News Line| Off Air
Generic placeholder image

Sep
5

දුම්රියේ කාන්තාවන්ට වෙන් කල මැදිරිවල සිටි පුද්ගලයින් 10 ක් අල්ලයි

Generic placeholder image

කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය අද අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තා මැදිරියේ ගමන් ගත පිරිසකුයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ. අත් අඩංගුවට ගත් පිරිසකගෙන් රුපියල් 1000- 1500 අතර දඩ මුදල් අය කර […]


Sep
5

වීසා නැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 44ක් අල්ලයි

Generic placeholder image

කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මෙරට රැදී සිටීමේ වීසා කාලය ඉක්මවා මාස 2-3 ඉක්මවා තිබී ඇති බව සදහන් වෙනවා. අත් අඩංගුවට පත් මොවුන් වයස අවුරුදු 25 සහ 50 අතර වයස් සිමාවේ පසුවූවන්නන් වන බව පැවසෙන […]


Sep
5

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – මහින්ද කියයි

Generic placeholder image

මාධ්‍යය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ ඕනෑම මැතිවරණයකට තමන් ඇතුළු සිය පක්ෂයේ සියලු දෙනා සුදානම් බවයි. විශේෂයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මත පමණක් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන කතා කළ නොහැකි බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ වැඩි දුරටත් ප්‍රකාශ කල අතර එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් […]


Sep
5

සජින් වාස්ට ඇප

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම යන චෝදනා මත නඩුවගොනු කර තිබෙනවා. ඒ අනුව අධි චෝදනා භාරදීමෙන් අනතුරුව සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක […]


Sep
5

ලෝකයේ ඉන්න හිතෙන නගර දහය මෙන්න

Generic placeholder image

ලෝකය පුරා සමීක්ෂණයක් කරලා තියෙනවා 2019 වර්ෂයේ ජිවත් විමට සුදුසුම නගර සහ නුසුදුසුම නගර පිළිබදව. මේ තියෙන්නේ 2019 වර්ශයේ ජිවත් වීම සදහා සුදුසුම නගර දහයයි. 1. ඔස්ට්‍රියාව – වියානා 2. මෙල්බර්න් – ඕස්ට්‍රේලියාව 3. සිඩ්නි – ඕස්ට්‍රේලියාව 4. ඔසාකා – ජපානය 5. කැල්ගරි – කැනඩාව 6. වැන්කුවර් – කැනඩාව 7. ටොරොන්ටෝ – කැනඩාව 7. ටෝකියෝ […]


Sep
5

මහජන මුදල් නාස්ති කල හිටපු ජනපති ආර්යාවකට වෙච්ච් දේ මෙන්න

Generic placeholder image

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පෝර්ෆිරියෝ ලොබෝගේ බිරිඳට වසර 58 ක සිර දඩුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ අනුව 2010 සිට 2014 කාල සිමාව තුල ජාත්‍යන්තර ආධාර සහ පොදු ආධාර ලෙස ලැබී තිබු ඇමෙරිකානු ඩොලර් 779,000 ක මුදල් වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතයි මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ, එම ආර්යාව මෙම මුදල් […]


Sep
5

මැතිවරණයක් එපා කියන විපක්ෂයක්

Generic placeholder image

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් යුතු බවට එරට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කල යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව නව අගමැති විසින් ඉදිරිපත් කල පළමු යෝජනාව මෙලෙස පරාජයට පත්ව තිබෙන අතර එමෙන්ම මෙම යෝජනාව පරාජය වීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද අගමැතිවරයා ගෙන ආ යෝජනාව ද පරාජයට පත්ව තිබෙනවා. මේ අනුව මහ […]


Sep
5

අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් ද සමඟ රත්ගම,කඳුරැස්ස ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු රත්ගම විශේෂ කාර්යය බලකා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සිදු කිරිම සඳහා සූදානම්ව සිටි අවස්තාවකදියි. විශේෂ කාර්යය බලකාය සදහන් කළේ […]


Sep
5

කංකසන්තුරේට අද සිට ශ්‍රී දේවි යයි

Generic placeholder image

අද දිනයේ සිට කොළඹ සිට කංකසන්තුරේ දක්වා නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එම දුම්රිය ශ්‍රී දේවි නමින් කර ඇති අතර පස්වරු 3.55 ට කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.


Sep
5

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන්ගේ බිරිඳගෙන් යළි රහස් ප්‍රකාශයක්

Generic placeholder image

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබිදුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදිත් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. පැය දෙකක කාලයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී එම රහස් ප්‍රකාශ ලබා දී ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකාරියගෙන් අධිකරණය මිට පෙර අවස්ථා දෙකකදි රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණි.


Sep
5

ග්‍රෑන්ඩ්පාස් සිද්ධියට කුඩු රොෂාන් ඇතුළු පිරිසක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම අත් අඩංගුව සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද ඒ අතර ඇති බව පැවසෙනවා.


Sep
5

කුසල්ට සති හයක විවේකයක්

Generic placeholder image

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ෂෙහාන් කුසල් මෙන්ඩිස් එකිනෙක ගැටීමෙන් කුසල් මෙන්ඩිස් අනතුරකට ලක් වූ අතර එහිදී ඔහුගේ දණ හිසට හා හිස ආබාධ තත්වයකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ ඔහු M.R.I ස්කෑන් පරිකෂණයකට පෙනී සිටි අතර එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සති හයක […]


News Articles
Latest Videos
Most Popular Post