News Line| Off Air
Generic placeholder image

Jan
30

බුදු දහමට නිගා කරන ග‍්‍රන්ථයක් ගැන අස්ගිරි මහ නාහිමිගෙන් අනාවරණයක් -බුද්ධ රූපය සහිත වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතුයි

Generic placeholder image

බුදු දහමට නිගාවන පරිදි රචනා කර ප‍්‍රසිද්ධ කර ඇති ග‍්‍රන්ථයක් තහනම් කරන්නැයි අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. බුදු දහමට නිගාවන පරිදි නිමවා ඇති සෙසු නිෂ්පාදන කිහිපයක් පිළිබදව ද මෙහිදී සිහිපත් කෙරුණා. බුද්ධ රූපය සහිතව මුද්‍රණය කෙරෙන වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතු බවයි අස්ගිරි මහනායක හිමියන් වැඩිදුරටත් පැවසුවේ. […]


Jan
30

TPA ආණ්ඩුවෙන් ඉවත්වෙයි ?

Generic placeholder image

වතුකම්කරුවන්ගේ වැටප් ගැටලුව එළැඹෙන පෙබරවාරි 01 දාට පෙර විසදීමට කටයුතු නොකළ හොත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණයක් ගන්නා බවත් අමාත්‍යධුරවලින් ඉවත්වීමට කටයුතු කරන බවත් නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවනවා. ද්‍රවිඩි ප්‍රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි. “වතු කම්කරුවන් […]


Jan
30

මේ වසරේ ලංවිම පාඩුව කෝටි 8000යි – විදුලි බිලට වෙන දේ ගැන රවීගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

ලංකා විදුලි බළ මණ්ඩලය කිසිදිනෙක පුද්ගලිකරණය නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. එතුමා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය. මේ වසරේ ලංකා විදුලි බළ මණ්ඩලයේ ඇස්තමේන්තුගත අලාභය කෝටි අටදහසක් බවත්, එය මහවැලියක් ඇති කිරීමට යන වියදමක් […]


Jan
30

වැඩියෙන් මුදල් ගන්නා විදුහල්පතිවරු සම්බන්ධයෙන් 1988ට දැනුම් දෙන්න

Generic placeholder image

පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. පහසුකම් හා සේවා ගාස්තු අයකිරීමේ දී එම මුදල ජාතික පාසලක් නම් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන […]


Jan
30

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය හදිසියේ නටපු නැටුම

Generic placeholder image

තායි ලයන් එයාර් ගුවන් ගුවන් සමාගම කටුනායක ගුවන්තොටේ ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් අපේ ගුවන් සේවිකාවන්ගෙන් සප්‍රයිස් ඩාන්ස් එකක් තමයි මේ. https://www.facebook.com/welcometoBandaranaikeInternationalAirport/videos/299066134296288/


Jan
30

ඇමති හරින් ලසිත් හා මැතිව්ස් හමුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි. ඉදියේදි අනෙකුත් ක්‍රීඩකයන් හමුවන බවද අමාත්‍යවරයා සඳහන් කර […]


Jan
30

මාතලේ සේනා පාලනය කරයි

Generic placeholder image

සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මාතලේ දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙන බව එම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එම්.පී.කේ දොඩන්වල ප්‍රකාශ කරනවා. සේනා දලඹුවාගේ සීඝ‍්‍ර ව්‍යාප්තිය නිසා සෙසු ප‍්‍රදේශ බොහෝමයක මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ ද බඩඉරිගු වගාවන්ට හානි සිදු වුණා. ගොවීන් දැනුවත් කරමින්, විවිධ පලිබෝධ පාලන ක‍්‍රම සහ විලෝපිකයන් ද යොදා ගනිමින් මෙම තර්ජනයට […]


Jan
30

රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තහනමක් ?

Generic placeholder image

මධ්‍යම පළාත් රජයේ සේවකයන් තම රාජකාරී කාලය තුළ ස්මාට් දුරකතන හා ෆේස් බුක් භාවිත කිරිම තහනම් බව මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. ඊයේ (29දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “රජයේ කාර්යාල වලට ගියාම අට හමාරට ඇවිල්ලා වැඩ පටන් ගන්න කොට 9.30යි. තේ බීලා පත්තර බලලා කරන්න ඕන ඔක්කොම වැඩ කරලා 9.30ට […]


Jan
30

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා – ශාන්

Generic placeholder image

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට සිය පසුපෙළමන්ත්‍රීවරුන් යොදා ගනිමින් අසාර්ථක උත්සාහයක මේ වන විට යෙදී සිටින බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේය, “දැන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාවය රටට තදින් දැනෙන්න […]


Jan
30

මාලි රාජ්‍යයේ මියගිය විරුවන්ගේ ‌දේහයන් 2 දා ලංකාවට

Generic placeholder image

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරනවා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10ට දේහයන් ගෙන ඒමට නියමිත අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මහතා විසින් භාර […]


Jan
30

“ගෙදරටම ඇවිත් සංග්‍රහයක් දෙන්නම්, ඇඩ්‍රස් දීපන්” මුහුණු පොතෙන් තරුණයෙකුට රංජන්ගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

Generic placeholder image

නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක විසින් සමාජජාලා ක්‍රියාකාරිකයෙකුට තර්ජනය කිරීම කතාබහට ලක්ව තිබෙනවා. රංජන් රාමනායක විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට අදහස් දැක්වූ තරුණයෙකුට මේ අයුරින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල පිටුවේදි තර්ජනය කර තිබෙනවා. එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිටුවේ තැබූ සටහනකට මෙම තරුණයා අදහස් දක්වා තිබූ අතර, ‘ගූගල්’ ආශ්‍රයෙන් සිදු කළ විහිලුවකින් පසු මෙම තර්ජනය සිදු […]


Jan
30

කතානායකවරයා තම ජයග්‍රහණය හෙළිකරයි

Generic placeholder image

වත්මන් පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් හදුන්වා දී පාර්ලිමේන්තුවෙන් පිටවී යාමට හැකිනම් එය අපි ලබන ජයග්‍රහණයක් බවත් එසේ නොමැතිව මේ ප්‍රශ්නය ඊළග පරම්පරාවට පවරාදීම පවක් බවත් කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් ඊයේ (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන […]


News Articles
Latest Videos
Most Popular Post