News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

වීසා නොමැතිව මෙරට රැදීසිටි චීන ජාතිකයින් 07 ක් අත්අඩංගුවට

Generic placeholder image

වීසා නොමැතිව මෙරට රැදී සිටිමින් අරුවක්කාලු කසල අංගනයේ රැකියාවේ නිරත වූ චීන ජාතික පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් එම විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. අත්අඩංගුවට ගත් එම චීන ජාතිකයින් වැඩිදුර විමර්ශන සඳහා වනාතවිල්ලුව පොලිස් ස්ථානයට භාරදි ඇති අතර ඔවුන් අද (19) […]


Oct
19

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 938 දක්වා ඉහළට

Generic placeholder image

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 938 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා. ඔක්තෝම්බර් මස 8 වනදා සිට ඊයේ පස්වරු 4 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව එම කොමිසන් සභාව දැනුම් දුන්නා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර, […]


Oct
19

ගෝඨා සහ නිදහස් පක්ෂය අතර, අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතයි. කොළඹ 7 – බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී උදෑසන 10ට මෙම ගිවිසුම අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා […]


Oct
18

අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස එම්.ආර්.සී. ප්‍රනාන්දු පත් කරයි

Generic placeholder image

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


Oct
18

අතුරු සම්මත ගිණුම ලබන 23 වැනිදා පාර්ලිමේන්තුව හමුවට

Generic placeholder image

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන 23 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]


Oct
18

කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

Generic placeholder image

කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව ලබන මස 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහැරීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කළ බවට කංජිපානි […]


Oct
18

මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඒකකයට ලැබූණු තොරතුරක් මත එහි ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ (17) මෙම වැටලීම සිදු කොට ඇති අතර හාල්මැස්සන් තොගයෙහි වටිනාකම රුපියල් එක් […]


Oct
18

හිටපු මන්ත්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප

Generic placeholder image

රිය අනතුරකට අදාළ ‌‌‌තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පරිසකට මෙසේ ඇප නියම වී තිබෙනවා.


Oct
18

මන්දකට හසු වු රිලවෙකු දැඩි ලෙස තුවාල ලබා වනජිවි කාර්යයාලය අසල සැරි සරයි, වනජිවි නිලධාරින් නිහඩයි

Generic placeholder image

නුවරඑලිය සිතාඑලිය කෝවිල අසල මන්දකට හසු වි කඩාගෙන විත් තුවාල ලබා සිටින රිලවෙකුට ප්‍රතිකාර කිරිමට වනජිවි නිලධාරින් මෙතෙක් ඉදිරිපත් වි නොමැති බව සිතා එලිය ප්‍රදේශයේ ජනතාව පවසයි. මාස දෙකක පමණ කාලයක් මන්දකට හසු වි බේරි ඇති මෙම රිලවාගේ ශරිරය පුරා කම්බි එති ඇති බවත්, එ තුලින් රිලවා දැඩි ලෙස තුවාල ලබා සිතා එලිය කෝවිල අසල […]


Oct
18

ජනපති අපේක්ෂකයන් හා සලකුණු පිලිබද අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයින් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ සහ සලකුණු පිලිබදව අන්තර්ගත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


Oct
18

බොලිවුඩ් තරු වල ටැටූ පිටුපස ඇති කතාව

Generic placeholder image

ටැටූ එකක් කියන්නෙ දැන් තව දුරටත් රස්තියාදුකාරකමක් පෙන්නන විලාසිතාවක් නෙමෙයි. ඒක ප්‍රකාශන මාධ්‍යයක් වෙලා. තමන්ට ප්‍රකාශ කරන්න තියෙන දෙයක්, සැමරුමක් එහෙමත් නැත්නම් තමන් ආස කර​න දෙයක් තමන්ගෙ ශරීරයේ කොටා ගන්න එක මේ වෙද්දි අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙද්දි ටැටූ එකක් ශරීරයේ නැති අයට වඩා ඇති අය වැඩි තත්ත්වයක් තියෙන්නෙ. හැබැයි අපි හැමෝම ටැටූ ගහනව […]


Oct
18

ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

Generic placeholder image

ගම්පහ සණස බැංකුවේ සභාපති වන ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිණුම් 120ක පමණ වූ තැන්පත්කරුවන්ගේ කෝටි 55 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන්ය. ඔහුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post