News Line| Off Air
Generic placeholder image

Oct
12

බත්තරමුල්ල ගින්නට අහුවුන ජනප්‍රිය ගායිකාවන්. – Photo

Generic placeholder image

ඊයේ මුළු රටම කතා කල සිදුවීමක් තමයි බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න. ගින්න නිසා මුළු ගොඩනැගිල්ලම අළු දූවිලි වෙලා ගියා. ඒ වගේම දෙපස තිබුණ ගොඩනැගිලි දෙකටත් සුළු හානි සිද්ධ වුණා. පැය 6 ක් මෙහෙයුමකට පස්සේ ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එකතු වෙලා ගින්න මැඩ පැවැත්තුවා. මේ ගින්න නිසා ලංකාවේ ජනප්‍රිය ගායිකාවන් 3 […]


Oct
12

සම්බන්ධන්ගේ නියෝජිතයා චමල් රාජපක්ෂ

Generic placeholder image

අලුත් අගවිනිසුරුවරයා තේරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වීමට නියමිතව තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දසදෙනා මේ වෙනකොට පත් කරලා තියෙනවා. අගමැති , කතානායකවරයා , විපක්ෂනායක වරයා මේකට නිල බලයෙන්ම පත් වෙනවා. ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියයි. විපක්ෂ නායක්වරයාගේ නියෝජිතයා වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ […]


Oct
12

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය රොකට්ටුවක් හදිසියේ කඩා වැටෙයි. – Video / Photo

Generic placeholder image

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් දෙන්නෙක් අරගෙන යමින් තිබ්බ රොකට්ටුවක් හදිසියේ ගොඩ බස්වලා තියෙනවා. මේ විදියට හදිසියේ ගොඩබස්වලා තියෙන්නෙ රුසියාවේ නිෂ්පාදනය කරපු සොයුස් (Soyuz) කියන රොකට්ටුවයි. හදිස්සියේම මේක ගොඩබස්වලා තියෙන්නෙ කාර්මික දෝෂයක් නිසයි. කසකස්ථානයේ ඉඳලා ගුවන් ගත කරපු මේ රොකට්ටුව තත්පර 90 ක් වගේ පොඩි කාලයකදි දෙවෙනි අදියරේ වේග ප්‍රවේශය ලබා ගන්නකොට දෙදරීමක් […]


Oct
12

ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දියාවෙන් මඩ රැල්ලක්. අලුත්ම ගොදුර ලසිත් මාලිංග.

Generic placeholder image

ඉන්දියාවේ මේ දවස්වල වේගයෙන් ව්‍යාප්ත වෙන රැල්ලක් තමයි #MeToo කියන්නේ. තමන්ට ලිංගික අතවර කළ ජනප්‍රිය චරිත ගැන හෙළිකරන්න තමයි මේ #MeToo සමාජ මාධ්‍ය රැල්ල ඇති කරේ. හැබැයි මේ වෙද්දී සමහර කාන්තාවන් ජනප්‍රිය වීම සඳහා මේ රැල්ල භාවිතා කරනවා කියලා විදෙස් මාධ්‍ය චෝදනා කරනවා. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයින්ට මඩ ගැසීම සඳහාත් දැන් #MeToo රැල්ල භාවිතා කරන්න පටන් […]


Oct
12

එංගලන්ත කණ්ඩායම මින්නේරියේදී අලි කරදරයක. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය හෙට පැවැත් වෙනවා. දෙවෙනි තරඟය පැවැත්වෙන්නේත් දඹුල්ල ක්‍රීඩාංගණයෙදි. හෙට තරඟයට කලින් ඊයේ එංගලන්ත කණ්ඩායමට විවේකයක් ලැබුණා. ලැබුන විවේකයෙන් එංගලන්ත ක්‍රීඩකයන් ලංකාවේ සුන්දරත්වය බලන්න යන්න අමතක කරේ නෑ. කට්ටියත් එක්කම මින්නේරිය වනෝද්‍යානයට අලි බලන්න ගියා. හැබැයි කට්ටිය ගිය එක සෆාරි වාහනයකට අලි කරදරයක් වුණා. ඔවුන් ගමන් කල එක […]


Oct
11

දුමින්ද සිල්වාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි.

