ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුගේ බලය කිසිවෙකුට උදුරාගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. දේශපාලනයේ නිරත රාජපක්ෂවරුන් බලයට ඒම වැළැක්වීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ නීති අණපනත්ද වෙනස් කිරීමට සැළසුම් කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටි අතර තමන්ට පවතින ජන ප්‍රසාදය පිළිබඳවද ඔවුන් […]
මෙරට පවතින කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා. අදාල ආයතන සමඟ මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වන බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියා. දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ පවතින අතර බහාලුම් 111 […]
වර්ෂ 2015-2018 කාලය තුළදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 600 ක ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාලව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සදහන් වෙනවා. එමෙන්ම පැමිණිල්ලට […]
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා.අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසු අතර යළි අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව සදහන් වෙනවා. රිෂාද් බදියුදීන්, ඒ.එච්.එම්.ෆවුසි සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටින බවත් […]
හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනාවට වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වන දා යළි කැඳවන ලෙස අද(29) කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා. එහිදී […]
රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව වාර්තා වෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද දැනුම් දීමට නියමිත බවද එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. මීට අමතරව එදිනටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් […]
ඉකුත්දා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරට ලක්ව ඇති නෞකාව කොටස්වලට ගලවා වෙන් කර හෝ කපා ඉවත් කිරීමට සිදුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා.ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ අදාළ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැකි එකම ක්‍රමය එය පමණක් බවයි. එමෙන්ම මෙම නෞකාව අනතුරට […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති […]
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් කඩුළු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ වුණා. ඒ අනුව පුරා මාස 44කට පසුව ශ්‍රී ලංකාව තුලදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගනිමින්. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි භාරගෙන ඇති බව වාර්තා වෙනවා.දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ මෙලෙස පත්වීම් ලිපි භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, […]
දිවයින පුරා බීමත් රියදුරන් 5924ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. පසුගිය 2019.07.05 දින සිට මේ දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (27) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 219 ක් අත්අඩංගුවට ගෙනඇති බව පැවසෙනවා.