News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
29

අද තරඟයට කලින්, ඊයේ හවස තිලංග සුමතිපාල දඹුල්ල පිටියට ගියේ ඇයි ? (PHOTO)

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා තමයි තිලංග සුමතිපාල. ඔහුගේ ධූර කාලය අවසන් වුණේ 2018 අප්‍රේල් මාසයේ. ඊට පස්සේ ක්‍රිකට් ආයතනයේ පාලනයට ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරියෙක් පත්කලා. ඔහු තමයි නිසි බලධරයා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයාට නිත්‍යානුකූලව ක්‍රිකට් ආයතනයේ කිසිඳු බලයක් නැහැ. ඒ වුනත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුල්ල […]


Jul
29

බුලත්සිංහල මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට.

Generic placeholder image

බුලත්සිංහල, නාරගල ප‍්‍රදේශයේදී පෞද්ගලික සමාගමක් විසින් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් රැුගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු ද සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි ආකාරයට ඔහු සිය ගිනි අවිය ද බැහැර කර තිබීම […]


Jul
29

උසස්පෙළ උපකාරක පංති අනිද්දා සිට තහනම්.

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අතිරේක පංති, සම්මන්ත‍්‍රණ සහ ඒ ආශ‍්‍රීත ක‍්‍රියාකාරකම් නැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා. උසස් පෙළ විභාගයට අදාළව අතිරේක පංති පැවැත්වීම, සම්මන්ත‍්‍රණ දේශන ආදිය සංවිධානය කිරීම තහනම් වන්නේ ලබන 31 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් පසුවයි. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඉගැන්වීම් කටයුතු ලබන මස […]


Jul
28

එක්දින තරඟාවලිය ලංකාවට Off Season වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය හෙට ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් උදේ 9.45 ට තරඟය ආරම්භ කරන්න නියමිතයි. තරඟයට කලින් අපි හොයලා බැලුවා මේ තරඟයේ වැඩි වාසි කාටද කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම බාර වෙලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ප්ලේසී දකුණු අප්‍රිකාවට නායකත්වය දෙනවා. ශ්‍රී ලංකාව […]


Jul
28

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ අවසන් ගමන් යයි. – Photo

Generic placeholder image

මේ ලෝකෙට ආවොතින් කවදා හරි ආයෙමත් යන්නම වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. රංගන ශිල්පී ඉන්දික ගිනිගේ පහුගිය දා හදිසියේම මියගියා. ඔහුගේ අවසන් කටයුතු ඊයේ පැවැත්වුණා. මිය යද්දී ඉන්දික 37 වන වියේ පසු වුණා. මිය යන්න කලින් ඉන්දික ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සිය ඇස් ද දන්දී තිබෙන බවට වාර්තා වෙනවා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්න […]


Jul
28

කුඩු සහ බෝම්බ හොයන්න ලෝකයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා යුධ හමුදාවට මුගටි බලකායක්. – Photo

Generic placeholder image

අතීතයේ ඉඳන්ම හමුදා මෙහෙයුම් වලට සතුන් යොදා ගත්තා. අශ්වයින් සහ අලි යුද්ධයට යොදා ගත්තා කියලා අපේ ඉතිහාස කතා වල සඳහන් වෙනවා. ඒ වගේම බල්ලන් හමුදා මෙහෙයුම් වලට යොදා ගන්න එක තාමත් ලෝකය පුරාම සිද්ධ වෙන දෙයක්. හැබැයි ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝකයේ කොහෙවත් හමුදා මෙහෙයුම් වලට භාවිතා නොකරපු සතෙක් යොදා ගෙන බලකායක් හදන්න යනවා. ඒ […]


Jul
28

ඉම්රාන් ඛාන්ගේ ජය තහවුරු වෙයි.

Generic placeholder image

පකිස්ථාන මහ මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප‍්‍රථිඵල අනුව ජයග‍්‍රහණය සනාථ කරගෙන සිටින හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් සිය තාරික් ඊ ඉන් ෂාෆ් පක්ෂය සමග අන් පක්ෂ සන්ධානගත කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සුළු පක්ෂවල සහායෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ඉම්රාන් ඛාන් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පූර්ව මැතිවරණ ප‍්‍රථිඵලවලට අනුව ජාතික සභාව සදහා […]


Jul
28

ශ්‍රී ලංකාව නිසා සිහින බොඳ වුන සුපිරි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ ප්‍රභලම වේග පන්දු තුරුම්පුවක් තමයි ඩේල් ස්ටේන්. හැබැයි ශ්‍රී ලංකාව එක්ක ටෙස්ට් තරඟාවලියේදී මේ තුරුම්පුව වැඩ කරේ නෑ. ලංකාවේ පිතිකරුවන් ඩේල් ස්ටේන්ට එලව එලවා පහර දුන්නා. ශ්‍රී ලංකාව එක්ක තියෙන එක්දින තරඟාවලියටත් ඩේල් ස්ටේන් නම් කරලා නෑ. මේ නිසා 2019 ලෝක කුසලානයෙන් පස්සේ එක්දින සහ T20 තරඟ වලින් සමුගන්නවා කියලා ඩේල් ස්ටේන් ප්‍රකාශ […]


Jul
28

බල්ලෙක් නිසා කුවේට් යුවලකගෙන් රේගුවට ප්‍රහාරයක්.

Generic placeholder image

රටකින් රටකට සතෙක් හරි පැළයක් හරි ගෙනියනවා නම් අනුගමනය කරන්න ඕන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. එකට විශේෂ අවසරයක් ගන්න ඕන. අනවසරයෙන් ලංකාවට බල්ලෙක් අරගෙන ආව කුවේට් යුවලක් නිසා ලංකාවේ රේගු නිලධාරීන්ට ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා. කුවේට් යුවල අරගෙන ආපු බල්ලා සත්ත්ව නිරෝධන රෙගුලාසි යටතේ රෙගු නිලධාරීන් රඳවාගෙන. පැය 24 කින් ඇවිත් අරගෙන යන්න කියලා. ඒ වෙලාවේ […]


Jul
28

සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ලෝකෙටම පෙනුන හැටි. – Photo

Generic placeholder image

මේ විශ්වය විශ්මිත දේවලින් පිරුණු තැනක්. තාමත් මිනිසාට හිතාගන්නවත් බැරි වුන ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා. චන්ද්‍රග්‍රහණ කියන්නේ ඒ වගේ තවත් විශ්වයේ විශ්මිත සිදුවීමක්. මේ සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය අද අළුයම සිද්ධ වුණා. අලුයම 1.00 ඉඳන් 2.43 වෙනකන් පැයයි විනාඩි 43 ක් මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වුණා. ලෝකයේ ගොඩක් රටවලට මේ චන්ද්‍රග්‍රහණය පෙනුණා. මේ තියෙන්නේ ලෝකය වටේම […]


Jul
27

පැය 11 ක මෙහෙයුමකින් 3 325 ක් අත්අඩංගුවට.

Generic placeholder image

දිවයින පුරා පැය 11 ක කාලයක් තුල සිදු කල විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 3 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 948 ක් වරෙන්තු කරුවන් බවයි. විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති වරෝධී මත්ද්‍රව්‍ය වලට අදාලව අත්අඩංගුවට ගෙන […]


News Articles
Latest Videos
Most Popular Post