News Line| Off Air
Generic placeholder image

Jul
8

ජනපති සහ මුස්ලිම් ඇමතිවරුන් අතර අද සාකච්ඡාව හවසට කල් යයි

Generic placeholder image

ජනාධිපතිවරායා සහ මුස්ලිම් මැති ඇමතිවරුන් අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව සියලූම මුස්ලිම් මන්ත්‍රිවරුන් සහභාගි කර ගැනීමට නොහැකි වු නිසා අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අමීර් අලි මහතා සදහන් කලා. මුස්ලිම් ජනතාවට බලපාන කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡාවට ලක් කරන බවයි වාර්තා වන්නේ.


Jul
8

වීදි පිරෙන පාද සටනේ දෙවන දිනය අදයි

Generic placeholder image

රජයට ඉල්ලා අස්වන ලෙස බලකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පාගමනේ දෙවන දිනය අදයි. පාගමන මොරටුවෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා. පාගමන අවසානයේ අද පස්වරු 03 යි 30 ට නුගේගොඩදී ජන රැළියක්ද සංවිධාන කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සදහන් කළේ. වීදි පිරෙන පාද සටන තේමාව යටතේ ඊයේ ආරම්භ වු පාගමන කලූතර […]


Jul
8

තේ දලූ මිල සීඝ‍්‍රයෙන් පහතට

Generic placeholder image

තේ දලූ මිල සීඝ‍්‍රයෙන් පහත යමින් පවතින බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා. එහි කැදවුම්කරු ලාල් පේ‍්‍රමතිලක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ මේ හේතුවෙන් කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවයි. පවතින තත්වයේ වෙනසක් මෙම මාසය අග භාගයේ අපේක්ෂා කරන බවයි තේ මණ්ඩලයේ සභාපති ලූසිල් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.


Jul
8

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

Generic placeholder image

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කර ඇති බව […]


Jul
8

ග‍්‍රීසි මහ මැතිවරණයේ ජය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට

Generic placeholder image

ග‍්‍රීසියේ මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂයක් වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. සමස්ථ දිස්ත‍්‍රික්ක වලින් සියයට 88 ක ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිඵල වලට අනුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 39 යි දශම 08 ක ජන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගෙන සිටිනවා. පාලක වාමාංශික පක්ෂයට හිමි වී ඇත්තේ […]


Jul
8

ලෝක කුසලානයෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යලි දිවයිනට

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට නොහැකි වුනා. ඉන්දීය තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු අද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.


Jul
8

ගැඹුරු මුහුද නීරීක්ෂණයට චීනයෙන් නෞකාවක්

Generic placeholder image

මහජන චීන සමුහාණ්ඩුව විසින් ප්‍රදානය කරන ලද ජි- 625 නෞකාව මේ වන විට කොළඹ වරාය වෙත ළගා වී තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර සහයොගිතාවය වර්ධනය කිරිමේ අරමුණෙන් මෙම නෞකාව චීනයෙන් ප්‍රදානය කර ඇති බව සදහන් වෙනවා.ගැඹුරු මුහුද නිරික්ෂණය කිරිමේ නෞකාවක් වන මෙහි අධි තාක්ෂණ උපාංග රැසකින් යුක්ත වන බවයි පැවසෙන්නේ. නෞකාව නිල වශයෙන් භාරදීමේ […]


Jul
8

යාපනයේ ඉඩම් බැලූ අමෙරිකානුවන් ගැන ආරක්ෂක ඇමති ජනපතිගේ අවධානයට යොමු කරයි

Generic placeholder image

අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ ඉඩම් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ ඊයේ (07) රාති‍්‍රයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙලෙස පැමිණි අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවත් […]


Jul
8

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියට ජනපතිගෙන් ඇගයීමක්

Generic placeholder image

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට කැපවූවන් අගය කරමින් ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම අද සිදුවනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ දීයි. මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කරනලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ නිළධාරීන්ට උපදෙස් දී තිබුණා. වයඹ ඇළ, මිනිපේ ඇළ සහ ඉහළ ඇලහැර ඇළ සංවර්ධන […]


Jul
8

ශ‍්‍රී ලංකා – ඉන්දියා තරගය දා පියාසර කළ ගුවන් යානය පිළිබද ඉන්දියාවේ දැඩි අවධානය

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉකුත් දා ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය පැවැත්වෙද්දී කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානය මගින් දේශපාලන පණිවිඩයක් සහිත විශාල ප‍්‍රමාණයේ බැනරයක් ප‍්‍රදර්ශනය වන අයුරෙන් පියාසර කිරීමයි. ඒ අනුව අදාළ බැනරයේ දැක්වුනේ ඉන්දියාවේ මැර කල්ලි පාලනයට සහය […]


Jul
8

වැල්ලවායේ රණවරාව කඳු රක්ෂිතයේ අක්කර 50ක් ගිනිගෙන විනාශ වෙයි

Generic placeholder image

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී ඇති බව වාර්තා වෙනවා.ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති බව පැවසෙනවා. පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය […]


Jul
8

අගමැතිගෙන් ශිෂ්‍ය භට බළකායට වෙනස්කම් රැසක්

Generic placeholder image

ඉදිරි වසර කිහිපය තුළ ජාතික ශිෂ්‍ය භට බළකාය තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශිෂ්‍ය භට බළකායේ අන්තර් පළාත් ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවයට ඊයේ (07) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වසර කීපයේ දී මේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වන අතර ඒ අනුව […]


News Articles
Latest Videos
Most Popular Post