මෙවර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ සඳහා පක්ෂව ඡන්දව 119 ක් ද, විපක්ෂව ඡන්ද ක් 74 ද, ලබා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/wRLelLxDkoU
හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා වෙත පවරා තිබූ මරණ දඬුවම අද(05) අභියාචනාධිකරණය මඟින් ස්ථිර කර තිබෙනවා. අදාල දඬුවම වෙනුවෙන් වෙලේසුදා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය මෙසේ ප්‍රතික්ෂේප කර තිබූ අතර දීපාලි විජේසුන්දර, අචලා වෙන්ගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නා.
පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමේන්තුවට එළඹෙන මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් වසා දමා තිබෙනවා. මෙම විරෝධතාවය ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් වන අතර පොලිස් මාර්ග බාධක දමමින් තාවකාලිකව වසා තිබෙනවා.
වසර මිලියන 43 පැරණි පාද හතරක් සහිත තල්මසෙකුගේ පොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා. මෙම ජීවියා අඩි 13 ක් පමණ දිග, ජලයේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකි ජීවියෙක් ලෙස පාෂාණධාතුක විද්‍යාඥයින් විශ්වාස කරනවා. වර්තමානයේ දැකිය හැකි ජීවියෙක් වන බීවර් සහ ඔටර් යන සත්ත්වයින්ට මෙම සත්ත්වයකින් සම කළ හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. එම ජීවියාගේ පාද හතර […]
ඊයේ (05) නුවර පැවති තරඟයට සහභාගී වී සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලසිත් මාලිංග ලකුණු 156 ක් ලබාගෙන ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරවනු ලැබුවේ එහි නායකත්වයද දරා ගනිමින්. පළමුව තරඟයට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 ක් හමුවේ සියල්ලන් දවී ලකුණු 255 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 65 යි.සදුන් වීරක්කොඩි ලකුණු 56 යි. කසුන් රාජිත, […]
ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කර ඉන් අනතුරුව ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීම් සඳහා සී.අයි.ඩී භාරයට ගත් හතරදෙනා මුදා හැර තිබෙනවා. මේ අතර රංගන ශිල්පී රයන් වැන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය දිමට වූවද තමා සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරා. ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් දේශපාලනයට දුන් විවේකයද අවසන් කරන බව එතුමා සඳහන් කළා.
ඊයේ (04) පැවති අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් එකම වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 30 ක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කෙරුවා. තවද, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේද ප්‍රමාණවත් යානා නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරා.
ඉතියෝපියාවේ දී අනතුරට පත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානය බිමට පතිත වීමට පෙර අවස්ථා කිහිපයකදීම ලම්බාකාරව පහත්වී ඇති බව අණාවරණය වී තිබෙනවා. මෙම තොරතුර දැක්වූනේ අනතුර සම්භන්ධයෙන් සිදු කල මුලික පරීක්ෂණ වලදීයි. අනතුර වළක්වා ගැනීම සඳහා යානයේ නියමුවා අවස්ථා කිහිපයකදීම බෝයිං සමාගම විසින් ලබාදී ඇති නිවැරදි ක්‍රමවේද අනුගමනය කර ඇති බවද එහි දැක්වෙනවා. නමුත්, […]
නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ සැකකරු අද යළිත් එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මනුෂ්‍ය ඝාතන 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා ඔහු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි නවසීලන්ත පොලීසිය සදහන් කලේ. වෙඩි තැබීම් කළ 28 හැවිරිදි වියේ පසුවන ඕස්ටේ්‍රලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට් විඩියෝ තාක්ෂණය […]
අද සිට ලබන 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12 12 ට දික්වැල්ල කැකුණදුර කොටවිල සහ මිදිගම ප්‍රදේශ වලට සෘජුව සූර්යයා මුදුන්වන බවයි. වයඹ පලාත ගම්පහ වව්නියාව මුලතිව් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා අද උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතී. ඇතිවන අපහසුතා […]