේෂ කෑම වර්ග. ඊයේ හදපු ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා […]
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දුම්රිය වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටලූව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. වැටුප් විෂමතාව මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අවසන් කෙරුණා. පසුගිය 08 වනදා සිට 12 වනදා තෙක් […]
අපි පාවිච්චි කරන දුරකථන වලට දාගන්න Software ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන පුවතක් කුවේට් රටෙන් වාර්තා වෙනවා. ඒ ඇමතුම් ලබාගැනීම සඳහා භාවිතා කළ “Caller ID’’නැමති මෘදුකාංගය ගැන. මේ මෘදුකාංගය පරිශිලකයන්ගේ පෞද්ගලික තොරතුරු හොර රහසේ ලබාගන්නවා කියල කුවේට් සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අධිකාරිය හොයාගෙන තියෙනවා. මේ නිසා “Caller ID’’නැමති මෘදුකාංගය තහනම් කිරීමට පියවර අරගෙන […]
නිරෝගී පැවැත්ම පවත්වාගෙන යන්න අපට නැතිවම බැරි ප්‍රධාන පෙළේ අවයවයක් තමයි කන. කන තියෙන්නෙ අපට ශබ්ද අහන්න විතරක් නෙවෙයි. අපේ ඇඟේ සමබරතාවය රැක ගන්නටත්, ඒ වගේම අපි ඉන්නෙ හිටගෙනද, හාන්සි වෙලාද, වාඩිවෙලාද වගේ අපේ ශරීරය පිහිටා ඇති ඉරියව්ව මොළයට තේරුම් ගන්නටත් උදව් කිරීම කන ඉටුකරන විශාල සේවයක්. මේ වගේ සේවයක් සලසන කන් දෙකත් හදිසියේම ලෙඩ […]
කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනාගේ මිනිය සමහරු ආදාහනය කරනවා. තවත් සමහරු භූමදානය කරනවා. මේ ක්‍රමය ඈත අතීතයේ ඉඳන්ම ලෝකයේ පැවතගෙන එන ක්‍රමයක්. මේ විදිහට මිහිදන් කරපු, රෝම යුගයට අයත් වසර 2000කට වඩා පැරැණි සොහොන් කිහිපයක් පලස්තීනයේ බටහිර ඉවුරේ හෙබ්‍රෝන් නගරය ආසන්නයෙන් හමු වෙලා තියෙනවා. මාර්ගයක කැණීම් කෙරෙන අවස්ථාවකදී තමයි මේ ඉපැරැණි සොහොන් හමුවෙලා තියෙන්නේ. මෙම […]
වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයක පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ සිසුන් 11 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකාර සිසුන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි. අදාළ උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පළමු හා දෙවන වසරවල සිසුන් පිරිසක් විසින් පහරදී […]
ටීනා ශනෙල් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. නිරූපණ ශිල්පිණියක් විදිහටත් ඇය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම පහුගිය දවස්වල ඇය වැඩිපුරම කතාබහට ලක් වුනේ රාජකීය උපන්දින සාදයේදී නටපු නර්තනය නිසා. ඉතින් මේ දවස්වල නිරූපණ කේෂ්ත්‍රයට වැඩිය, ඇය රංගන කටයුතු එක්ක කාර්ය බහුල වෙලා කියල ආරංචියක් ආවා. ඒ අලුත් චිත්‍රපටයකට. ඒ ගැන වැඩි විස්තර තමයි මේ… කොහොමද ටීනා […]
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප‍්‍රදේශයේදීයි. ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් විසින් කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 70 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 23 හැවිරිදි සහ 20 හැවිරිදි රත්මල්වැටිය සහ කුරුණෑගල ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද කහටගස්දිගිලිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට […]
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර සිංගිමලේ ප‍්‍රදේශයටයි. මේ වනවිට පස් කන්ද ඉවත් කොට මාර්ගය යළි සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් දුම්රිය ධාවනය ප‍්‍රමාදයක් සහිතව සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. […]
ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කේරළයේ දිස්ත‍්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති බව සදහන්. අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් දෙලක්ෂ 23,123 දෙනෙකු අවතැන් කඳවුරු 1 500 ක රඳවා සිටිනවා. ඉන්දීය නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් සැණකෙළියක් මේ මාසයේදී ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලිය. තරඟාවලිය ලබන 21 වනදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්න නියමිතයි. මේ තරඟාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට රුපියල් මිලියන දෙකක විශාල තෑග්ගක් හිමි වෙනවා. අනු ශූරයන්ට රුපියල් මිලියන 1.5ක මුදලක් පිරි නැමෙනවා. හැබැයි […]
අද 2018 අගෝස්තු මස 18 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 9.09 සිට උදෑසන 10.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.19 සිට සවස 10.46 දක්වා සුභ දිශාව: උතුර අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය සෙම් අමාරු ඇතිවිය හැක .කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. […]