මෙම වෙසක් පොහෝ දිනයේදී සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා එක් එක් වෙසක් කලාප වෙනුවට රටම වෙසක් කලාපයක් බවට පත්කරමු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “ත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සැල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇතුළු […]
රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසනවා.ආරක්ෂක ලේකම්වරයා සදහන් කලේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදී පවසා සිටියේ ජනතාවට සුපුරුදු ජන ජීවිතයට එළෙඹීමට අවශ්‍යය වතාවරණය සකසා ඇති බවයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතා පැවසුවේ වරාය ආරක්ෂාව තර කර ඇති […]
සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර දුන්නා.හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කර ඇති බවට එරෙහිව මෙම නඩුව විභාග […]
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදි පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණුවීම් සැසි කිහිපයකට සහා ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා ද සහභාගී වීමටයි. අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලෝක කුසලාන සංචිතය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේ ය. ක්‍රිකට් ආයතන නිලධාරීහු සහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පවුලේ […]
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 සිට පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල, අලූත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පයාගල, පිලමිනාවත්ත, […]
ආරක්ෂිත හේතු මත වසා දමා ඇති පාර්ලිමේන්තු මහජන ගැලරිය අද සිට යලි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු පාලානාධිකාරිය සඳහන් කලේ කෙසේ නමුත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කරන බවයි. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස් වුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොටහේන කොච්චිකඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යළිත් විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ එහි ආගමික වතාවත් ආරම්භ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය. මේ සඳහා වන ක්‍රීඩක ගිවිසුම් සහ නීතිමය තත්ත්වයන් මේ වනවිටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් කර ඇති අතර, ක්‍රීඩකයන්ද දක්‍ෂතා මත පදනම්ව ගෙවීම් සිදු කරන කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා තිබේ. […]
පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකි වුන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා තවදුරටත් ඔහු සඳහන් කළේ එම වත්කම් තහනම් කිරිමටද කටයුතු කරන බවයි. “මේ වන විට සොයාගෙන තිබෙනවා […]
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 600ක් පමණ ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා. මෙම ඉස්ලාම් පූජකයන් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව පැමිණ සිටියත් ඔවුන් සිය වීසා කාලයන් ඉක්මවා ලංකාවේ රැඳී සිට ඇති බවත් දඬ අයකිරිමෙන් පසුව ඔවුන් ලංකවේ […]
ගාල්ල, තලාපිටිය තක්‍යා පාරේ නිවසක තිබී හමුදා නිල ඇඳුම් තොගයක් ඊයේ සොයා ගැනුණා. යුද හමුදා නිල ඇඳුම් 129 ක්, ගුවන් හමුදා නිල ඇඳුම් 20 ක්, නාවික හමුදා නිල ඇදුම් 14 ක් සහ යුද හමුදාව භාවිත කරන හිස් වැසුම් 69 ක් ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ. ගාල්ල, සමුද්‍ර වීදියේ වෙළඳ සැලක තිබී යුද හමුදා නිල […]