News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
27

හලාවත කොළඹ පුද්ගලික බස් රථ වර්ජනයක්.

Generic placeholder image

හලාවත කොළඹ පුද්ගලික බස් රථ සේවකයන් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හලාවත කොළඹ බස් රථ රියදුරෙකුට කොළඹ දී පහර දී ඇති බවට පවසමින්. ඊයේ රාත‍්‍රියේ මෙම පහර දීම සිදු කර ඇති බවයි හලාවත කොළඹ පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති චමින්ද හංසා මහතා සදහන් කලේ. ප‍්‍රහාරය සදහා යාපනය කොළඹ පුද්ගලික බස් රථ සේවාවක […]


Jul
27

ඉන්දියාව සමග සාකච්ඡාවකට ඉමිරාන් ඛාන් සූදානම්.

Generic placeholder image

ඉන්දියාව සමග සංවාදයකට තමන් සූදානම් බව පාකිස්ථානු මහ මැතිවරණයෙන් ජය ලබා සිටින පීටීඅයි පක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසනවා. ඉන්දියාව තමන් දෙසට එක් පියවරක් තැබුවොත් තමන් ඒ දෙසට පියවර දෙකක් තබන බවයි ඊයේ ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්රාන් ඛාන් පවසන්නේ වර්තමානයේ පකිස්ථානයේ දූෂණය පිළිකාවක් බවට පත්ව ඇති බවයි. […]


Jul
27

පේරාදෙණිය සරසවිය මාස 02 කට වසයි.

Generic placeholder image

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස දෙකක කාලයක් සදහා වසා දමා තිබෙනවා. ඒ සිසුන් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන්. ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනාථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කළා. ඊට විරෝධය පල කරමින් සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය තුළයි. […]


Jul
27

වැලිකඩ රැඳවියන් 06 දෙනෙක් විශේෂ කුටියකට.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 6 දෙනෙකු වෙනම රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ ඔවුන් සංවිධානාත්මක අපරාධ ක‍්‍රියා සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් බවයි. ඔවුන් රඳවා ඇති ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසර ලත් විශේෂ නිලධාරීන් පිරිසකට පමණයි. අදාළ රැඳවියන් සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර […]


Jul
27

අප්‍රිකානුවන් හා සටනට සිංහයන් දඹුලු යයි. – Photo

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අනිද්දා ආරම්භ වෙනවා. එක්දින තරඟාවලිය තරඟ 5 කින් සමන්විතයි. පලවෙනි තරඟය පවත් වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අනිද්දා තියෙන තරඟයට සහභාගී වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ලට ගියා. හෙට දවසදේ ඔවුන් පෙර පුහුණුවීම ආරම්භ කරන්න නියමිතයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දඹුල්ලට ගිය අවස්ථාවේ ඡායාරූප.


Jul
27

දනුෂ්ක ගුණතිලකට තරඟ 6 ක තහනමක්.

Generic placeholder image

දෙවෙනි ටෙස්ට් තරඟයේදී අර්ධ ශතක 2 ක් වාර්තා කල දනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව ජාත්‍යන්තර තරඟ තහනමක් දැම්මා. ඒ දෙවෙනි ටෙස්ට් තරඟය අතරදී රාත්‍රී 11 වෙනකන් කාමරයෙන් එළියේ හිටිය නිසා. ඒ වගේම විදේශ තරුණියක් දූෂණය කිරීමේ වරදකටත් දනුෂ්කගේ නම ගෑවිලා තිබ්බා. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කරපු පරීක්ෂණයෙන් පස්සේ දනුෂ්කට ජාත්‍යන්ත ක්‍රිකට් තරඟ 6 […]


Jul
27

ශ්‍රී ලංකා තරුණයෙක් ඩුබායි වල දියමන්තියක් උස්සලා. සැලසුම හැදුවේ Happy New Year ෆිල්ම් එකක බලලද? – Video

