ශ්රී ලංකාව සහ කොදෙව්වන් අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනය ඊයේ අවසන් වුණා. දිනය අවසන් වුණේ සියලුම ගෞරව කොදෙව් පංදුඉ යවන්නන් දිනා ගෙන. ලංකාව පළවෙනි ඉනිම සුනු විසුනු කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 185 ක් විතරයි. නායක චන්දිමාල් ලකුණු 44 ක් ලබා ගත්තා. […]
ලංකාවේ ඉදි කරන උසම ගොඩනැගිල්ල තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණේ ඉදිකිරීම් කරමින් හිටිය තරුණයෙක් ඉන් වැටී මිය ගිහින් තියෙනවා. 19 හැවිරිදි තරුණයෙක් තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ. මිය ගිය තරුණයා කිළිනොච්චියේ පදිංචිකරුවෙක්. නෙළුම් කුළුණ මීටර් 350 උසයි.
ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Best Web තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. හැම අවුරුද්දෙම පවත්වන Best Web තරඟාවලියේ Category කිහිපයක් යටතේ හොඳම වෙබ් අඩවිය තෝරා ගන්නවා. සියත FM වෙබ් අඩවිය මෙවර Media, Sports & Entertainment Websites කියන Category එක යටතේ තරඟ කරනවා. ඔබ සියතට කැමති නම් සියතට ආදරය කරනවා නම් www.siyathafm.lk වෙබ් අඩවියට ඔබගේ වටිනා මනාපය […]
ශ‍්‍රී ලංකාව මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. රටවල් 163ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ‍්‍රී ලංකාව පසුගිය වසරේ පසු වුනේ 80 වන ස්ථානයේ. මෙවර එම දර්ශකයේ 67 වන ස්ථානය දක්වා ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද […]
ලංකාවේ රේඩියෝ වල Morning Show උඩු යටිකුරු කරපු ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. හඳුනන මේ දෙන්නට ශ්‍රාවකයන් ගොඩක් ආදරය කරනවා. විහිළු කරලා ඔබේ මුහුණට සිනාවක් ගේනවා වගේම ජීවිතේ ගැන අලුත්ම කෝණයකින් හිතන්න අරවින්ද ඔබට උදව් කරනවා. ඒ නිසයි හැමෝම අරවින්ද වගේ වෙන්න හදන්නේ. හැබැයි Copy කරනවා ඇරෙන්න තාම කාටවත් අරවින්දට සම වෙන්න බැරි වුණා. […]
දත්ත ගබඩා කිරීමේ ප්‍රමුඛයෙක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම. ගොඩක් වෙලාවට විශාල ගොඩනැගිලි වල තමයි මේ දත්ත ගබඩා පවත්වාගෙන යන්නේ. හැබැයි මයික්‍රොසොෆ්ට් සමාගම දත්ත ගබඩා කරන්න අලුත් තැනක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මුහුද. මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වන්න කටයුතු කරා. ඒ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කරන්න. මෙම ව්‍යාපෘතිය ‘Project Natick’ කියලා […]
හැමෝම කැමති නොමැරී ජීවත් වෙන්න. වයසක පුද්ගලයාත්, අලුත ඉපදුන දරුවාත් වගේම ඉපදෙන්න ඉන්න දරුවාත් කැමති ජීවත් වෙන්න. හැබැයි අද වෙද්දී ලෝකයේ ගබ්සා කිරීම් වැඩි වෙලා තියෙනවා. ඉපදෙන්න ඉන්න දරුවාගේ අයිතිය කුසේදීම නැති කරලා දාන්න තරම් සමාජය දරුණු වෙලා. පහුගිය අවුරුදු 10 ඇතුලේ ලෝකය පුරා Google එකේ ගබ්සා ගැන හොයන එක දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. […]
පහුගිය දා තිබ්බ චන්දිමාල්ගේ Royal Birthday Party එකට පියුමි හංසමාලිත් ගිහින් හිටියා. පියුමි ඇඳගෙන ගියපු ඇඳුම ගැන ගොඩක් අය කතා බහා කරා. බුකිය කළඹපු පියුමිගේ ඇඳුමට ගොඩක් අය බැනලා තිබ්බා. තමන්ගේ ඇඳුමට බැනපු අයට පියුමි Facebook සටහනක් තියලා තියෙනවා. මේ සටහන නිසා ආයෙත් බුකිය කැළඹුනා. ඊළඟ අවුරුද්දේ මීටත් වඩා open ඇදුමක් ඇඳගෙන එනවා කියලයි පියුමි […]
මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත පාර්ලිමේන්තුවේ ඉන්න 118 කවුද කියලා. සැරින් සැරේට එක්කෙනා දෙන්න තමන් සල්ලි ගත්තා කියලා පිළිගන්නවා. සුජීව සේනසිංහ අමාත්‍යවරයාත් තමන්ට ඇලෝසියස්ගෙන් මුදල් ලැබුණ හැටි කිව්වා. එතුමා නම් කිව්වේ මෙන්ඩිස් අරක්කු සමාගමෙන් මුදල් ලැබුණා මිසක් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිතියි කියලා දන්නේ නෑ කියලා. ‘‘2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ […]
තාමත් සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ Royal Birthday Party එක. මේ Royal Birthday Party එකේ අයිතිකාරයා තමයි චන්දිමාල් ජයසිංහ. මේ Royal Birthday Party එක රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරා. චන්දිමාල් ඔහුගේ උපන්දින සාදයට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියටත් ආරාධනා කරලා තිබ්බා. චන්දිමාල් සියත 24 වෙත කිව්වේ රෝසි සේනානායක මහත්මිය ඔහුගේ දෙවෙනි අම්මා වගේ […]
ප්‍රභල බංගලාදේශ කණ්ඩායම අන්ත අසරණ කරන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වුණා. ඒ තරඟ 3 ක් T20 තරඟාවලිය 3 – 0 ක් විදියට පරාජය කරලා. ඊයේ තිබ්බ අවසන් තරඟයත් අවසන් පන්දුව දක්වා කල සටනකින් පස්සේ ජය ගන්න ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින් සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගන් පිතිකරුවන් ලකුණු 145 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. […]
දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පහුගිය දා විවාහ වුණා. ඉතාලියේදී ජයටම විවාහ වුන මේ දෙන්න තාම ඉන්නේ ඉතාලියේ. ඊයේ දුෂ්‍යන්ත් වීරමන්ගේ උපන් දිනය දීලා තිබ්බා. මේ තියෙන්නේ ස්ටෙෆනි එක්ක දුෂ්‍යන්ත් උපන් දිනය සමරුව හැටි.