ලෝකයම එකම සැණකෙළියක් කරපු FIFA ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද ආරම්භ වෙනවා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අද සටන් වදින්නේ ප්‍රංශය සහ බෙල්ජියම. 1998 වසරේ ෆිෆා ලෝක ශූරයින් වූ ප‍්‍රංශය යළිත් එම සිහිය සැබෑ කර ගැනීමේ අරමුණින් අද පැවැත්වෙන අවසන් පුර්ව වටය සදහා සහභාගී වන බව ප‍්‍රංශ ජනාධිපත් එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. හැබැයි අසල්වැසි […]
ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට හිමි වුණා. මෙම සම්මාන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුනේ සිංගප්පූරුවේ යි. මෙහි විශේෂ ආරාධිතයන් වශයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය සහභාගී වුණා. […]
පුත්තලම කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා සොයා ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත‍්‍රියේ කොළඹ වේල්ලවීදිය ප‍්‍රදේශයේ බස් නැවතුම්පොලක රැදී සිටියදීයි. මෙලෙස අතුරුදන් වී සිටියේ කිවුල තරුණ ගම්මානයේ සිටි 07 හා 09 ශ්‍රේණි වල දරුවන් දෙදෙනෙක්. දරුවන් පසුගිය ඉරිදා සිට අතුරුදන් බවයි ඔවුන්ගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණේ. ඒ අනුව දරුවන් සොයා […]
ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය ජය ගත්ත සුරූපී නිලියක්. ඇයගේ දස්කම් නිසාම හොලිවුඩයත් ජයගන්න ප්‍රියංකාට පුළුවන් වුණා. පහුගිය දවසක ඇයගේ ඇමෙරිකානු පෙම්වතා එක්ක ප්‍රියංකා ඉන්දියාවට ආවා. රංගනයෙන් වැඩ පෙන්නුවා ප්‍රියංකා චිත්‍රපට නිෂ්පාදනයටත් අත ගහන්නයි යන්නේ. ඒ “Relationship” චිත්‍රපටිය හරහා. හැබැයි පටන් ගත්ත තැනම ප්‍රියංකාගේ චිත්‍රපටියට බාල්දියක් පෙරළිලා තියෙනවා. ප්‍රියංකාගේ Relationship චිත්‍රපටිය විස්ව භාරතී විශ්ව විද්‍යාලයේ රූගතකිරීම් […]
https://www.facebook.com/Art8585/videos/963804527104673/
කාලයක් අතුරුදහන් වෙලා තිබ්බ වැස්ස ආයෙත් ලංකාවට ඇවිත්. මේ දවස් කිහිපයේ කොළඹ ඇතුලූ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලෙමින් තියෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති වෙනවා කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ වගේම දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකියි කියලා ඔවුන් දැනුම් […]
https://youtu.be/ubLD2Re_VDM
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවුන විශිෂ්ඨ වේග පන්දු යවන්නත් අතළොස්සෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග. කාලයක් ලෝකය පුරා පිතිකරුවන්ගේ එකම භීතිකාව වුණේ ඔහු. හැබැයි ඇත්ත කතා කිරීම නිසාම ලංකාවේ ක්‍රිකට් බලධාරීන් ප්‍රසිද්ධියේම ඔහුව කපා දැම්මා. ඒ නිසා අපේ රටේ වටිනා සම්පතක් නිකරුණේ අපතේ යන්න හැරලා තියෙනවා. බලධාරීන්ගේ කැපිලි නිසා ලංකාව වෙනුවෙන් වැඩ පෙන්වන්න අවස්ථාවක් කාලෙකින් මාලිංගට […]
ආණ්ඩුවේ තවත් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන වාර්තා වෙනවා. ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා. කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට ඇමතිකම බාධාවක් නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් කියලයි එතුමා කියන්නේ. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද තවත් නිවාස […]
වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම සදහා නව ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. අල්ලස් හෝ දූ ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කලේ අන්තර්ජාලය මගින් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කල හැකි බවයි. එම ක‍්‍රමවේදයට අදාළ ඊට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා. වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා ගැනීමේදී ගත වන කාලය අවම කර ගැනීම […]
පහුගිය සතියේ උදේට තෙල් මිල වැඩි වෙලා හවසට තෙල් මිල අඩු වුණා. මේ නිසා ජනතාව හිටියේ නූල් බෝලේ පැටලුන පූසෙක් වගේ. ඒ නිසාම තෙල් මිල ගැන එක තීන්දුවක් ගන්න කැබිනට් මණ්ඩලය අද රැස් වෙනවා. මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් […]