පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් ‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් […]
අගෝස්තු නිවාඩුව කෙටි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවදානය යොමුව ඇති බව වාර්තා වී තිබෙනවා.
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ගැනීමට සන් රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වොනර් සමත්ව තිබෙනවා. ඔහු තරඟ 12 කදී රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 692ක්, ඊට ශතකයක් සහ අර්ධ ශතක 08 ක් ඇතුලත් වනවා. කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමේ ලෝකේෂ් රාහුල් තරඟ 12 කදී ලකුණු 520 ක් ලබාගෙන ඇත්තේ එම […]
අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරණ ප්‍රබල සාමාජිකයෙකු හා නිවසේ සිටි අයි.එස් සංවිධානයේ සාමාජිකයාගේ සොහොයුරා හැටන් ප්‍රදේශයේ ඇති නිවසකින් පිහි නවයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම අයි.එස් සංවිධානයේ සාමාජිකයා අවසන් වරට ලංකාවට පැමිණ ඇත්තේ 2016 වසරේදී බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නෙ. එම තරුණයා දැනට යේමනයේ පදිංචිව සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ. කෙසේ වෙතත් තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව […]
පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් උතුරට පැමිණෙන බව ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර තිබෙනවා. ඊයේ සිට මෙම ස්ථිර හමුදා මාර්ග බාධක හතර ස්ථාපිත කොට ඇති බවයි වාර්තා වන්නේ.මෙම මුරපොලවල් හරහා නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් […]
මෙරිල්බොර්න් ක‍්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. මෙරිල්බොර්න් (Marylebone Cricket Club) ක්‍රිකට් සමාජෙට බ්‍රිතාන්‍ය නොවන ජාතිකයකු මෙම තනතුර සඳහා ගෙන ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවයි වාර්තා වන්නේ. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා. කුමාර් සංගක්කාරගේ නම මෙරිල්බොර්න් ක‍්‍රිකට් සමාජයේ සභාපති […]
පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා මේ වන විට අම්පාර රෝහළේ ප්‍රථිකාර ලබමින් පොලිස් ආරක්ෂාව යටතේ සිටියි. එම ත්‍රස්තවාදියාගේ බිරිදගේ සුවදුක් විමසීමට දිගාමඩුලු දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මන්සූර් අම්පාර රෝහලට ගොස් ඇත. රෝහලට ගිය එජාප මන්ත්‍රීවරයා සහරාන් හෂීන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද සහ […]
මේ දිනවල ලෝකයේ youtube පරිහරනය කරන්නන් වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වූ music වීඩියෝවක් තමයි The Earth Song කියන්නේ. ඒකට හේතුව මේ ගීතය ජස්ටින් බීබර්, ලියනාඩෝ ඩි කැප්‍රියො, එඩ් ෂීරන්, වැනි ලෝකයම දන්න තරු මේ ගීතය ගායනා කරන්න එක් වී තිබීම. ලෝකයට ආදරය කරන්න! මේ ගීතයේ පණිවිඩයයි. එම ගීතය පහලින්,
බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව ඉන්දීය ශිව්සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මුහුණු ආවරණය තහනම් කිරීමට ගත් පියවර ඉතා ප්‍රශංසනීය බවයි එම පක්ෂය පවසා තිබුණේ. […]
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.ඒ අනුව මේ වනවිට රුපියල් 10,000ක්ව පවතින අවම මාසික මූලික වැටුප රුපියල් 12,500ක් දක්වා ඉහළ නංවනු ඇති. මේ වනවිට රුපියල් 400ක්ව පවතින පෞද්ගලික අංශයේ දෛනික මූලික වැටුප රුපියල් 500ක් දක්වා ඉහළ නැංවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.
තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.එම අභියාචනය පළමු වරට කැඳවණු ලබුවේ පසුගිය මස 18 වනදායි. එහි තීන්දුව ලබා දීම එරට අධීකරණය විසින් අද දක්වා කල් දැමුණා ඩුබායි අත්අඩංගුවේ පසු වූ අවසන් පිරිස ලෙස ගායක අමල් පෙරේරා ඇතුලූ 06 දෙනෙකු පසුගිය මස […]
Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන උළෙල පසුගිය 25 වෙනිදා පැවැත්වුණේ මුම්බායි නුවර Westin හෝටලයේදීයි. අති උත්කර්ශවත්ව බොලිවුඩ් තරු පිරිවරා ගනිමින් පැවති මෙම සම්මාන උළෙලේදී තනි පුද්ගල (Individual) සම්මාන කාණ්ඩයෙන් Most Admired RJ With International Fame ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔබ කවුරුත් දන්න රටම […]