News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

දිනේෂ් චන්දිමාල් නැති දකුණු අප්‍රිකා සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබේ. ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුලත් කර නොමැති වීම විශේෂත්වයක්. දිමුත් කරුණාරත්න ටෙස්ට් තරඟාවලියේ නායකයා ලෙස නම් කර තිබෙනවා. නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස නම් කර තිබෙනවා. ලසිත් ඇඹුල්දෙනිය, ඕෂධ ප්‍රනාන්දු,, මොහොමඩ් ශිරාස් සහ ඇන්ජලෝ පෙරේරා මෙම සංචිතයට […]


Feb
9

අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

Generic placeholder image

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අද (09) රාත්‍රී 9.00 සිට හෙට(10) පස්වරු 3.00 දක්වා කාලය තුළ කොළඹ 01, 13,14,සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම්දුන්නා.. මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශ තුළ අඩු පීඩනයක් යටතේ […]


Feb
9

දිවයින පුරා වැසි වැඩි වන ලකුණු

Generic placeholder image

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයින පුරා අද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි.


Feb
9

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ඉවතට

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ. කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි මොහාන් ද සිල්වා සහ උප සභාපති තනතුරට නාමයෝජනා භාරදුන් රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමටයි අභියාචනා […]


Feb
9

මදූෂ් සමග සිටි අට දෙනෙක් නිදහස් – තිස් එක් දෙනෙකුගේ රුධිරයේ කොකේන්

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මදූෂ් සමග සිටි තිස් එක් දෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී තිබෙන බව එරට සිදු කරන ලද පරීක්‍ෂණයෙන් අනාවරණ වී තිබේ. එම පිරිස හෙට දිනයේ ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. මාකදුරේ මඳූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මුදාහැර තිබෙනවා. […]


Feb
9

2015 – 2018 රජයේ ආයතනවල දූෂණ හොයන කොමිෂම වැඩ අරඹයි

Generic placeholder image

2015 ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින […]


Feb
8

ලංගම අනුමත සේවක සංඛ්‍යාවේ ගැටළුවක්

Generic placeholder image

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 2017 මාර්තු වන විට 24000ක් බවත් 2015 වන විටත් එහි සේවක සංඛ්‍යාව 36000ක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ලංගම බස් රථ 143ක් පෞද්ගලික සමාගමකට අලුත්වැඩියා කිරීමකට ලබාදුන්නත් එම බස් රථ ආපසු ලංගමයට ලබාදී […]


Feb
8

අත්අඩංගුවට ගද්දි මදුෂ් කෝටි 05ක් අල්ලස් ලෙස දෙන්න හදලා

Generic placeholder image

අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරින් සිදුකරනු ලබන විමර්ශන අවසන් කිරීමට දින 14ක කාලයක් ගත වන බව වාර්තා වෙනවා. ඒ එම රටේ බළධාරින් විසින් සිදුකරනු ලබන විමර්ශන සහ ප්‍රශ්න කිරිම් සදහා දින 14ක කාල සීමාවක් මෙම පිරිස අත්අඩංගුවේ තබා ගැනිමේ නිතිමය හැකියාවක් තිබිම හේතුවෙන්. ඩුබායි නිතියට අනුව කිසියම් පුද්ගලයෙකු […]


Feb
8

ඇමති දිගම්බරම් ගෙන් ආණ්ඩුවට රතු එළියක්

Generic placeholder image

වතුකම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය මැදිහත්වී ලබා දෙන තීරණය පිළිබඳ දමිල ප‍්‍රගතිශීලි සන්ධානය දැඩි ස්ථාවරයක සිටින බව අමාත්‍ය පී දිගම්බරම් පවසනවා. හැටන් දික්ඔය ප‍්‍රදේශයේ අද (08) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියා.    


Feb
8

මදුෂ් සමග අත්අඩංගුවට ගත් පස් දෙනෙකුගේ නිවෙස් පොලිස් පරික්ෂාවට

Generic placeholder image

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලීසිය මගින් අද (08) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවෙස සෝදිසි කර ඇත්තේ ගන්දර පොලීසිය විසින්. එහි තිබී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයා ගෙන තිබෙනවා. ‘‘ජංගා’’ […]


Feb
8

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන්න

Generic placeholder image

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට තමන් සහාය දක්වන බව කෝප් කමිටු සාමාජික, පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. අදවන විට රටේ බහුතරවක් වන ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මැරෙන තෙක් බලාගෙන සිටින බවත් ඔහු සඳහන් කළේය.


Feb
8

මධූෂ් සමඟ කොටුවූ ‘ජංඟා’ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් හමුවේ

Generic placeholder image

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. අදාළ පිරිස අතර සිටින මධූෂ්ගේ ගෝලයෙකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ‘ජංඟා’ නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි මෙම උණ්ඩ සහ ඇඳුම් තොගය සොයාගෙන ඇත්තේ. යුද හමුදා […]


News Articles
Latest Videos
Most Popular Post