පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සම්මත කරනු ලැබුවා. එම යෝජනාව සදහා මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි
අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සඳුදා නව අමාත්‍ය මණ්ඩලය රැස්වන බවයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ හමුව පිළිබද හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කර තිබුනා. ඔහු සඳහන් කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්නයි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ හයේ පහර 200 ක් එල්ල කළ දෙවන පිතිකරු බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වී තිබෙනවා. එම සටහනේ පෙරමුණේ පසුවන්නේ තරග 329 කදි හය පහර 211 ක් එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනියි. රෝහිත් ශර්මා මෙම වාර්තාව සම්පුර්ණ කලේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පවතී තරගයේදියි. එම තරගයේදී ඔහු […]
පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර […]
අද 2018 ,නොවැම්බර් මස 02 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට 11.54 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි . රැකියා කටයුතු වලදී ජවය ශක්තිය පෙන්නුම් කරන දවසක්. ඒ අතරේ රැකියා කටයුතු වල යම් වෙනසක් දැකිය […]
ලබන 07 වනදා පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර දැනුම් දී තිඛෙනවා ඒ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමකට සහභාගී වෙමින් පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාව පිළිබදව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමට එක්සත් […]
මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා. සීනි සඳහා කිලෝග්රෑමයකට රුපියල් 10 කින්, පරිප්පු සහ කඩල සදහා කිලෝග්රෑමයකට රුපියල් 5 කින්, උදු සදහා කිලෝග්රෑමයකට රුපියල් 25 කින් වශයෙන්. තිරිගු ඇට සදහා පැවති කිලෝග්රෑමයකට රුපියල් 6 ක් වූ තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා. ලොකු […]
පාලකයා විසින් ප්රජාතන්ත්රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී කිව්වා. මෛත්‍රී පිලේ ප්රජානත්ත්රවාදය අගයන පිරිසක්ද ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද […]
ඊයේ දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇතිබව වාර්තාවෙනවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්මයන විට රනිල් වික්‍රමසිංහ මහතාට සියලු ආරක්ෂාව ලබාදීමට සුදානම් බැවයි. තවද අරලියගහ මංදිරයෙන් නික්මුණු පසුද ඔහුට ආරක්ෂාව ලබාදෙන බවයි. මෙම හමුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත සිදුවූ […]
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් පැවැත්වෙන බව කථානායක කාර්යාලය සදහන් කලා. පාර්ලිමේන්තුව වහා කැදවීම සහ ජනාධිපතිවරයා සහ කථානායක වරයා අතර පැවැත්වුණු හමුව පිළිබද පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා මෙම හමුව පවත්වන බව කථානායක කාර්යාලය සදහන් කළා.