පකිස්ථානයේ ඡුන්ද මධ්‍යස්ථානයක සිදු වු මරාගෙන මැරෙන බොම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ක්වෙටා ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
https://youtu.be/IY0XaTAVuss
Facebook කියන්නේ තරු වෙන්නත් තරු වෙලා ඉන්න අයට තවත් ජනප්‍රිය වෙන්නත් හොඳ වේදිකාවක්. මේ කියන්න යන්නේ ලංකාවේ නිළියන් අතරින් Facebook වාර්තා තියලා තියෙන නිළියන් ගැන. ලංකාවේ නිළියන්ගේ Facebook Fan Page වලින් වැඩියෙන්ම Likes තියෙන්නේ යුරේනි නොශිකාගේ Fan Page එකට. 1,111,845 දෙනෙක් ඇයගේ Fan Page එකට Like කරලා තියෙනවා. ඇඟේ Photo එකක් සඳහා ලැබුන වැඩිම Likes […]
පළාත් සභා මැතිවරණය කුමන ක‍්‍රමවේදයකට හෝ ඉක්මණින් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදියි. පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂය විරුද්ධ බවත් එය පැවැත්වීමේ ක‍්‍රමවේදය පිළිබදව ඉක්මණින් තීන්දුවක් ගැනීමටත් එහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙනවා. ඊට අමතරව සමෘද්ධි සහනාධාරය […]
උද්ඝෝෂණ, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ලංකාවට නම් අලුත් දෙයක් නෙවෙයි. හැමදාම රටේ කොහේ හරි තැනක ඒ දේවල් සිද්ධ වෙනවා. උද්ඝෝෂණයක් නිසා ලෝකයේ ප්‍රධානම පාපැදි සවාරිය සුළු වේලාවක් නවත්වන්න වෙලා තියෙනවා. ප්‍රංශ පාපැදි සවාරියේ 16 වෙනි අදියරේදී තමයි මේ බාධකය ඇති වුණේ. 16 වෙනි අදියර වැටිලා තිබ්බේ ප්‍රංශයේ Carcassonne ඉඳලා Bagneres-de-Luchon දක්වා. හැබැයි මේ අදියරේ කිලෝමීටර් […]
ආසියාවේ ක්‍රිකට් පතාකයින් සටන් වඳින “ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ” කාලසටහන් මේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය ඇතුළු ක්‍රිකට් කණ්ඩායම් 6 ක් මේ කුසලානය වෙනුවෙන් තරඟ කරනවා. මේ කණ්ඩායම 6 කාණ්ඩ 2 ක් යටතේ තරඟාවලිය එකතු වෙනවා. “A කාණ්ඩය” යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරඟ වදිනවා. සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් […]
කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනවා කියනවනේ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ යද්දී එක්කෝ වේගයෙන් ගියා කියලා පොලීසිය දඩ ගහනවා. එහෙම නැත්නම් වාහනේ ආරක්ෂක වැටක වැදුනා කියලා මාර්ග සංවර්ධන අධිකාරියෙන් දඩ ගහනවා. හැබැයි අධිවේගයේ තිබ්බ ගලක් නිසා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වන්දි ඉල්ලපු පුවතක් වාර්තා වෙනවා. මහරගම පදිංචි ව්‍යාපාරිකයෙක් තමයි මේ විදියට වන්දි ඉල්ලලා ඊයේ (24) බණ්ඩාරගම පොලිසියට […]
රේඩියෝ කලාවේ අලුත්ම මානයන් හොයාගෙන යන ලංකාවේ එකම රේඩියෝ Channel එක සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ලෝකෙටම හඳුනවා දුන්න අලුත්ම රේඩියෝ සෙල්ලම. ඇහැට පේන, කනට ඇහෙන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලම තමයි “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ. සතියේ දවස්වල උදේට සහ හවසට රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්න මේ සෙල්ලමෙන් ඔබට අවස්ථාව ලැබෙනවා. සියත FM You Tube […]
පාකිස්ථාන මහ මැතිවරණය එරට වේලාවෙන් ආරම්භ වුණා. අද පෙරවරු 8.00 ට පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික සංඛ්‍යාවක ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදුවනවා. නව රජයක් පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ පකිස්ථාන වැසියන් අද සිය ඡුන්දය භාවිත කරනු ඇති. මැතිවරණ ආරක්ෂාව සඳහා නිලධාරීන් තුන්ලක්ෂ 71,000 ක් අනුයුක්ත කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට අධිකරණ බලතල ලබාදීමට ද […]
මැදවච්චිය, පූනෑව ප‍්‍රදේශයේ අද උදෑසන බස් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයක්. පොලිසිය පැවසූවේ රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවයි. අනතුරින් බස් රථයේ ඉහළ ආවරණය ගැලවී ගොස් තිබෙනවා. තුවාල ලබූවන් ප‍්‍රතිකාර […]