News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරණ දණ්ඩනය දීම ගැන ජනපති කාර්යාලයෙන් දැනුම් දීමක් නෑ

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් 18 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු, අධිකරණ […]


Feb
5

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා ආරංචි වුණා – විජිත හේරත්

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගෙන් අද අත් අඩංගුවට පත් වූ මාකඳුරේ මදූෂ් ගැන විමසීමක් කළා. එහිදී විජිත විජේමුණි මහතා සඳහන් කළේ පසුගිය කාළේ ආරංචි වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා.ඒ සම්බන්ධයෙන් මදූෂ් එක්ක හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කවුද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද යනුවෙන් ඔහු බුද්ධික පතිරණ නියෝජ්‍යය ඇමතිවරයාගෙන් විමසා […]


Feb
5

‘එල්ලන්න පටන් ගනිමු මුන්ව ‘ – අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු කල්ලිය ගැන පොලිස් පරීක්ෂක රංගජීව කියපු කතාව

Generic placeholder image

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අද (05) අත්අඩංගුවට පත්වුණා. කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි වාර්තා වුණේ. මාකඳුරේ මදූෂ් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර තිබූ අතර එම ස්ථානයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද ආරක්ෂක අංශ බාරයට ගෙන […]


Feb
5

රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීම අසාමාන්‍ය ක්‍රියාවක්

Generic placeholder image

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා. අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. රේගුව තුළ මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


Feb
5

මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාලයින් කොටු කල මෙහෙයුම

Generic placeholder image

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබේ. මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා […]


Feb
5

මත්ද්‍රව්‍ය මැඩලිමට මාලදිවයින් ජනපතිගේ සහය

Generic placeholder image

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ‍්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි තිබෙනවා. දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම […]


Feb
5

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඉදිරියේ දී

Generic placeholder image

දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, “දින 53 ක් පුරා පැවැති ඔඖෂධ […]


Feb
5

චන්දිමාල්ට නායකත්වයත් කණ්ඩායමේ ස්ථානයත් දෙකම නෑ?

Generic placeholder image

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වෙනවා. එම සංචාරය වෙනුවෙන් නම් කරන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද සඳහන්ය. මේ අතර පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රිඩකයන් […]


Feb
5

අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විරෝධතාවක්

Generic placeholder image

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණා. යාපනය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී ඊයේ (04) දින මෙම විරෝධතාවය සම අයිතිය පිළිබඳව ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණෑ. විරෝධතාවයට සහභාගී වූවන් ප්‍රකාශ කර සිටියේ, ‘යුද්ධය අවසන් වී වසර 10 ක් […]


Feb
5

කිරළාගල චෛත්‍යයට නැගි පිරිස්ට රු. 50,000 දඩ

Generic placeholder image

හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


Feb
5

මොන බාධා ආවත් අධ්‍යාපන පද්ධතියේ වෙනසක් ඇති කළා

Generic placeholder image

ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින නවීන ලෝකයට උචිත පරිදි අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කරමින් ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දීමට පැවති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බොහෝ සංවර්ධන යෝජනා එහි සිටි ඇතැම් පුද්ගලයින්ගේ බාධාකිරීම් හමුවේ සැලසුම් කළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් […]


Feb
5

මාකදුරේ මධූෂ් වහාම ලංකාවට ගෙන්වන්න – ජනපති

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවා. අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා. අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් […]


News Articles
Latest Videos
Most Popular Post