News Line| Off Air
Generic placeholder image

Jun
18

වව්නියාවට හෙට දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට හෙට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්. ඒ අනුව, හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ වව්නියාව […]


Jun
18

ජපානයෙන් ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

Generic placeholder image

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා […]


Jun
18

විපක්ෂ නායකට නිල වාහනයක්,ඇමති කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට රුපියල් මිලියන 57,546 ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත්කරගනී

Generic placeholder image

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ රුපියල් මිලියන 56,546ක පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ ඇති බැවින් ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනුයි. පළාත් සභා 9 ට අදාළ සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රතිපාදන මෙන්ම විපක්ෂ නායකවරයාගේ භාවිතයට නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් […]


Jun
18

වසර 8කට පසු ඉන්දියාව, චීනය අභිබවයි

Generic placeholder image

තවත් වසර 8කින් ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණතම රට බවට පත්වන බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. වසර 2050 වන විට ලෝක ජන ගහනය වර්තමානයේ පවතින බිලියන 7.7ක සිට බිලියන 9.7 දක්වා ඉහළ යන බවයි එමගින් පෙන්වා දෙන්නේ. මේ වසරේ සිට 2050 දක්වා කාලය තුළ චීනයේ ජනගහනය මිලියන 31.4කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂිතයි. […]


Jun
18

සිසේරියන් සැත්කම් 33,000ක් පිලිබද කරුණු සොයා බැලේ

Generic placeholder image

2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර ඇති අතර 2007 වසරේ සිට මේ දක්වා සිදු කෙරුණු සිසේරියන් සැත්කම් 33,000 ක කරුණු මෙලෙස සොයා බලනු ඇති. සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සහ එම සැත්කමින් පසු අදාළ මව්වරුන්ට දරුඵල හිමිවූවාද නැද්ද යන්න මෙමගින් සොයා […]


Jun
18

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇප මත මුදා හැරේ

Generic placeholder image

ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත සැකකරුවන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා. මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත බෙදා හැරීමට රැගෙන […]


Jun
18

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශේෂ සාකච්ඡාවක් අද

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවත්වෙනවා.එහි ප්‍රකාශකවරයෙකු සදහන් කළේ කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වත්මන් ස්ථානාධිපතිවරයා මෙන්ම එම ප්‍රදේශයේ මුස්ලිම් සංවිධායක නියෝජිත වරුන්ද අද විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ඇති බවයි. මෙම තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සම්බන්ධයෙන් කථානායක කරූ […]


Jun
18

මාලිංග නැවත ලංකාවට

Generic placeholder image

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවත වරක් ලංකාවට පැමිණ තිබෙනවා.ඒ සිය බිරිදගේ මවගේ දානමය පිංකම සඳහායි.ඕස්ට්‍රේලියාවට එරහිව පසුගිය සෙනසුරදා තරගයට ක්‍රීඩා කළ මාලිංග නැවත ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදාය.මේ සඳහා ඔහුට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබි තිබෙන අතර මාලිංග හෙට නැවත කණ්ඩායමට එක් වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.


Jun
18

ඇමති රාජිතට එරෙහිව අත්සන් දස ලක්ෂය

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට නියමිත බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක […]


Jun
18

පාස්කු ප්‍රහාරය ගැන සොයන, තේරීම් කාරක සභාව කථානායක හමුවට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කථානායක කරු ජයසූරිය සමඟ කථානායක කාර්යාලයේ මේ වන විට සාකච්ඡාවක නිරත වන අතර තේරීම් කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල සහ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි […]


Jun
18

වෛද්‍ය සාෆි නිසා ප්‍රාදේශීය සභාවක් උණුසුම් වෙයි

Generic placeholder image

වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆිට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් ඇතුළු ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් අද (18) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කරනු ලැබුවා. අදාළ වෛද්‍යවරයා චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වුවහොත් සිද්ධියට මුහුණදුන් මව්වරුන්ට වන්දි මුදලක් ලබා දිය යුතු […]


Jun
18

තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Generic placeholder image

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 02 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සැකකරු […]


News Articles
Latest Videos
Most Popular Post