අද අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ අවසන් දිනයයි. අය වැය අවසන් ඡන්ද විමසීම අද පස්වරු 05 00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා. නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අය වැය පසුගිය මාර්තු පස් වනදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. දෙවන වර කියවීමේ විවාදය දින 06 ක් පැවැත්වුණා. අය වැය දෙවන වර කියවීමේ ඡන්ද […]
විල්පත්තු ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් පක්ෂ සාකච්ඡාවක් කැඳවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. සභානායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිඛෙනවා. ඒ වෙනුවෙන් අද (05) දිනයේ ශ්‍රෙෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අගවිනිසුරුවරයා වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 12 වෙනිදා මෙරට 46 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් නලින් පෙරේරා මහතා මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන් අගවිනිසුරුවරයෙක් ද වනවා. ඒ පාර්ලිමේන්තුව […]
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබෙනවා. ඒ, ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 04 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් […]
වැලිකඩ සිරකරු ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා. එම නියෝගය ලබා දුන්නේ ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප […]
සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන් 278 කට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දී තිබෙනවා. එම උත්සවය පැවැත්වුණේ කොළඹ ජාතික රෝහලේ ස්නායු ඒකකයේ ශ්‍රවණාගාරයේ දී අද පෙරවරුවේ දීයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍ය නිලධාරීන්ට වසරකට සීමාවාසික වෛද්‍ය පත්වීම් අවස්ථා දෙකක දී […]
සීලාවතුර ප්‍රදේශයේ තිබෙන වනය හෙළි කළේ ආරක්ෂක අංශය බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරනවා. එතුමා මේ බව සඳහන් කළේ අද දින පැවති පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනුයි. එසේම විල්පත්තු විනාශය ගැන විගනකාධිපති දෙපාර්තුමේන්තුවේ වාර්තාවද තමා පිළි නොගන්නා බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා. විල්පත්තු විනාදය පිටුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් වගේම තවත් ව්‍යාපාරිකයෙක් සිටින බව […]
ජාතික විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (04) වන විට පිටාර මට්ටමේ සිට අඩි 67 පහල බැස ඇති අතර , දැනට එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබාගත […]
ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නවතම ගීතය ”හිත මුලා කරලා” නිකුත් කර තිබෙනවා. මෙහි පද රචනය, තනු නිර්මාණය වගේම ගායනයත් විරාජ් පෙරේරා විසින් සිදු කිරීම විශේෂත්වයක්. සංගීතය සැපයීම දෙනුවන් විතානගේ. වීඩියෝ අධ්‍යක්ෂණය ඉසුරු වැලිවිටිගොඩ සහ තරිඳු කංකානම්.
මෙවර අයිපීඑල් තරඟාවලිය වෙනුවෙන් මාලිංග නියෝජනය කරනවා. එම තරඟයෙන් අනතුරුව පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලිය නියෝජනය කිරීමට මාලිංග දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ පැවති තරඟාවලියේදී කඩුලු 3ක් දවාගන්න මාලිංග සමත් වුණා. අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයක් අද (04) පැවැත්වෙනවා. ගාල්ල කණ්ඩායමේ නායකයා වන්නේ මාලිංගයි.
චුන්නාකම් ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 200 ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා. ඒ චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වීමේ හේතුවෙනුයි. මෙම පෙත්සම ගොනු කර තිබුණේ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා. මෙම විදුලි බලාගාරය නිසා භූගත ජලයට තෙල් හා ග්‍රීස් මිශ්‍ර වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් 500 කට උපරිම රුපියල් […]
පෙර පැවති පොලිස් නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙස ජෝන් අමතුරංග මහතා අද පෙරවරුවේ තිබූ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා.