ඊයේ තමයි ලෝකයේ හදවත් ඇති මිනිසුන්ගේ හදවතට සහනයක් ලැබුණේ. ඒ තායිලන්තයේ ගුහාවක හිරවෙලා සිටිය ළමයි සහ පුහුණුකරු බේරා ගත්ත නිසා. ඊයේ හවස් වෙද්දී ඒ සියලු දෙනාම බේරා ගන්න ලෝකයක් එකතු වෙලා කරපු මෙහෙයුමකින් පුළුවන් වුණා. ඔවුන් දවස් 18 ක් මේ ගුහාවේ හිරවෙලා හිටියා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් රැසක් ගලවාගැනීමේ මෙහෙයුමට එකතු වෙලා හිටියා. හැබැයි […]
අද 2018 ජූලි 11 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.16 සිට 1.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.16 සිට 1.42 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. […]
තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසල් පාපන්දු කි‍්‍රඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වනවිට නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ගුහාවෙන් පිටතට ගත් වහාම ඔවුන් හෙලිකොප්ටර් යානා මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ ඔවුන් සියලූ දෙනා මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වනවා. https://twitter.com/twitter/statuses/1016652303690969091
ව්‍යාජ ගමන්බලපත‍්‍ර යොදාගනිමින් බ්‍රිතාන්‍ය බලා යාමට උත්සාහ කළ ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස 08 ක සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස සිර දඩුවම් නියම වුයේ 27 හැවිරිදි පුද්ගලයෙුට සහ 46 හැවිරිදි කාන්තාවකටයි. සිංගප්පූරුවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී එරට චැංගි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය […]
දවසින් දවස අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දෙනවා. අදත් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදීයි. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතායි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දුන්නා. ලකී ජයවර්ධන මහතා මීට පෙර කටයුතු කළේ කඳුරට නව […]
ජපානයට බලපා ඇති ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සදහන්. ඔවුන් සෙවීම සදහා මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඇතැම් ප‍්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් මිලියන දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ආපදා හේතුවෙන් පුද්ගලයින් මිලියන […]
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය මැයි 03 වනදා රාති‍්‍රයේ […]
සීගිරියට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් අද විරෝධතාවක නිරත වුණා. සීගිරි සංචාරක උපදේශක සංගමය පැවසුවේ සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු කළ පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කළ බවයි. බලපත‍්‍ර නොමැතිව චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ සීගිරිය නැරඹීම සඳහා මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි චීන ජාතිකයෙකු සහ මෙරට මඟ පෙන්වන්නෙකු අතර […]
තැපෑල හරහා සිදු කල මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අණාවරණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දි මෙරටට රැුගෙන ආ හෙරොයින් ග‍්‍රෑම් 227ක් ඊයේ පස්වරුවේ සොයාගත් බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයා ඇතුළු තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ද බන්ධනාගාරයේ සිට […]
පිටකොටුව හෙට්ටි වීදිය හා ජම්පටා වීදියේ ප‍්‍රදේශ වලදී සිදු වූ වෙඩි තැබීම් සම්භන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගියේ කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙක්. එය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට […]