අභාවප්‍රාප්ත වු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මියගේ අවසන් කටයුතු එළඹෙන බදාදා (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. කුසුම් පිරීම් මහත්මියගේ දේහය අද (22) සවස 6ට පමණ නිවසට රැගෙන ඒමට කටයුතු කරන බවත් අවසන් කටයුතු ඇල්දෙණිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවත් එතුමියගේ […]
රජයේ ලියාපදිංචි වී ඇති සියලුම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගියදා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ […]
රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද […]
පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. කැබිනට් මණ්ඩලය හා ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ […]
වොල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදිත අන්තර්ජාතික චිත්‍රපටයක් ලෙස පසුගියදා එළි දැක්වුණ ‘ලයන් කිංග්’ නමැති චිත්‍රපටයේ හින්දි පිටපත වෙනුවෙන් ෂාරුක් ඛාන් හා ඔහුගේ පුතු ආර්යන් සජීවී සතුන්ට හඩ කැවීම සදහා සම්බන්ධ වී තිබෙනවා. එහි හින්දි භාෂා ප්‍රතිනිර්මාණය සිදු කිරීමේදී ප්‍රධාන චරිතය වූ මුසාෆා සිංහයාට ෂාරුක් කානුත් මුසාෆාගේ පුතු වූ සිම්බා සිංහ පැටවාට ෂාරුක් කාන්ගේ පුතු ආර්යනුත් හඩ […]
පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම අරමුණු කොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ […]
අයහපත් කාලගුණ තත්ත්වය ලබන 24 දින තෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් අද (22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් […]
එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. “ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ඇතුළු වගකිව යුතු සියලුම පාර්ශව දැනුවත් කර ඇති බවත් එම කාලය තුළ ජනාධිපතිවරණය […]
දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කරමින්ව සර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමා වනවිට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් රැස් කරගෙන සිටි අතර නමුත් දෙවන කාර්තුව නිමා වනවිට නවසීලන්තය ලකුණු 28ට 25ක් […]
කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී පසුගියදා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22) අධිකරණයට භාර වී තිබෙනවා. අනතුරුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මෙම මස 29 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඉකුත්දා සිදුවූ මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා […]
ශ්‍රි ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පළමු වරට ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා මෙරට ත්‍රිවිධ හමුදා නිළධාරීන් එක්විමට නියමිත බව වාර්තා වෙනවා. තවද පුහුණුවීම් අතින් රටවල් දෙක අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් පසු ගිය කාලය පුරාම පවත්වාගෙන පැමිණි බවත් එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය […]
නීතිවිරෝධී අයුරින් රුපියල් අසූනව ලක්ෂ 30,000 ක් වටිනා සෞදි රියාල් තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන මොහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සෞදි රියාල් තොගය රාජසන්තක කර මොහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බව […]