News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

Generic placeholder image

නැගෙනහිර සයිබිරියානු හමුදා කඳවුරක් තුළදී රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම කඳවුරේ රාජකාරියේ නියුතු තවත් සෙබලෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. වෙඩි තැබීමෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව සදහන්. වෙඩි තැබීම සිදු කළ සෙබලා මානසික රෝගියෙකු බව වාර්තා වනවා.


Oct
26

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂාවක්

Generic placeholder image

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරන බව වාර්තා වනවා. වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය 2022 වසරේ සඳ මත පතිත කිරීමට අපේක්ෂා කරන බව සදහන්. 2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට […]


Oct
26

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

Generic placeholder image

ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. අයහපත් කළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ එම මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්න ප්‍රදේශයේ කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. මේ හේතුවෙන් එම මාර්ගය ඊයේ පස්වරු 06.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන […]


Oct
26

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට අද පස්වරුවේ වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. අද රාති‍්‍රයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපෙක්ෂා කරන බව කාර්යයේ නියතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවා.


Oct
25

ජපානයේ පුද්ගලයන් දහස් සංඛ්‍යාවක් පදිංචි ස්ථානවලින් ඉවතට

Generic placeholder image

අධික වර්ෂාව සමඟ නැගෙනහිර ජපානයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දහස් සංඛ්‍යාවක පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත් වීමට බලධාරීන් දැනුම් දී තිබෙනවා. හිගිබිස් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී කෙටි කාලයක් තුළ ජපානයට යළිත් බලපා ඇති මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80,000ක පරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්. ගංවතුර […]


Oct
25

පක්ෂ මාරු කරාද නැද්ද?

Generic placeholder image

පසුගිය සතියේ සියත ටීවී තුළ විකාශනය වූ සුළිය දේශපාලන සංවාදයට සහභාගි වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සහ මව්බිම ජනතා පක්‍ෂනායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා අතර උණුසුම් මුහුණුවරක් ගත්තා. එම සංවාදයේ උණුසුම් කොටස් පහළින්. සම්පූර්ණ සංවාදය නරඹන්න click කරන්න.  


Oct
25

හෙට සහ අනිද්දා දිනවල වැසි තත්වයේ වර්ධනයක්

Generic placeholder image

හෙට සහ අනිද්දා දිනවල උතුර නැගෙනහිර උතුර මැද සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළා. නැගෙනහිර උතුර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]


Oct
25

ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට

Generic placeholder image

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මාර්තු 3 වනදා ඔවුන් පැමිණෙන අතර ටෙස්ට් තරග 2 කට/ 3 දින පුහුණු තරගයකට සහ සිව් දින පුහුණු තරගයකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහභාගීවනු ඇති. 3 දින පුහුණු තරගය […]


Oct
25

දෝනිත් සිය ක්‍රිකට් දිවියට තිත තියයිද?

Generic placeholder image

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි මිට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දුන් අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එක්දින පිටියෙත් අවසන් අදියරට පැමිණ ඇති බවයි. දෝනි සිය අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ඒ එංගලන්තයට එරෙහිවයි. ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20 යි 20 තරගාවලිය සදහා ඔහු […]


Oct
25

ඊයේ සිදු කරනු ලැබූ විරෝධතාවදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 52 දෙනකුට ඇප

Generic placeholder image

ඊයේ ලෝටස් වටරවුමේ දී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගනු ලැබූ විශ්ව විද්‍යාල සිසුවියක් ඇතුළු සිසුන් 52 දෙනා ඇප මත නිදහස් කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අතරින් එක් සිසුවෙකු නොවැම්බර් මස 08 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග […]


Oct
25

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නාය යෑමක්

Generic placeholder image

අද පෙරවරුවේ ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අසල නාය යෑමක් සිදු ව තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. නාය යෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පස් කදු කඩා වැටීම නිසා මෙලෙස බාධා පැමිනෙණ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට පොලිසිය එම පස් ඉවත් […]


Oct
25

අනුරගෙන් සජිත්ට අභියෝගයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත් වන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් කළා. ඒ ගෙවීගිය වසර 19 ක කාලය තුල ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කිසිදු විවේචනයක් සිදුකර නොමැති බව පවසමින්. එසේ සිදු කර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි එතුමා අභියෝග කලේ.


News Articles
Latest Videos
Most Popular Post