“සජිත් එනවා ” බදුළු රැළිය මේ මොහොතේ අමතමින් අදහස් දක්වන හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකර සිටියා. ” රැල්ලට බයනම් අපි වැල්ලට එන්නේ නැහැ කියලා එදා අපි ඌවෙන් සටන පටන් ගත්තා. අද අපි කියන්නේ අපි දැන් රැල්ලට බය නැහැ, සජිත් ඉන්නවා අපි එක්ක. අනික බදුල්ලෙන් ආරම්භකරපු කිසිම දෙයක් අපිට වැරදිලා නැහැ. අපි ගෙනත් තියෙන්නේ තව අවුරුදු […]
රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන ආ ඉන්දීය ජාතික 37 හැවිරිදි කාන්තාවක් ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා. ඉන්දියාවේ […]
අපේ අපේක්ෂකයා නම් කරන්නේ ගෘහස්ථ කී‍්‍රඩාංගන ඇතුලෙ නෙමෙයි ගාලු මුවදොර පිටියට දස දහස් ගණනින් සෙනග ගෙනත් බව සජිත් එනවා බදුළු රැළිය අමතමින් කම්කරු වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර පවසා සිටියා. එමෙන්ම මෙම රැළිය පෙරහුරු රැළියක් පමණක් බවත් ඔහු පැවසුවා. සජිත් එනවා රැළිය මේ වන විටත් බදුල්ල විල්ස් පාර්ක් පිටියේ පැවැත්වෙනවා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවය මේ වන විට බදුල්ලේදී ආරම්භ වී තිබෙනවා. බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය පවත්වනු ලබනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් මෙම උත්සවයට සහභාගි වුණා.
ලබන 22 වනදා ඉන්දියාව සමගින් ආරම්භවෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව් පිලට 26 හැවිරිදි රකීම් කොන්වෝල් කැදවා තිබෙනවා. තවමත් ජාත්‍යයන්තර ටෙස්ට් වරම් ලබා නොමැති කොන්වෝල් මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගතහොත් මෙතෙක් ඉතිහාසයේ ජාත්‍යයන්තර ටෙස්ට් තරගයක් සදහා සහභාගි වන බරින් වැඩිම කී‍්‍රඩකයා බවට ඔහු පත් වනු ඇති. දකුණත් පිට […]
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයෙකුට බවත් තමා සහය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා. මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි-සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට ඊයේ එක්වෙමින් එතුමා මේ බව පැවසුවා. කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි […]
පක්ෂයක් විදියට මේ අවස්ථාවේ සීමාවිය යුත්තේ රටේ අපේක්ෂාව බවත් රටේ අපේක්ෂාව තිබෙන පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම සැමගේ වගකීම බවත් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා රටේ අපේක්ෂාව බවත් එබැවින් එක්සත් ජාතික පක්ෂ රැළිය තව සුළු මොහොතකින් දඹුල්ලෙන් ආරම්භ කිරීමට නියමිත බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා. ”සජිත් එනවා රැළිය” […]
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. මීට අමතරව කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශවල ද වාන් දොරටුව බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් […]
හොංකොං ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඉදිරිපිට රාජ්‍ය විරෝධී විරෝධතාවයක් සිදුවන බැවින් හොංකොං ජාත්‍යයන්තර ගුවන් තොටුපලින් පිටත්ව යන සියලු ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. විරෝධතාකරුවන් අඛණ්ඩව විරෝධතාවය සිදුකරන අතර පොලිසිය විසින් මෙය මැඩපැවැත්වීම සදහා එල්ල කරන කදුලු ගෑස් වලින් මිදීම සදහා මෙම විරෝධතාකරුවන් ඇස් වලට වෙලුම් පටි පැළද සිටින බව සදහන්. හොංකොං ගුවන් තොටුපල අධිකාරිය කියා සිටියේ තවමත් […]
කරුවලගස්වැව එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක් වන දමයන්ත විමුක්ති ඒකනායක ආණමඩුව පොලිස් වසමේදී පුත්තලම – කුරුණෑගල මාර්ගයේ තී‍්‍රවිල් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශය විසින් ලද තොරතුරුකට අනුව පොලිසිය විසින් මෙම තී‍්‍රරෝද රථය පරික්ෂා කිරීමෙන් අනතුරුවයි. එහිදී මෙම මන්තී‍්‍රවරයා ළග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සොයාගෙන තිබෙනවා. […]
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. කමිටුවේ කටයුතු මේ මස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහා කාලය තවත් මසකින් දීර්ඝ කර ගැනීම සඳහා […]
මුදල් අමත්යයංශය විසින් නිකුත් කරන මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. සෑම මසකම 10 වෙනිදට මෙම මිල සුත්‍රය ක්‍රියාත්මක වුවද මෙවර හෙට දිනයේ එනම් 13 වන දින නව මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙනවා. ඒ අනුව බොහෝ විට මෙවර තෙල් මිල ලොකු වෙනසක් සිදු වීමට ඉඩ නොමැති බවද […]