හිඟුරක්ගොඩ – රජඇල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට අයත් ව්‍යාජ නිළ මුද්‍රා 86ක්, පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍ර දෙකක් මෙන්ම ව්‍යාජ ලිපි ලේඛන රැසක් ද එහි තිබී […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු, එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද(16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මොවුන් සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන්, බහු දින ධීවර යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව සදහන්. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් රැස් කරගෙන සිටියා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක් වන අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වු […]
ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපට ඉතාම ප්‍රයෝජනවත් සහ අද කාලයේ නැතුවම බැරි දෙයක්. අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි ඔබට මෙයින් හදුන්වාදෙන්න. මේවා භාවිතා කර ඔබත් ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න. MyEnglishTeacher.eu මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට […]
අර්බුධයකට තුඩු දී තිබෙන ඉන්දු පාකිස්ථාන සම්බන්ධතාවය උග්‍ර කරමින් ඊයේ දිනයේදී ද කාශ්මීර දේශ සීමාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව පාකිස්ථාන යුධ හමුදාව නිවේදනය කර සිටි අතර එමෙන්ම දේශ සීමාව ආශ්‍රිතව මේ වන විට දිගින් දිගටම ඉන්දීය හමුදාව සහ පාකිස්ථාන සෙබළුන් අතර වෙඩි හුවමාරුවීම් සිදුවන බවටද වාර්තා වෙනවා. පසුගිය සතියේදී […]
පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටි මන්දාකිනියකින් නිකුත් වන්නට ඇති බවට පැවසෙන නවතම රේඩියෝ සංඥා 08ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඒ අනුව මෙම සංඥා කැනේඩියානු හයිඩ්‍රෝජන් සිතියම් කරන ගුවන් විදුලි දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගැනීමට සමත්වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම පරීක්ෂණයක් සිදු කරන අතර ග්‍රහණයට ලක්ව […]
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනක් සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන, සමිත්පුර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත පුද්ගලයින් ලග තිබී වානේ කඩු දෙකක්, මොට ආයුධයක්, […]
හබරණ – දඹුල්ල මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ඊයේ රාත්‍රී 10ට පමන අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් […]
බෞද්ධ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද සමගි සම්මුතියකට එලඹෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන […]
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එම වර්ජනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බවයි පැවසෙන්නේ.
අද පස්වරු කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සහන කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙන අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ උතුරු පළාත්වලත් […]