පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු නොකළහොත් විදුලිය සැපයුම විසන්ධි කරන බවට ඉස්ලාමාබාද් විදුලිය සැපයුම් සමාගම පකිස්තානයට අනතුරු අඟවා තිබෙනවා. රුපියල් ලක්ෂ 41 ක් වන විදුලි බිල පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්න ද නිසි ප්‍රතිචාර ලැබී නොමැති බැවින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලේකම් වෙත දැනුම්දීමක් කරමින් අදාළ සමාගම ප්‍රකාශ […]
ඊයේ(30) රාත්‍රියේ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ වරදට ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර, මේ වනවිට කීප වරක් විදේශයන් වෙත ගොස් විවිධ භාණ්ඩ තොග මෙරටට ගෙනැවිත් ඇති බව සදහන්. ඔහු විසින් […]
ඩුප්ලිකේෂන් පාරේ කොල්ලුපිටිය හංදියේ සිට වැල්ලවත්ත දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හික්කඩුව සහ සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තුන්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා. හික්කඩුව පොලිසිය විසින් දකුණු නාවික විධානය වෙත කළ දැනුම්දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් ධීවරයන් බේරාගත් බව සදහන්. මුහුදේ රළු බව හේතුවෙන් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර මුහුදේ […]
කලාවැව ජාතික වන උද්‍යානයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටි “දීගදන්තු හස්තියාගේ” බවට සැකකෙරෙන හස්තියෙකුගේ මල සිරුර වනජීවී නිලධාරීන් විසින් කලාවැව ජාතික වන උද්‍යානයේ සිම්බලන්වැව ප්‍රදේශයේදී ඊයේ (29) දින සොයා ගෙන තිබෙනවා. මෙම හස්තියා මියගොස් මාසයක පමණ කාලයක් වන බවත් මල සිරුර හමුවන අවස්ථාවේදී එය බෙහෙවින් නරක්වී තිබු බවත් වාර්තා වනවා. ධිවර කටයුතුවල යෙදී සිටි ධීවරයෙකු […]
මඩකලපුව සියොන් දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද (30) නියෝග කර තිබෙනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම බෝම්බකරුගේ හිස කොටස පසුගිය අගෝස්තු මස 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන […]
ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට ගමන් කරමීන් පවතින බව ජාත්‍යන්තර කාලගුණ අංශ පවසනවා. පැයට කිලෝමීටර 210 වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ ජෝර්ජියා ප‍්‍රාන්ත වලට වලට ඉන් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. එම තත්වය මත ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට හදිසි තත්වයක් ද ප‍්‍රකාශයට පත් කර කර […]
අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප්රවාහනය කරමින් තිබු ලොරි රථයකට අදත් ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.අද අලූයම 01 00 ට පමණ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ දී එම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. ප‍්‍රහාරයෙන් කසල ප‍්‍රවාහනය කළ ලොරී රථයේ ඉදිරිපස විදුරුවට හානි සිදුව තිබෙන අතර පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර […]
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කිරීමට පසු පෙළ මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සදහන් කලේ ජනතාව ඉල්ලන දිනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බවයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ යුතු වන්නේ මැතිවරණ කොමිසන් […]
කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ආරම්භ කර ඇති මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයෙන් දෛනිකව මගීන් දහසකට ආසන්න පිරිසක් ප‍්‍රවාහනය කරන බව ඉඩම් සංවර්ධන සංස්ථාව පවසනවා සියත ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කළේ මේ සදහා සංචාරක ආකර්ශනය ද හිමිව ඇති බවයි. ඒ අනුව නරගය පුරා අභ්‍යාන්තර ජල මාර්ග ඔස්සේ […]
ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන්හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබෙනවා. මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම් කළ 06 වන පුහුණුකරු මහේල ජයවර්ධනයි. මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා 02කදී ශූරතාව කරා මෙහෙය වූවා.
“සුදු පුල්ලි” රෝගය පැතිර යාම හේතුවෙන් ඉස්සන් කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ආරච්චිකට්ටුව, මුතුපන්තිය ගම්මානයේ ව්‍යාපාරිකයින් සඳහන් කරනවා. අභිජනනාගාරවලින් ලබා ගන්නා ඉස්සන් පැටවුන් පොකුණු තුළ තැම්පත් කර ආහාර ලබා දී මාස 03 කදී පමණ අස්වැන්න නෙලා ගැනීම ඉස්සන් ව්‍යාපාරිකයින් විසින් සිදු කරන අතර මෙම පොකුණු තුළ ජීවත් වන ඉස්සන් අස්වැන්න නෙළන අවස්ථාව වන විට අඩුම […]