උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. ලිප්ටන් වටරවුම අසල සිට ඔවුන් විරෝධතා පාගමනකින් ජාතික පුස්තකාලය දෙසට ගමන් කරමින් සිටින බව පොලීසිය සදහන් කළා.
දිවයින පුරා ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළේ වෛරසය ආසාදනවූ චීන ජාතික කාන්තාව […]
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළා. තමන්ව […]
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 157 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා. කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ සිදුකළ මොහොයුමකදි ගංජා තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. වසරේ ගතවූ කාලය තුල නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් වලදී කේරල ගංජා ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා මුහුදු මාර්ග මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය, ජාවාරම් කරුවන් […]
පසු ගියදා පෞද්ගලික හෙලික්ප්ප්ටර් යානා අනතුරකින් දිවියට සමු දුන් ඇමෙරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙකු වන කෝබ් බ්‍රයන්ට්ගේ රුව සහිත වැලි මුර්තියක් නිර්මාණය කිරීමට ඉන්දීය ජාතිකයෙකු සමත්ව තිබෙනවා. ඔහු නමින් සුදර්ශන් පට්නායක්. ඔහු මෙම නිර්මාණය කර තිබෙන්නේ ඔඩිෂා ප්‍රාන්තයේ වෙරල තිරයකදීය. එම නිර්මාණය සිදු කිරීම සදහා වැලි ටොන් 05 කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි […]
ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීන ජාතිකයින්ට අවශ්‍ය උපකාර ඇත්නම් එය ඉටුකරදීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බවයි. චීනය තුළ පැතිරයන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්විම සඳහා සහ වැළදුණු රෝගීන් සුවපත් […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.ඒ සැකකරු විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිලිබදව මොවුන්ට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරු මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
අගමැතිගෙන් සෘජුව ප්‍රශ්න කිරීමේ හැකියාව මන්ත්‍රීවරුන්ට අද සිට නැවත හිමිවන බව වාර්තා වෙනවා. ඒ අනුව සෑම මසකම පළමු සතියේ බදාදාට එම අවස්ථාව හිමි කර දී තිබෙන අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
චීනයේ කොරෝනා වෛරසය නිසාවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ 479 ක් දක්වායි. මෙම වෛරසය හේතුවෙන් එමෙන්ම චීනයේ පිටත සිදු වූ දෙවන මරණය හොංකොං දේශයේන් වාර්තා වූ අතර මේ අතර කොරෝනා වෛරසය ගෝලීය අවදානම් තත්ත්වයක් බවට පත්වීමට පෙර වළක්වාගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.
නීත්‍යානුකූල නොවන අන්දමට සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මක අතර එහිදී එම හමුදා සාමාජිකයින්ට නැවත හමුදා සේවයට එක්වීමට හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සිදු කල හැකිය.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරු 10.00ටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි වාර්තා වන්නේ.
අද දිනයෙත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව හා දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 02 00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් කරනවා.