මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදි පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණුවීම් සැසි කිහිපයකට සහා ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා ද සහභාගී වීමටයි. අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලෝක කුසලාන සංචිතය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේ ය. ක්‍රිකට් ආයතන නිලධාරීහු සහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පවුලේ […]
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 සිට පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල, අලූත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පයාගල, පිලමිනාවත්ත, […]
ආරක්ෂිත හේතු මත වසා දමා ඇති පාර්ලිමේන්තු මහජන ගැලරිය අද සිට යලි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු පාලානාධිකාරිය සඳහන් කලේ කෙසේ නමුත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කරන බවයි. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස් වුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොටහේන කොච්චිකඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යළිත් විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ එහි ආගමික වතාවත් ආරම්භ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය. මේ සඳහා වන ක්‍රීඩක ගිවිසුම් සහ නීතිමය තත්ත්වයන් මේ වනවිටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් කර ඇති අතර, ක්‍රීඩකයන්ද දක්‍ෂතා මත පදනම්ව ගෙවීම් සිදු කරන කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා තිබේ. […]
පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකි වුන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා තවදුරටත් ඔහු සඳහන් කළේ එම වත්කම් තහනම් කිරිමටද කටයුතු කරන බවයි. “මේ වන විට සොයාගෙන තිබෙනවා […]
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 600ක් පමණ ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා. මෙම ඉස්ලාම් පූජකයන් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව පැමිණ සිටියත් ඔවුන් සිය වීසා කාලයන් ඉක්මවා ලංකාවේ රැඳී සිට ඇති බවත් දඬ අයකිරිමෙන් පසුව ඔවුන් ලංකවේ […]
ගාල්ල, තලාපිටිය තක්‍යා පාරේ නිවසක තිබී හමුදා නිල ඇඳුම් තොගයක් ඊයේ සොයා ගැනුණා. යුද හමුදා නිල ඇඳුම් 129 ක්, ගුවන් හමුදා නිල ඇඳුම් 20 ක්, නාවික හමුදා නිල ඇදුම් 14 ක් සහ යුද හමුදාව භාවිත කරන හිස් වැසුම් 69 ක් ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ. ගාල්ල, සමුද්‍ර වීදියේ වෙළඳ සැලක තිබී යුද හමුදා නිල […]
IPL මුලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ රැදී සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ රැදුණු චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අර්ධ අවසන් පූර්ව තරගය අද රාත්‍රියේදී පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර මුම්බායි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය පිතිකරු […]
අයි. එස්. සංවිධානයට සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන තවත් දෙදෙනෙකු කොළඹ ටොරින්ටන් මාවතේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් දෙදෙනා සහෝදරයන් බවයි මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ.අයි එස් කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයාට කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ ඔවුන්ගේ පියා බවටයි මේ වන විට හෙලිවී ඇත්තේ. අයි. එස්. කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයා […]
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු මේ වසරේ දෙවන පාසල් වාරය අද ආරම්භ වුවත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ළමුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පැවතුණු බවයි වාර්තා වෙන්නේ.අද දින පාසල් ආරම්භ කෙරුණේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි.
ඉස්ලාම් අන්තවාදින් විනාශ කිරිම සඳහා සියලු මුස්ලිම් ජාතිකයින්ගේ සහය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා. මෙම පිරිස මුස්ලිම් ජාතිකයින් නොවන බවත්, ත්‍රස්ථවාදීන් වන මෙම පිරිසට ආගමක් හෝ ජාතියක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.මොවුන් අතලොස්ස හේතුවෙන් අද වන විට […]