කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ගේ බිරිඳ අද (15) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. සහරාන හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා විසින් එම රහස් ප්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන […]
මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් සංවිධානයේ ක්‍රියාකාරීන් තුන්දෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සහරාන් හෂීම් සමග පුහුණුව ලබා ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඉන් දෙදෙනෙකු පුහුණුව ලබා […]
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ අද පෙරවරුවේ රැස් වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දීම හා ඖෂධ හිගයට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට […]
කුරුලූ රංචුවවක ගැටීම හේතුවෙන් රුසියානු ගුවන්යානයක සිටි මගීන් 23දෙනකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු වන විට අදාළ ගුවන් යානය පියාසර කරමින් තිබුනේ රුසියාවේ මොස්කව් නුවර සිට ක්රිමියාව වෙතයි. යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදී තිබෙනවා. එහිදී යානයේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇති අතර ගුවන් නියමුවා විසින් යානය ගොඩ බස්වා තිබුනේ ඉරිඟු වගා […]
ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් චීනයේ ගුවන් ගමන් 700ක් අවලංගු කර තිබෙනවා. චීනයේ ෂිකෝකු ප්‍රදේශයට බලපා ඇති මෙම කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4කට අධික පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන් ව තිබෙනවා. ප්‍රදේශයේ සිරවී සිටන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය සතිය තුළ […]
ඉන්දියාවේ සිටින සිය ඥාතින් පිරිසක් දැක බලා ගැනීම සඳහා ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු අතුරුහන්වී ඇති බව ඔහුගේ මව විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 26 හැවිරිදි මෙම තරුණයා පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට චෙන්නායි බලා ගමන් කරනු ලබන අභ්‍යන්තර ගුවන් […]
තමා ලබාදෙන උපදෙස්වලට තදින් අනුකූල වන ලෙසට පොලීසියේ සියලුම අංශ දැනුවත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු බරපතල ඝණයේ නඩු පහකට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව එතුමාගේ […]
එක්සත් ජාතිත පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනයේදීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම මහතා ප්‍රකාශ කළා. මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද(15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ […]
මෙරට අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%කගේ දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. එම සමීක්ෂණයේ දත්තවලට අනුව අවු.5, අවු.12 සහ අවු.15 වශයෙන් ළමයින් කාණ්ඩ 03කට බෙදා වෙන් කළ බව සදහන්. වයස අවුරුදු දොළහේ පසුවන දරුවන්ගෙන් 30%කගේත් වයස අවුරුදු 15 පසුවන දරුවන්ගෙන් 40%කගේත් දත් දිරා ඇති බව වාර්තා වනවා. කිරි දත්වලට සිදුවන […]
2017 වර්ෂයේ පළාත් පාලන (සංශෝධන) පනත සම්මත කිරීමට පෙර පැවති මැතිවරණ නීතිය එනම් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද නැද්ද යන්න පිළිබද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කර ඇති යොමු කිරීම විභාග කිරීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇති බව සදහන්. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, […]
ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් තුන්දෙනෙකු පොලිසිය විසින් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කලේ. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මොහොමඞ් සහරාන් සමග පුහුණුවීම් සිදු කර […]
ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් නිපදවන ලද විශේෂ මයික්‍රො චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුවක් ’ එළිදැක් වූ අතර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මෙම පන්දුව පළමුවරට අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම ස්මාර්ට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය, තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත […]