පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටි මන්දාකිනියකින් නිකුත් වන්නට ඇති බවට පැවසෙන නවතම රේඩියෝ සංඥා 08ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඒ අනුව මෙම සංඥා කැනේඩියානු හයිඩ්‍රෝජන් සිතියම් කරන ගුවන් විදුලි දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගැනීමට සමත්වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම පරීක්ෂණයක් සිදු කරන අතර ග්‍රහණයට ලක්ව […]
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනක් සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන, සමිත්පුර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත පුද්ගලයින් ලග තිබී වානේ කඩු දෙකක්, මොට ආයුධයක්, […]
හබරණ – දඹුල්ල මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ඊයේ රාත්‍රී 10ට පමන අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් […]
බෞද්ධ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද සමගි සම්මුතියකට එලඹෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන […]
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එම වර්ජනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බවයි පැවසෙන්නේ.
අද පස්වරු කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සහන කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙන අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ උතුරු පළාත්වලත් […]
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (15) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු […]
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ගේ බිරිඳ අද (15) දින කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ඉදිරියේ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල මැදිරියේදී රහස් ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. සහරාන හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා විසින් එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන […]
මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහීම් සංවිධානයේ ක‍්‍රියාකාරීන් තුන්දෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සහරාන් හෂීම් සමග පුහුණුව ලබා ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඉන් දෙදෙනෙකු පුහුණුව ලබා […]
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ අද පෙරවරුවේ රැස් වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතිය නීතිගත නොකිරීම රෝගීන්ට ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දීම හා ඖෂධ හිගයට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට […]
කුරුලූ රංචුවවක ගැටීම හේතුවෙන් රුසියානු ගුවන්යානයක සිටි මගීන් 23දෙනකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු වන විට අදාළ ගුවන් යානය පියාසර කරමින් තිබුනේ රුසියාවේ මොස්කව් නුවර සිට ක‍්‍රිමියාව වෙතයි. යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදී තිබෙනවා. එහිදී යානයේ එන්ජිම ක‍්‍රියා විරහිත වී ඇති අතර ගුවන් නියමුවා විසින් යානය ගොඩ බස්වා තිබුනේ ඉරිඟු වගා […]
ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් චීනයේ ගුවන් ගමන් 700ක් අවලංගු කර තිබෙනවා. චීනයේ ෂිකෝකු ප‍්‍රදේශයට බලපා ඇති මෙම කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4කට අධික පිරිසක් ප‍්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන් ව තිබෙනවා. ප‍්‍රදේශයේ සිරවී සිටන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. පසුගිය සතිය තුළ […]