දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ උතුරු ප්‍රදේශ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 දැවී ලකුණු 43 ක් ලබා තිබෙනවා. ඒ පන්දු වාර 7 ක් තුළදී. කුසල් ජනිත් […]
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් […]
ඉතිහාසයේ සැබෑ ගෞරවනීය හිමිකරුවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බවත් පීඩිත මිනිසා ඔළුව එසවූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බවත් එහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. 20 යි 20 ආණ්ඩුව හදන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බවද එයට සූදානම් වන ලෙසද එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
අද සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව අමතමින් කියා සිටියා. පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවත් රට ගොඩනගන න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන බවත් එතුමා එහිදී සදහන් කළා. අන්ත දිළිදු පැලේ සිට රටේ නායකයින් බවට පත්වීමටද ශී‍්‍රලනිපයේ පුද්ගලයින්ට […]
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ අතර එහි පිළිගැනීමේ කතාව මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා විසින් සිදුකළා. එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යනු පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමක හෝ නොව සැබෑ මහජනතාවගේ පක්ෂයක් වන අතර මෙය සමාජවාදී පක්ෂයක් බව ඔහු […]
දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඊයේ මාලදිවයින බලා පිටත්ව ගිය අතර එහිදී මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අගමැතිතුමා ප්‍රකාශ කලේ මාලදිවයිනේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි බවත් එමෙන්ම මෑත යුගයේ දී දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙන නමුත් […]
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්රදනත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. මෙය නම් කර ඇත්තේ තීන්දුව හරි අතට යන නමිනුයි. වැඩි විස්තර බලපොරොත්තු වන්න.
ලොව පුරා සිටින බෝරාවරුන් 23,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට පැවැත්වෙන ” බෝරා සමුළුව ” සම්බන්දයෙන් බෝරා පුජාවේ නියෝජිත ඉමරාන් ෆකුර්දින් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ සිය ආගමේ අන්තවාදයට ඉඩක් නොමැති බවත් එහෙම සිතිමක්වත් නොමැති බවයි. එමෙන්ම රටේ සංවර්ධනය සදහා කල යුතු දේ සහ අනෙක් ජාතින් සමග සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබදව මෙම […]
2019 ජනාධිපතිවරණය සැප්තැම්බර් 15 වනදායින් පසුව බොහෝ විට ප්‍රකාශ කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා. එම දිනය බොහෝ විට නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 යන දින බව සදහන්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දන්නවද..? ලංකාව ප්රස්තිශතයක් විදිහට ගත්තාහම ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතීන් වතුරට සහ මුහුදට එකතු කරන රටවල් වලින් එකක් බව…තව ටික කාලයකින් මේ විදිහටම ගියොත් අපි ඉස්සර සිප්පිකටු ඇහිදපු වෙරලේ සිප්පු වෙනුවට ඇහිදින්න වෙන්නේ වතුර බෝතල්, පොලිතීන් බෑග්… අපේ රටේ මිනිස්සුම රට ගැන,පරිසරය ගැන හෙටක් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව තැන් තැන් වල කුණු දානවා.ඒකෙන් වෙන්නේ වතුරට ඒ […]