Generic placeholder image

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවලට මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කරනු ලැබුවා. ඒ අනුව එම නඩුවේ 11 වන විත්තකරු වන ආර්. දුමින්ද සිල්වා සහ […]


Oct
11

ත්‍රීරෝද රථත් ගණන් උස්සයි

Generic placeholder image

ඉන්ධන මිල ඉහල නැංවීම හේතුවෙන් හෙට සිට ත‍්‍රීරෝධ රථ ප‍්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට ත‍්‍රීරෝධ රථ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. සමස්ථ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝධ රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එම ගාස්තු ඉහල නැංවීම පළාත් මට්ටමින් සිදු කරන බවයි. බස්නාහිර සහ දකුණු පලාත් වල 2 වන කිලෝමීටරය […]


Oct
11

අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

Generic placeholder image

බොලිවුඩයෙ මේ අවුරුද්දෙ දීවාලි උත්සවය වෙනුවෙන් දැවැන්ත නිර්මාණයක් එළිදක්වන්න ලෑස්ති වෙනවා. ඒ ‘Thungs of Hindostan’ කියන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් මගින් නිර්මාණය වෙන චිත්‍රපටයක්. බොලිවුඩ් සිනමාව ඇතුළෙ මේ වගේ චිත්‍රපටියක් නිර්මාණය වෙන පළවෙනි අවස්ථාව මේක කියලා ආරංචි වෙනවා. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත විදිහට රංගනයේ යෙදෙන්නේ අමිතා භච්චන් , අමීර් ඛාන් , කත්‍රිනා කායිෆ් සහ […]


Oct
11

“ජනපති අපේක්ෂකයා වෙන්න ඕන බැසිල්.” – ගෝඨාභය කියයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා කවුද කියන එක. ඒ ගැන ඉහළින්ම කියවෙන නමක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම. හැබැයි පහුගිය දවසක ජාතික පුවත්පත් වාර්තා කලේ බැසිල් රාජපක්ෂව ඉදිරිපත් කරන්න හදනවා කියලා. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයට සහභාගි වීමෙන් පසු ගෝඨාභය මහතා මේ මාධ්‍යට අදහස් දැක්වුවා. ඔහු කිව්වේ […]


Oct
11

නඩුවට කලින් ක්‍රිකට් ලොක්කෝ ලෙඩ වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක් නෙවෙයි. එක පැත්තකින් ICC ය ක්‍රිකට් ලොක්කන්ගේ වංචා දූෂණ හොයනවා. අනිත් පැත්තෙන් ලංකාවෙනුත් නඩු කිහිපයක්ම File කරලා තියෙනවා. මේ අතර ඊයේ ගාල්ලේ තිබ්බ නඩුවක් ක්‍රිකට් ලොක්කන් මඟ හැරලා තියෙනවා. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක, පරිගණක ක්‍රියාකාරිනිය සහ ගිණුම්කරණ ලිපිකාරිනිය අසාධාරන ලෙස ඉවත් කිරීම ගැන ගාල්ල කම්කරු උසාවියේ […]


Oct
11

අද ඉඳන් ඉන්ධන මිල වැඩිවෙන හැටි

Generic placeholder image

ආයෙත් වතාවක් ඔන්න ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. මේ ආරංචිය නම් ගොඩක් දෙනෙක්ට ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ නිසා වාහනයක් තියෙන කෙනාගෙ ඉදන් බස් එකේ යන කෙනාට වෙනකන් මේක බලපාන නිසයි. ඊයේ රෑ ඉදලා ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කරලා තියෙනවා. ඒ අනුව අලුත්ම මිල ගණන් මෙහෙමයි. […]


Oct
11

රොනී ලීච් අද අවසන් ගමන් යයි

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරව සදහා දේහය මේ වන විට කොළඹ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. පස්වරු 02.00 ට දේහය රැගත් රිය පෙරහර ආගමික කටයුතු සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙත ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ආගමික වතාවත් වලින් අනතුරුව දේහය […]


News Articles
Latest Videos
Most Popular Post