සතියේ දවස් වල සවස 05.00 ට සියත fm ඔස්සේ නිකමට වගේ අහන්න.
ජාතික වනෝද්‍යාන තුළ සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශක නිලධාරීන් අනිද්දා දින වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ සේවය ස්ථිර නොකිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බව සමස්ත ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ආර්. චමින්ද කියා සිටියා.
මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් […]
සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද(30) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. වසර 10 තිස්සේ බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බැවින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව අති බව මෙහිදී ඔවුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසූ අතර මෙම ආණ්ඩුවේ වගකීම් දැරීමට කිසිවෙකු නොමැති නිසා […]
හැමෝම දන්න විදියට ලෝකයට පායන්නේ එක සදයි. ඒත් කෘතීම සදක් නිර්මාණය කිරීම පිලිබදව චීනයෙන් වාර්තා වී තිබෙනවා. මේ ඒ පිලිබද ඔබ නොදන්න කරුණු ටිකක්.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 23 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. නඩුවට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ට ලබාදී නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් […]
හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් අද මරණ දඩුවම නියම කළා. මෙම සැකකරු හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 689 ක් සමඟ 2016 ජනවාරි 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ශ්රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ මේ වනවිට රුපියල් මිලියන 777ක ප්‍රතිලාභ ලබාදී තිබෙන් බව වාර්තා වෙනවා.ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව 17,308 කි. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර […]
හදිසි නීතිය යටතේදීත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්මේතුන්තුව සදහන් කලේ. මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු විභාග […]
මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා ඊයේ (29) සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. 1985 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වූ ඒ මහතා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වනවා. අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ලෙස සේවය කර ඇති ධර්මපාල මහතා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ […]
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් මේ වන විට කුරුණෑගලදී පැවැත්වෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට රැස්වූ භික්ෂුණ් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් කුරුණෑගල නගරයට පා ගමනින් ගොස් යලිත් රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන බව සදහන්. මෙම විරෝධතාව හේතුවෙන් කුරුණෑගල නගරයේ විශාල රථවාහන තදබදයක් ද හටගෙන ඇති අතර […]