72 ජාතික නිදහස් දිනය අදයි. අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිනහස් දින උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු නිදහස් උත්සවය සදහා සහභාගි වනු ඇති. එමෙන්ම නිදහස් උත්සවය සදහා ආරාධිතයින් 2500 කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතයි. මෙවර නිදහස් දින සැමරුම් […]
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස මේ වනවිට 362 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් චීනයේ වෙන්සු නගරය වසා දැමීමට එරට බලධාරීන් අද පියවර ගත් බව සදහන්. මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මේ වනවිට ලොව රටවල් 27කින් හමුවී තිබෙනවා. එම රටවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17,385ක් වන අතර […]
ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තා. මේ හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටීමකට ලක් වූ අතර විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් විසන්ධි කිරීමට විදුලි බල මන්ඩලය තීරණය කර තිබූණා. […]
කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්වී එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක්වුණා. එහිදී ශ්‍රී ලංකන් […]
කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින චීනයේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට වාර්තා වනවා. බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනයේ ජනතාව අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අදාළ උපකරණ කඩිනමින් අවශ්‍ය වන බව චීන බලධාරීන් සදහන් කළා. පූර්ණ ධාරිතාව සහිතව නිෂ්පාදනය කළ ද චීනයේ කම්හල්වලට දිනෙක දී නිපද විය හැක්කේ මුහුණු ආවරණ […]
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම්කර තිබෙනවා.
72 වන ජාතික දිනය සැමරුම වෙනුවෙන් හෙට (04) දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල්, සුරා සැල් සහ බලපත්‍ර ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර 72 […]
චීනය නව කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමට ඩ්‍රෝන තාක්ෂනය උපයෝගී කරගෙන තිබෙනවා. මේ පිලිබදව ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ විශාල අවධානයක් යොමු වුණා. විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීම දියුණු රටවල දක්නට ලැබෙන අතර මාරාන්තික නව කොරෝනා වෛරස් රෝගය පාලනය සඳහා චීනය ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන තිබුණා. නගරවල සැරිසරන අතැම් පුද්ගලයින් මුඛ ආවරණ […]
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ […]
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එළඹෙන 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කර තිබෙනවා.
හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව එම ලේඛණය මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසු හෙට […]
කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසනවා. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බවයි. මේ අතර කොරෝනා වෛරසය අසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරමින් ඇතැයි වසංගත […]