එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය මේ මස 31 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම බිහිකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. සිය සන්ධානයේ අපේක්ෂකයා ද, මේ මස අවසන් වීමට පෙර රටට හෙළි කරන බවත් නව සන්ධානය සහ අපේක්ෂකයා නම් කිරීම එකම දිනක සිදු කරන බව ද වැඩි දුරටත් පැවසෙනවා. නව සන්ධානයක් ගොඩනැගීමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ […]
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 4. 00ට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවධානයට යොමු කෙරෙන බව පැවසෙනවා. එමෙන්ම මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරුන් […]
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරන්නේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ග්‍රාමීය ජනතාවගේ ද අදහස් සහ යෝජනා එක්කර ගනිමින් සකස් කර ඇති බව සදහන් වන්නේ. ඒ […]
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණේ 2017 වසරේ ජූලි මස 04 වැනිදාය. ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි. ඒ අනුව මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් වුණ අතර […]
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය වන තාවකාලිකව තද සුළං වලින් සිදුවන බලපෑම ද අකුණු මඟින් සිදුවන අනතුරු ද අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් […]
ජවිපෙ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන මහා ජන රැලිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සංවිධාන 28 ක් මේ සදහා එක්ව ජාතික ජන බලවේගය යටතේ අද ජනපති අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටිනවා.
බංග්ලාදේශයේ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක දැවැන්ත ගින්නක් ඇති වී තිබෙන අතර පැල්පත් නිවාස ආශ්‍රිතව හටගත් ගින්නෙන් නිවාස 15 000ක් පමණ විනාශ වී ඇති බව දැනට වාර්තා වෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි. එහි නිවාස බහුතරයක වහල සඳහා ප්ලාස්ටික් භාවිත කර තිබීම හේතුවෙන් ගින්න සීඝ්රයෙන් පැතිර ගොස් ඇති බව පැවසෙනවා. […]
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශ කිරීමේ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ ගාලු මුවදොර පිටියේදීයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙම රැලියේදී නම් කිරීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වෙනවා.නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ. […]
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ නිලධාරින් හා පාර්ශව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරන අතර මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් වැඩි දුරටත් සදහන් […]
ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ඊට අදාළ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක පොලිස් ක්‍රිකට් තරාගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී බටහිර ඔස්ට්‍රේලියා පොලිස් කණ්ඩායම පරාජය කරමින්ය. එමෙන්ම ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙනවා. මෙම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවලිය සදහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් […]