Generic placeholder image

ශ්‍රී ලාංකිකයන් කියන්නේ ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජාතියක් කියනවනේ. තමන්ගේ බුද්ධිය නිසා ලෝකයේ කීර්තියට පත්වුන ශ්‍රී ලාංකිකයන් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි බුද්ධිය වැරදියට භාවිතා කරලා රටේ නම කැත කරන කිහිප දෙනෙකුත් ඉන්නවා. ඩුබායි සමාගමකින් වටිනා දියමන්තියක් හොරකම් කරපු ශ්‍රී ලාංකිකයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක ගේට්ටු 3 ක් පහුකරලා ගිහින් තමයි මේ මහා හොරකම කරලා […]


Jul
27

Facebook CEO ගේ කට නිසා සකර්බර්ග්ට බිලියන 15 ක් පාඩුවක්.

Generic placeholder image

ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය තමයි Facebook කියන්නේ. ලෝකයේ විශාලම සමාගම් අතරත් ඉහළින්ම Facebook සමගම ඉන්නවා. හැබැයි ඊයේ Facebook සමාගමට නොහිතපු දෙයක් එකපාරටම වුණා. ඒ ඔවුන්ගේ කොටස් මිල 19% කින් කඩන වැටුණා. අමෙරිකානු කොටස් වෙළදපලේ එක් දිනකදී සමාජ මාධ්‍ය ජාල සමාගමක් අත්විදි විශාලතම මුල්‍ය පාඩුව එය ඉතිහාසගත වුණා. මේ නිසා මාර්ක් සකර්බර්ග්ට අමෙරිකානු ඩොලර් බිලියන 15 […]


Jul
27

දකුණු අප්‍රිකානුවන්ට තරු පෙන්නපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ICC යෙන් තෑගී. – Photo

Generic placeholder image

අවසන් වුන දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. ටෙස්ත් තරඟාවලියේ ඉහල දස්කම් පෙන්නපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ටම ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා. තාමත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල ශ්‍රී ලංකාව ඉන්නේ 6 වන ස්ථානයේ. හැබැයි ලංකාවේ ප්‍රසාද ලකුණු ගණන 97 දක්වා ඉහළ ගිහින් තියෙනවා. […]


Jul
27

හෙට ඉඳන් කොළඹ කළුවරේ. හේතුව මෙන්න.

Generic placeholder image

හෙට ඉඳලා ලබන 31 වෙනිදා වෙනකන් කොළඹ කළුවරේ තියන්න විදුලි බල මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු නිසා. මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ තමයි මේ අලුත්වැඩියා කිරීම් කරන්නේ. මේ විදුලි කප්පාදුව අද සිදු කරන්න තමයි නියමිත වෙලා තිබ්බේ. හැබැයි මේ නඩත්තු […]


Jul
27

දකුණු අප්‍රිකානුවන් ලංකාවට ක්‍රිකට් පුහුණු කරයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ලබන 29 වෙනිදා ආරම්භ වෙනවා. ඉටා කලින් පුහුණු තරඟයක් ඊයේ පවත් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර. මේ තරඟයෙන් ලකුණු 63 ක ජයක් ලබා ගන්න අප්‍රිකානුවන් සමත් වුණා. මුලින්ම ලකුණු රැස් කළ දකුණු අප්‍රිකාව සියලු දෙනාම දැවී ලකුණු 293 ක් ලබා […]


Jul
26

පොත් කියවන බන්ධනාගාර රැදවියන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීමට යෝජනාවක්.

Generic placeholder image

පොත් කියවන රැදවියන්ගේ දඬුවම් කාලයෙන් යම් කාල සීමාවක් ලිහිල් කිරිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ අද පැවති උත්සවයක් අමතමින්. ඊට අදාළ යෝජනවා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙහිදී තමන් පොතක් කියවුයේ නම් ඒ පොත පිළිබඳව සමාලෝචනයක් හො […]


News Articles
Latest Videos
Most Popular Post