පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පැමිණි ත්‍රස්තවාදීන් ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ ඔවුන් ඉතා හොද සමාජ මට්ටම් වල හා අධ්‍යාපන මට්ටම් වලින් යුක්ත පුද්ගලයින් නිසා ඇත්තටම මරාගෙන මැරෙන්න තරම් ඔවුන්ගේ මතය හැදෙන්නේ කොහොමද? අන්න ඒ ගැන සියත News කල අනාවරණයයි මේ,
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන සදහා සහභාගීවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එහෙමත් නැත්නම් ඇඳුමට කැස්බෑවෙකු ඇතුලත් කිරීමත් සමග සමාජ ජාල තුල දැඩි කතාබහකට ලක්වෙන්න පටන්ගත්තා. ඒ හින්දම සියත 24 අපි ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල ඇඳුමේ ඉතිහාසය ගැන හොයලා බලන්න තීරණය කලා. ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම ලෝක කුසලාන තරගාවලියට 1975දී සහභාගීවෙන්නේ ආරාධිත කණ්ඩායම ලෙසිනුයි. 1975 […]
රංගන ශිල්පී රයන් වැන්රොයන්ට අධිකරණයෙන් දඩ මුදලකට යටත් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට රංගන ශිල්පී රයන් වැන්රොයන් මෙලෙස බන්ධනාගාර ගත කර තිබුණා.ඒ අනුව ඔහුව රුපියල් හාරදහසක දඩ මුදලකට යටත්ව මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත්තේ.
විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බවයි. එමෙන්ම පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ජලාශවල […]
මාළිගාවත්ත ඛෙත්තාරාමය සී ගේට්ටුව පිටුපස මුස්ලිම් දේවස්ථානය අසල අඩි 20 ක් පමණ ගැඹුරු පොදු ළිඳක ඊයේ කළ පරීක්ෂාවකදී චීනයෙන් ආනයනය කළ කඩු 44ක්, පැරණි කඩු 12ක්, පිහි 49ක්, අරාබි අක්ෂර සහිත ආවරණවලින් සමන්විත සී.ඩී.තැටි 26ක්, ගිනිඅවියක්, අයිස් නැමැති මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණා. එම අවස්ථාවේදී එම ස්ථානයේ පුවත් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කිරීම් එල්ල වුණා. මේ […]
හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර රට පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.
සීදුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යෝදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබූ අතරතුර වලපනේ සිට සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. එම ඇඳුම් තොගය සමඟ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබේ. […]
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අනිද්දා ඌව පළාතේ පළාත් පාලන ආයතනවල විදුලි පහන් ව්‍යාපෘතියක් සඳහා වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙම සංචාරය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇති […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දරට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව වගකීම් පැහැර හැරීම සම්බන්දවයි.
පකිස්ථානයේ ලහෝර් නගරයේ ප්‍රධාන ඉස්ලාමීය දේවස්ථානයක් අසල අද පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තාකර තිබුණේ. 2010 වසරේද මෙම පල්ලිය අසලදී පිපිරීමක් වාර්තා වී තිබෙනවා.
මාතර – දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොලට යාබද පාලම යට බුර්කාවක් හැඳි කාන්තාවක් පුපුරණ ද්‍රව්‍යයක් අතැතිව සිටින ආකාර දැක්වෙන සිතුවමක් පිළිබඳව ගන්දර පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශයක මෙවැනි සිතුවමක් ඇඳ ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රදේශවාසීන්ට පවා ගැටළුවක් වී තිබෙන අතර ප්‍රදේශවාසින් පවසන්නේ මෙවැනි දෙයක් දහවල් කාලයේ සිදු කිරීම අපහසු […]
කාන්තා උත්සවයකදී 25 හැවරිදි කාන්තාවක් විසින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට බිත්තර පහරක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. කෙසේ නමුත් මෙලෙස එල්ල කල බිත්තරය බිදී ගොස් නැහැ. මෙම බිත්තර ප්‍රහාරය එල්ල කල කාන්තාව පසුව අත්අඩංගුවට ගනු ලැබු අතර අගමැතිවරයා මෙම ප්‍රහාරය බියගුලි තැනැත්තියකගේ ක්‍රියාවක් බව සටහන් කරමින් ට්ව්ටර් පණිවුඩයක් නිකුත්කර තිබුණා.