ඇමෙරිකාවයි සෝමාලියවයි කියන්නේ අහසයි පොළවයි වගේ. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රට වෙද්දී සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රට වෙලා තියෙනවා. හැබැයි ඇමෙරිකාව ඊයේ සෝමාලියාවට ගුවන් ප්‍රහාර එල්ල කරා. ඒ සෝමාලියානු රජයේ හමුදා වලට එරෙහිව නම් නෙවෙයි. සෝමාලියාවේ අල් ශබාබ් ත්රස්තවාදීන්ට එරෙහිව. සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අල් ශබාබ් ත්‍රස්තවාදී සාමාජිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වෙලා තියෙනවා. ප්‍රහාරයේ […]
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පේරේරාගේ කළවයේ ආබාධය නැවත වරක් මතුවෙලා තියන හින්දා ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වෙනවා කියලා අපිට ආරංචි උනා. දෙරට අතර තුන්වෙනි එක්දින තරගය අද දිවා රාත්‍රී තරගයක් විදිහට පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදි පවත්වන්න නියමිතයි. මේ තරගයේදී කුසල්ගේ ස්ථානයට සදීර සමරවික්‍රම ක්‍රීඩා කරනවා කියලා තමයි පල්ලේකැලේ ක්‍රීඩාපිටිය […]
ලෝකයේ විශාලම සමාජ වලින් එකක් තමයි YouTube කියන්නේ. ඒ වගේම ලෝකයේ විශාලම Video Plat form එක. කොහොම වුනත් හදිසියේම YouTube වෙබ් අඩවිය බිඳ වැටිලා තියෙනවා. මේ හදිසි බිඳවැටීම ඉක්මනටම යතා තත්වයට ගන්නවා කියලා YouTube ආයතනය Twitter පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.
මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා. ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ […]
ශ්‍රී ලංකා තරග සංචාරයකට ඇවිත් ඉන්න එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් බලන්න ආපු අමුත්තෙක් ගැන පහුගිය 15වෙනිදා අපි කිව්වා මතක ඇති. ඒ වෙන කවුරුවත් නෙමෙයි නයෙක්. මේ විදිහට එංගලන්ත කන්ඩායමේ පුහුණුවිම් අතරතුර නයෙක් ආපු පළවෙනි සිද්දිය මේක නෙමෙයි කියලා අපිට ආරංචි උනා.මීට කලිනුත් 2007 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ මේ විදිහටම නයෙක් එංගලන්ත කණ්ඩායම හිටපු සී.සී.සී […]
මහත්තයගෙ ඇත්ත නම මොකක්ද? මගෙ නම ඇන්ඩෘ කුශල් ජයතිලක. මහත්තයා ඇඩ්මින් විදිහට ඇන්ඩෘ සමාජෙ හැංගිලා ඉන්න චරිතයක්ද? ඇත්තටම මම අවුරුදු එකාමාරක් විතර මගෙ යාළුවොවත් දන්නෙ නැතුව හිටියා. දැන් නම් හැබැයි දන්නවා කට්ටිය. මොකද හිතුණෙ එලියට බහින්න ඕනි කියලා? එහෙම හිතුණෙ නම් නෑ. මුලින්ම ඉතිං යාළුවො දැනගත්තා . ඊට පස්සෙ ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ ගෲප් එකක් එහෙම […]
ශලිනි ලියන්න කැමති කෙනෙක්ද? මම පොඩි කාලෙ ඉදලම සිංදු ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නෑ ඒත්.මේ ලගදි තමයි ඒවා ප්‍රසිද්ධ කලේ.ප්‍රේක්ෂකයින්ගෙ හොඳ ප්‍රතිචාර ඒවට ලැබුණා. ඒ ප්‍රතිචාර නිසාද ලියපු පද ගීත බවට පත් කරේ? මට ගීත ලියන්න ඕනිකමක් තිබ්බෙ නෑ. මගේ ගීත දෙකක් පෙන්නලා කෙනෙක් කිව්වා මෙලඩියක් දාලා සිංදුවක් කරමු කියලා. ‘යලි හමු වෙමු’ ගීතය ආවෙ […]
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට තියෙන තරඟ පාවාදීමේ චෝදනාව ගැන විමර්ශන ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) නිකුත් කරනවා. පසුගිය දවස් වල කොළඹදි තිබුණ ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරඟයේදී සෞදියට එරෙහිව තරඟයක් පැවතුණා. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයින්ව විවේක ගන්වලා පසුපෙළ ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරවලා තියෙනවා. සිද්ධිය උඩට […]
කොළඹ 7 ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලෙක විදුහල්පතිගේ කාමරයෙදි සිසුන් පිරිසක් පහර දීලා සිසුවෙකුයි ඔහුගෙ පියයි බරපතල තුවාල ලබලා තියෙනවා. ඒ අය මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා පොලිසිය කිව්වා. මේ පහර කෑමට ලක් වෙලා තියෙන්නෙ ඒ පාසලේ උසස් පෙළ කලා අංශයෙ සිසුවෙක්. මේ පාසලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් මේ සිසුවාට මීට පෙරද කීප අවස්ථාවකදීම පහර […]
Microsoft කියන්නේ ලෝකයේ දවන්තම සමාගම් වලින් එකක්. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා තමයි සමාගම ගොඩ නගන්නේ. කොහොම වුනත් බිල්ගේට්ස්ගේ කුඩා කාලයේ ඉඳන්ම මිත්‍රයෙක් වුන පෝල් ඊයේ අභාවප්‍රාප්ත වුණා. මිය යද්දී ඔහු 65 වන වියේ පසුවුණා. 2009 ඉඳන් පෝල් පිළිකාවකින් පීඩා වින්දා. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා 1975 දී Microsoft සමාගම පිහිටුවනවා. […]
කටුනායක ඉඳලා අනුරාධපුරයට ගිය ගුවන් හමුදාවට අයිති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් එකක් අනතුරට ලක් වෙලා එක් පුද්ගලයෙක් මිය ගිහින් තියෙනවා.තව 5 දෙනෙක්ට බරපතල තුවාලයි කියලා පොලිසිය වාර්තා කරා. ඊයේ (15) හවස පුත්තලම – අනුරාධපුර මාර්ගයෙ 18 කණුව ප්‍රදේශයෙදි තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ. අනතුරින් මිය ගිහින් තියෙන්නෙ ඩිෆෙන්ඩර් එක පැදවූ හමුදා සෙබළ නුවන් ප්‍රදීප් රණසිංහයි.ඔහු අනුරාධපුරය […]
ලඟකදි එල්ල වුණ සයිබර් ප්‍රහාරයක් නිසා ෆේස්බුක් භාවිතා කරන අයගෙ පෞද්ගලික දත්ත වලට ආරක්ෂාව සැපයීමට හැකියාවක් නැහැ කියලා ෆේස්බුක් සමාගම කියනවා. ෆේස්බුක් සමාගම අනාවරණය කළේ ෆේස්බුක් භාවිත කරන මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු වලට සයිබර් ප්‍රහාරය එල්ල වී තියෙන බවයි. මේ සොරාගත්ත තොරතුරු අතර සෙවුම් තොරතුරු , ස්ථානීය දත්ත , ආගමික තොරතුරු වගේ තවත් […]