News Line| Off Air
Generic placeholder image

Jul
1

අකිල අද ජනපති කොමිසමට

Generic placeholder image

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ පාසල් පෙළපොත් මුද්‍රණය්දි ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ රුව ඇතුලත් ඡායාරූප අන්තර්ගත කරමින් මුදල් අපතේ යැවිමේ පැමිණිල්ලට අදාල නොතීසියකට අනුව බව පැවසෙනවා.


Jul
1

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවයි

Generic placeholder image

කොළඹ වරායේ සිට කොලොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදෙන බව පවසමින් පෙර දැනුම් දුන් පරිදි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා තිබෙනවා. මෙම නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය […]


Jul
1

ජනපති ප්‍රධානත්වයෙන් මත්ද්‍රව‍්‍ය නිවාරණ මහා සමුළුව ඇරඹෙයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණු බව වාර්තා වෙනවා. .ජුනි 26 වන දිනට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ වෘත්තිය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය […]


Jul
1

එංගලන්තය ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරයි

Generic placeholder image

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 31ක ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත අතර .පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව […]


Jul
1

දිවයින වටා වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේ වැසිවාර කිහිපයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා […]


Jul
1

රාජ්‍ය සේවකයින්ට අද සිට වැඩි කෙරුණු දීමනා හිමිවේ

Generic placeholder image

2019 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි රාජ්‍ය සේවක වැටුපට අද (01) සිට තවත් දීමනාවක් එක්වන අතර ඒ අනුව ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2,500ක අන්තර්කාලීන දීමනාවක් අද සිට හිමිවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මේ සඳහා රජය වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20,000ක් පමණ වෙනවා. විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද […]


Jun
29

මධුෂාන් 07 බහුදින ධීවර යාත්‍රාව අනතුරට

Generic placeholder image

ධීවරයන් තිදෙනෙක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී අනතුරට පත්වී ඇති අතර බෝට්ටුවේ සුන් බුන් අම්බලන්ගොඩ උස්මුදුල්ලාව වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. කෙසේවෙතත් මෙහි සිටි ධීවරයින් තිදෙනා බෝට්ටුවේ සුන් බුන්වල එල්ලී නිරුපද්‍රිතව ගොඩ බිමට පිහිනා ඇති බව සදහන්. ඊයේ (28) සවස 4ට පමණ මධුෂාන් 07 නැමැති බහුදින ධීවර යාත්‍රාව බේරුවල වරායේ සිට […]


Jun
29

ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක්

Generic placeholder image

වවුනියාව, ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක් අද (29) උදැසන වවුනියාව ඕමන්ත පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. බිම් බෝම්බ 25 ක පමණ ප්‍රමාණයක් අදාළ බෑගය තුළ තිබී ඇති අතර බෑගය ආසන්නයේ ආර්.පි.ජි. උණ්ඩයක්ද තිබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. පොලීසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍සොයා ගැනීමට හැකිව ඇති […]


Jun
29

ආයුර්වේද ක්ෂේත්‍රය දූෂණයෙන් තොර බවට ජනපතිගෙන් සහතිකයක්

Generic placeholder image

බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ජාවාරමක් ලොව පුරා ක්‍රියාත්මක වුවත් ආයුර්වේදය දූෂණයෙන් තොර ක්ෂේත්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මනම්පිටිය ආයුර්වේද රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.


Jun
29

මාතලේ නීති කමිටු නිලධාරින්ට මැර ප්‍රහාරයක්

Generic placeholder image

මාතලේ ඇටිපොල කන්ද ආශ‍්‍රිතව පවත්වා ගෙන යන මිනිරන් පතල් කර්මාන්තය හේතුවෙන් සිදුවන පාරිසරික හා සමාජීය ගැටළු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මාතලේ දිස්ත‍්‍රික් නීති කමිටු නිළධාරීන්ට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප‍්‍රදේශයේ බලපත‍්‍ර ලබාගත් මිනිරන් පතල් තුනක් ඇති අතර අනවසරයෙන් කැනීම් කරන තවත් පතල් හයක් ඇති බවට ගම්වාසීන් හා පරිසරවේදීන් ලබාදුන් තොරතුරු සොයා බැලීම […]


Jun
29

වයඹ පලාත් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් යළි වර්ජනයක

Generic placeholder image

තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් වයඹ පලතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් දින කිහිපයකින් අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව පවුල් සෞඛය සේවා නිළධාරීන්ගේ සංගමය පවසනවා. වයඹ පලාතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් මේ වන විට වැඩ බලන ක්ෂේත‍්‍ර වලින් ඉවත්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා භාර දීමෙන් වැලකී සිටින බවයි එම සංගමයේ සභාපති දේවිකා […]


Jun
29

හාලිඇළ ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී බදුල්ල හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් ගෑම් 15යි මිලිග්‍රෑම් 190ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. සැකකරු 25 හැවිරිදි අංපිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post