IPL මුලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ රැදී සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ රැදුණු චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අර්ධ අවසන් පූර්ව තරගය අද රාත්‍රියේදී පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර මුම්බායි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය පිතිකරු […]
අයි. එස්. සංවිධානයට සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන තවත් දෙදෙනෙකු කොළඹ ටොරින්ටන් මාවතේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් දෙදෙනා සහෝදරයන් බවයි මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ.අයි එස් කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයාට කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ ඔවුන්ගේ පියා බවටයි මේ වන විට හෙලිවී ඇත්තේ. අයි. එස්. කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයා […]
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු මේ වසරේ දෙවන පාසල් වාරය අද ආරම්භ වුවත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ළමුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පැවතුණු බවයි වාර්තා වෙන්නේ.අද දින පාසල් ආරම්භ කෙරුණේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි.
ඉස්ලාම් අන්තවාදින් විනාශ කිරිම සඳහා සියලු මුස්ලිම් ජාතිකයින්ගේ සහය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා. මෙම පිරිස මුස්ලිම් ජාතිකයින් නොවන බවත්, ත්‍රස්ථවාදීන් වන මෙම පිරිසට ආගමක් හෝ ජාතියක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.මොවුන් අතලොස්ස හේතුවෙන් අද වන විට […]
අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පි.බි ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙසට […]
මේ මස 30 වනදා ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවසන් පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා දිනයේ සහභාගී වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ පැවති වාතාවරණය හමුවේ බලාපොරොත්තු වූ මට්ටමින් පුහුණු සැසි සාර්ථකකර ගැනීමට අවස්ථාව නොලැබුණත් එංගලන්තයේදීද සාර්ථක පුහුණු […]
මීගමුවේ දී ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු […]
එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 05දා අයර්ලන්ත කණ්ඩායම හා පැවැති තරගයේදී සමත්වූහ.මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වූයි. ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ […]
පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 9 දෙනෙකු රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම […]
තමන් සන්තකයේ ඇති තියුණු ආයුධ ළගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තීරණය කර තිබෙනවා. ඔහු එම කාලය අද මධ්‍යම රාතී‍්‍ර 12.00ට අවසන් වීමට තිබූ බවයි. ඒ අනුව නිවෙස්වල හෝ කිසියම් ස්ථානයක ඇති කඩු, කිනිසි සහ උල්පිහි ළගම […]
මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා. “මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ […]
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.