මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ කල්පිටිය කදිරමලේ මුහුදු ප්රදේශයේදීයි. ඔවුන් සමග බහුදින ධීවර යාත්‍රාවක් සහ දැල් ආම්පන්න ද භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අවුරුදු 18 ත් 55 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු […]
ඔස්ටේ්රලියා ලිබරල් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති ජන්ද විමසීමකදී අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ පක්ෂ ඉහල පෙලේ නායකයින් අතර පැවති ජන්ද විමසීමකදීයි. එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයා වු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටොන් ජන්ද 48 ට 35 ක් ලෙස පරාජයට පත් වුණා. ජයග්රහණයෙන් පසු ග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ වෙනස් කම් පසුපස ගොස් ඔස්ට්‍රේලියානුවන් රැක බලා […]
සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ඨාස පොලිස් අපරාධ ඒකකය කල වැටලීමක දීයි. මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසක ගංජා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිළ සුනඛයින් ද යොදා ගනිමින් මෙම වැටළීම සිදු කර තිබුණා. එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට පත් වු අතර ඉන් එක් අයකු සතුව […]
මත් කුඩු සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස මෝදර හා කොළඹ කොටුව යන ප්‍රදේශ වලදීයි මෝදර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 100 ක සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ 26 හැවිරිදි තරුණයෙක්. ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 700 ක […]
වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයක සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ හෝටලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. පිරිසක් විසින් හෝටලයේ උඩු මහලේ මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම සිදු තිබෙනවා. එම ස්ථානයේ වැටී තිබු ජීව […]
හික්කඩුව මුහුදේදී ධීවරයින් 11 දෙනෙකු සමග අනතුරට පත් යාත්‍රාව සොයා නාවික හමුදාව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙහෙයුම් සදහා ගුවන් හමුදාවේ ද සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ධීවරයින් 11 දෙනා අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ ඊයේ පෙරවරුවේදීයි. හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී එම ධීවර යාත්‍රාව රළ පහරකට හසුවී අනතුරට […]
පේරාදෙණිය ප්‍රදේශයේදී අද අලූයම යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගලහ අල්විස් වට රවුම අසළ ඇති පොකුණට ඔවුන් ගමන් කළ යතුරුපැදිය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි සහ 37 හැවිරිදි […]
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළෙඟ් වේගය ඉහළ මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා වැඩි විය හැකි බවයි. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම ත්‍රිකුණාමලය සිට මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළෙඟ් වේගය පැයට […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දුම්රිය වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටලූව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. වැටුප් විෂමතාව මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අවසන් කෙරුණා. පසුගිය 08 වනදා සිට 12 වනදා තෙක් […]
වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයක පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ සිසුන් 11 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකාර සිසුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි. අදාළ උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පළමු හා දෙවන වසරවල සිසුන් පිරිසක් විසින් පහරදී […]
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප්රදේශයේදීයි. ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් විසින් කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 70 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 23 හැවිරිදි සහ 20 හැවිරිදි රත්මල්වැටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට […]
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර සිංගිමලේ ප්රදේශයටයි. මේ වනවිට පස් කන්ද ඉවත් කොට මාර්ගය යළි සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් දුම්රිය ධාවනය ප්‍රමාදයක් සහිතව සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. […]