ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය නව දුරකතන අංක 03ක් ජනතාවට හඳුන්වා දී තිබෙනවා.මෙහි අරමුණ වනුයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ තොරතුරු පොලීසිය වෙත කඩිනමින් දැනුම් දීමේ ඇති හැකියාව වර්ධනය කිරීමයි. එම අංක වන්නේ 011 30 24 820 / 011 30 24 848 / 011 30 24 850
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් භේද කිරීම සඳහා එජාපයේම මැතිඇමතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පිරිසක් සැලසුම් සහගතව කටයුතු කරගෙන යන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙනවා.අනවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ පැවසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුමක් ඇතිකිරීමට මෙම පිරිසට උවමනාවී තිබෙන බවයි එම පෙරමුණ පෙන්වා දී […]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් අද දිනයේදී මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිඛෙනවා.අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට එම මෝසම ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ. අනුරාධපුර – නව පුත්තලම මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කේ.ඩී ලාල්කාන්ත මහතා අත්අඩංගුවට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු පත්වීමයි. තමන්ගේ පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ආශිර්වාද හිමි වීම බව උදිත් ලොකු බණ්ඩාර මාධ්‍යයට පවසනවා.
පුටින්ගේ ප්‍රථම විවාහය 1952 වසරේ සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද්හි (වර්තමානයේ සාන්ත පිතර්බුර්ග් නමින් හඳුන්වන්නේ මෙම ප්‍රදෙශය යි) උපත ලබන ව්ලැදිමීර් පුටින් 1970 දී ලෙනින්ග්‍රාද්හි රාජ්‍ය විශ්වවිද්‍යාලයට බැඳී නීතිය හදාරනවා. පසුව සෝවියට් සංගමයේ රහස් ඔත්තු සේවය වන KGB ආයතනයට ඇතුලත් වෙනවා. ඒ 1975 වසරේ දී යි. ඔහු පුහුණුව ලබන්නේ සෝවියට් රුසියාවේ ලෙනින්ග්‍රාද්හි 401 වන KGB පුහුණු පාසලේ […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුනු අප්‍රිකානු කන්ඩායම අතර දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කන්ඩායම ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මෙහොතට පෙර සමත් වුණා. ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුනු 252ක්. දකුනු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු […]
ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ලංකා ඉතිහාසයේ ධිවර කර්මාන්තයේ අදුරුම කාලය අවසන් කර දේශීය ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය කරා […]
මෙතෙක් අත්අඩංගුවට ගත් සියළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලබන අපේ‍්‍රල් මස පළමු වනදා විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද ප‍්‍රකාශ කළා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා භාවිත කරන අධි තාක්‍ෂණික උපකරණ දිවයිනට ගෙනඒම සදහා මේ වනවිට මිළ ගණන් කැදවා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ. එම උපකරණ මාස කිහිපයකින් […]
නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවට සමගාමීව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට ලෝටර් […]
මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය. ඒ මහතා මෙම අදහස් පළකලේ, අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් […]
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙහි ඉතා ආකර්ෂණීය යෝජනා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සිය නිළ ට්විටර් ගිනුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබෙනවා. කෙසේ වෙතත් තවත් මාස 6කට ආසන්න ආයු කාලයක් ඇති වත්මන් රජය මෙම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්ණ […]