කොරෝනා වෛරස් ආසාදනය වූ තුන්වන පුද්ගලයාත් ඉන්දියාවෙන් හමු වී තිබෙනවා. කේරළ ප්‍රාන්තයේ කාසර්ගෝඞ් ප්‍රදේශයෙන් මෙම රෝගියා වාර්තාවී ඇති අතර, ඔහු චීනයේ වූහාන් සිට පැමිණි වෛද්‍ය ශිෂ්‍යයෙකු බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. මීට පෙර ඉන්දියාවෙන් හමුවූ කොරෝනා ආසාදතයන් දෙදෙනාද වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙන්.
කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකාව ලබාදුන් සහාය, චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඒ, එම වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය. මේ අනුව කඩිනමින් පැතිරයන කොරෝනා වෛරසය මර්දනය කිරීමට ජර්මනිය ඇතුළු ජී හත කණ්ඩායමේ රටවල් සූදානම් වෙමින් පවතින අතර […]
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (02) නිකුත් කරන ලද අතර එම තත්ත්ව වාර්තාවට අනුව රෝගය වැළඳුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 14,557 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය 24 තුළ නව රෝගීන් 2,604 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන්. පසුගිය 1 වන දින වාර්තාවට සාපේක්ෂව රෝග ව්‍යප්ත […]
නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීමත් අරමුණු කර ගනිමින් චීනයේ ෂෙජියෑන් පළාතේ වෙන්ෂු නගරය හුදෙකලා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා. වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 265ක් වාර්තාවීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන තිබෙනවා. හුබෙයි පළාතෙන් පසුව වැඩිම […]
වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විත වෙනවා. මෙම රෝහලේ ඉදිකිරීම් ඉරිදා දිනයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ අතර එදිනට ඉදිකිරීම් අවසන් කරමින් අද (සඳුදා 03) එම රෝහලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති […]
පළඟැටි වසංගතයක් හේතුවෙන් සෝමාලියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට සෝමාලියාව පියවර ගත්තා. මෙම කෘමීන් විශාල වශයෙන් වගාවන්ට හා වෘක්ෂලතාදියට හානි කිරීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට විශාල තර්ජනයක් වී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අප්‍රේල් මාසයේ අස්වැන්න නෙළීමට නියමිතව තිබීම හේතුවෙන් ඊට පෙර […]
කල් ඉකුත් වු බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර කිලෝග්‍රෑම් 17,500ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් සොයාගෙන තිබෙනවා. නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ආයතනයකට අයත් ආහාර ද්‍රව්‍ය තොගයක් බව වාර්තා වෙනවා. කස්ටඩ් පවුඩර්, පාන් සෑදිමට භාවිත කරන වෝල් කෝනර්, කේක් සැරසිලි […]
නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරිදා දිනයේදී මරණ 57ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 56 ක් හුබෙයි පළාතෙන්ද අනෙක් මරණය චොංකිං වලින්ද වාර්තා වෙනවා. ඉරිදා දිනයේදී […]
72 වන නිදහස් සැමරුම හෙට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මතයි. මෙම නිදහස් උත්සවයේ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙන අතර පෙළපාලියට එක් කෙරෙන යුද […]
72 වන නිදහස් උත්සවය වෙනුවෙන් සිදු කරනු ලබන පෙරහුරුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 15ක් අද දිනයේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ඩී.එස් සේනානායක, රාජකීය, තර්ස්ටන්, යශෝධරා, මියුසියස්, සෙන්ට් බ්‍රිජට්ස් සහ කාන්තා විද්‍යාලය මෙලෙස වසා දැමීමට තීරණ කල පාසල් අතර වෙනවා. මේ පෙරහුරුව අද පෙරවරු 07.00සිට දහවල් 12.00 දක්වා එය ක්‍රියාත්මක වන […]
දිවයින පුරා අද දිනයෙත් තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව පළාතෙන් කළුතර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. හම්බන්තොට, මාතර දිස්ත්‍රික්ක හරහා හමා යන සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර […]
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.