News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
26

දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්…

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල පැය 2ක හදිසි වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ කෙසේවෙතත් දුම්රිය ප‍්‍රමාදය තවදුරටත් පවතින බවයි. වර්ජනයෙන් පසුව හටගෙන ඇති දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් මගී ජනතාව මේ වන විට දැඩි අපහසුතිවයට පත්ව සිටිනවා. දුම්රිය ස්ථානාධිපති පාලක සහ එන්ජින් […]


Jul
26

කොළඹ නගරයේ හෙට විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න.

Generic placeholder image

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. කොළඹ 03 04 05 06 07 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා. කොළඹ 03 ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වන්නේ ගාලූපාර එඞ්වඞ් පාර 08 වන පටුමග පාසල් පටුමග ඇල්ෆ‍්‍රඞ් හවුස් පාර්ක් […]


Jul
26

විදෙස් තරුණියකට අතවර කිරීමේ සිද්ධියට මුවාවෙන් ධනුශ්ක ගුණතිලකව කණ්ඩායමෙන් එළවීමේ කුමන්ත්‍රණයක් ? – Exclusive

Generic placeholder image

විදෙස් තරුණියන් දෙදෙනෙක්ට අතවර කිරීමේ සිද්ධියකට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ නම ගෑවිලා තිබ්බා. හැබැයි පොලිසිය සඳහන් කරේ ඒ සිදුවීමට දනුෂ්කගේ සම්බන්ධයක් නෑ කියලා. මේ අතර තිළිණ ධණුෂ්ක මේ සිදුවීම පිටුපස තියෙන සැඟවුණ කතාවක් ගැන හෙළිකරලා තිබ්බා. ඔහු සඳහන් කරන්නේ මේ සියල්ල විදෙස් ක්‍රීඩක කළමනාකරුවෙක්ගේ සැලස්මක් කියලයි. මේ තියෙන්නේ ඒ සටහන. උපුටා ගැනීම.. විදේශ තරුණියක් පටලවමින් […]


Jul
26

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට.

Generic placeholder image

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීම අද සිදු වුනා. ඒ අනුව එහි නව සංවර්ධන ව්‍යාපෘතීන් අද ආරම්භ වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්. නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුව ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගෙන තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ […]


Jul
26

පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්.

Generic placeholder image

පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක‍්‍රමය පිලිබදව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වූ බව පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා. එම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරවා කියා සිටියේ ඒ අනුව ලබන මස පළමු වනදා යලි රැස්වීමක් පැවැත්වීමට තීරණය කල බවයි. අද පැවති සාකච්ඡාවේදී පැරණි ක‍්‍රමයට […]


Jul
26

මෙවර FIFA ලෝක කුසලානයේ විශිෂ්ටම ගෝල 10 මෙන්න. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානය අවසන් වුනත් තාමත් ඒ ගැන කතා බහ අඩු වෙලා නෑ. ලෝක කුසලානය දිනා ගත්ත ප්‍රංශය ගැන වගේම තරඟාවලියේ වැඩ පෙන්නපු ක්‍රීඩකයින් ගැනත් තාම ලෝකය පුරාම කතා බහ වෙනවා. 2018 FIFA ලෝක කුසලානයේ හොඳම ගෝල 10 අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ හොඳම ගෝල 10. https://youtu.be/Vw34wMAqWzc


Jul
26

ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනීට මංගල සීනු.

Generic placeholder image

ලංකවේ ගීත රසිකයන්ගේ හදවත් දිනා ගත්ත ගායිකාවක් තමයි දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ. අද හෙටම දීපිකාට මංගල සීනු හැඬවෙනවා කියලා අපිට ආරංචි වුණා. දීපිකාගේ අත ගන්න වාසනාවන්ත වෙලා තියෙන්නේ බැංකු නිලධාරියෙක්. ලබන අගෝස්තු මාසයේ 15 වෙනිදා ඔවුන් විවාහ දිවියට එළඹෙන්න නියමිතයි. විවාහයට ආරාධිතයන් 500 ක් සහභාගී වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.


Jul
26

අතුරුදහන් වූ දරුවා හොයන්න විද්‍යාත්මක පරීක්ෂණයක්.

Generic placeholder image

පහුගිය දා ශ්‍රීපාද අභය භූමියේදී අතුරුදහන් වුන දරුවා හොයන මෙහෙයුම් නවත්වලා තියෙනවා. ඒ දින 5 ක් මෙහෙයුමක් කරලත් මේ දරුවා හොයා ගන්න බැරි වුන නිසා. බළන්ගොඩ සමනලවත්තේ පදිංචි සහන් කුමාර ධර්මසිරි කියන දරුවා තමයි මේ විදියට අතුරුදහන් වෙලා තියෙන්නේ. හැබැයි ඒ වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා හොයන මෙහෙයුමක් පහුගිය 24 වෙනිදා ආරම්භ කරා. න සතෙකුගෙන් […]


Jul
26

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලි කප්පාදුවක්.

Generic placeholder image

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. කොළඹ 03, 04, 05, 06, 07, 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා. හෙට පෙරවරු 09 00 සිට පස්වරු 03 දක්වා අදාළ ප‍්‍රදේශ වලට විදුලිය විසන්ධි කරන බවයි විදුලි බල […]


Jul
26

ආණ්ඩු පෙරලන්න පොහොට්ටුවේ සැලසුම ගැන බැසිල් කියයි.

Generic placeholder image

බලයේ ඉන්න අය බලන්නේ දිගටම බලය තියා ගන්න. විපක්ෂයේ ඉන්න අය බලන්නේ කොහොම හරි බලය තමන්ගේ අතට ගන්න. වත්මන් ආණ්ඩුව පෙරළලා බලය අල්ලන්න බැසිල් රාජපක්ෂ මහතා හදනවා. එතුමා මේ බව කිව්වේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “පළාත් සභා ජන්දය ගන්න තමයි සෑම උත්සාහයක්ම ගන්නේ. මොකද ජන්දය ප්‍රමාද කරනවා. මොන පෙරළිය […]


Jul
26

අතුරුදන්ව සිටින බලංගොඩ ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් පරීක්ෂණ.

Generic placeholder image

අතුරුදන්ව සිටින බලංගොඩ සමනලවත්ත ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් කණ්ඩායම් 04 ක් ඔස්සේ පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. දරුවා අතුරුදන් වී දින 07 ක් ගත වුවද මෙතෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් සෙයා ගැනීමට හැකි වී නැහැ. දරුවා සොයා පොලීසිය හා යුධ හමුදාව එක්ව සිදු කල ස්ථානීය පරීක්ෂාවන් තාවකාලිකව නතර කෙරුනේ පසුගිය 24 වනදායි. විද්‍යාත්මක හා අපරාධ විමර්ශන ඔස්සේ දරුවා […]


News Articles
Latest Videos
Most Popular Post