News Line| Off Air
Generic placeholder image

Aug
15

මෝදීගේ නිදහස් දින ප‍්‍රකාශය කාශ්මීර අර්බුදය තවත් වැඩි කරන ලකුණු

Generic placeholder image

ඉන්දියාවේ 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජාතිය අමතමින් සිදු කළ ප‍්‍රකාශය ඉන්දු පාකිස්ථාන අර්බුදය තවත් උග්‍ර අතට පත් වී තිබෙන බව දේශපාලන විචාරකයින් සදහන් කරනවා. ඒ අනුව පෙර පැවැති කීර්තිමත් තත්ත්වය යළිත් කාශ්මීරයට ගෙන දෙන බවට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය වැසියන් වෙත අද ප‍්‍රතිඥාවක් ලබා දුන් අතර කාශ්මීරය නගා සිටුවීම […]


Aug
15

ජනපති අපේක්ෂක ගෝඨාභය මහනුවර රදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබා ගනී

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර රදගුරු නිල නිවසට පැමිණ රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර පූජා භූමියේ පැවැත් වෙන ආගමික වතාවත්වලට සහභාගිවීම සඳහා කතරගම බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.


Aug
15

ජනපතිවරණය ගැන ශ්‍රීලනිපයේ තීරණය සැප්තැම්බර් 03 වැනිදා

Generic placeholder image

අද පෙරවරුවේ ආරම්භ වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බවයි. එසේම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් පසුවන බවත් එසේ සන්ධානගතවීමේදී පක්‍ෂයේ අනන්‍යතාව අනිවාර්යයෙන්ම ආරක්‍ෂා විය යුතු බවද ඒ මහතා […]


Aug
15

ආනයනය කරන කිරිපිටි ගැන නවතම අනාවරණයක් මෙන්න

Generic placeholder image

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොමැති බවට ජර්මනියේදී සිදු කරන ලද පරික්ෂණයකින් තහවුරු වී තිබෙන බව වාර්තා වී තිබේනවා. මෙම පරීක්ෂණ සදහා වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල යොදා ගෙන තිබෙනවා. පසුගිය දිනක බුද්ධික පතිරණ මහතා මෙරටට ආනයනය කරන අලද කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු බවට සිදු කල ප‍්‍රකාශය ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. අනතුරුව මේ […]


Aug
15

ඉන්දියාවේ 73වන නිදහස් දිනය අදයි

Generic placeholder image

ඉන්දියාවේ 73වන නිදහස් දිනය අදට යෙදී තිබෙන අතර ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නදිල්ලියේ පිහිටි රතු බලකොටුවේදී පැවැත්වුණා. අගමැති මෝදි මහතා සිය දෙවන ධුර කාලයේ පළමුවන නිදහස් දින කතාව අද පවත් වූ අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වන අඛණ්ඩ හය වන නිදහස් දිනය අදයි. එමෙන්ම මෙවර උත්සවය සඳහා පාසැල් දරුවන් වැඩි වශයෙන් සහභාගි කර […]


Aug
15

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249ට සිමාවෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 249 ක් පමණයි. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කලේ රෝස් ටේලර්ය. ඒ ලකුණු 86 කි. ඊට අමතරව හෙන්රි නිකලොස් ලකුණු 42ක් රැස්කලා. ශ්‍රී […]


Aug
15

එජාපෙ ජනාධිපති අපේකෂකයාත් පෙරමුණත් නම් කිරීම ප්‍රමාද වන ලකුණු?

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් ප්‍රමුඛව ඉදිරිපත්වී ඇති අතර එජාපය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හමුවේ මේ තිදෙනාටම සහය පල කරන පිරිස් […]


Aug
15

ඡන්ද හිමි නාම ලේඛනය ලබන 23 දා සිට ප්‍රදර්ශනයට

Generic placeholder image

2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර […]


Aug
15

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වු ඊයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 64කට සිමා කිරීමට අකිල ධනංජය සමත් වුණා ඒ ලකුණු 30ක් රැස්කළ ටොම් ලේතම් දවා ගනිමින්ය. එමෙන්ම […]


Aug
15

මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව නිමාවට පත් වෙයි

Generic placeholder image

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඒඅනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන් විසින් ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත සංදේශය භාරදීමෙන් අනතුරුව මෙවර ඇසල පෙරහැර මංගල්‍ය නිල […]


Aug
15

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද කතරගමට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ කතරගම පුදබිමට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අද පස්වරුවේ කතරගම පුදබිමට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහරස්ථානයේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිත අතර කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ දී පහන් 84,000ක ආලෝක පුජාවක් පැවැත්වීමට සහ එහිදී ජය පිරිත් සඡ්ඡායනය කොට ආශිර්වාද පූජාවක් පැවැත්වීමට ද […]


Aug
15

දිවයිනේ පළාත් කීපයකට අද තද වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අද දිනයේ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය […]


News Articles
Latest Videos
Most Popular Post