කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් තමන්ට අල්ලස් ලබා දීමට උත්සහ කළ බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
දිවයිනේ ප්‍රදේශ රැසක වගාවන් විනාශ කර ඇති සේනා දළඹු මර්ධනයට ගුවනින් උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍යයක් ඉසීමේ ක්‍රමයක් පිළිබඳ කෘෂි බලධාරීන් අවධානය යොමු කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා. බඩ ඉරිගු වගාවන්ට දැඩි හානි සිදු කළ සේනා දළඹුවන් මේවනවිට බෝග රැසක් ආක්‍රමණය කරමින් සිටිනවා. සේනා දළඹුවන්ගේ ජීව චක්‍රය හඳුනාගනිමින් ඒ සඳහා ප්‍රතිකර්මයක් […]
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දෙවන හමුව සම්බන්ධයෙන් ධවල මන්දිරය කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව නායකයින් දෙදෙනා ලබන පෙබරවාරි මස අගදි යළි හමුවනු ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් අගනුවරට පැමිණි උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වන කිම් යොන් චොල් සහ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් […]
ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කර තිබෙනවා. සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ගන්නා බවයි. “මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක […]
මෙම වසරේ පෙබරවාරි 4 නිදහස් දා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබා ගැනීමට උත්සහා කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානයාක මහතා ප්‍රකාශ කරනවා. ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ […]
ජනපතිවරණයක් පැමිණෙන්නේනම් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව පැවසූයේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීයි. කෙසේවෙතත් ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2019 වසර අවසානයේ දී බව කියූ ජයසේකර මහතා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව […]
ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.66ක් ලෙස දැක්වුණා. පසුගිය දින කිහිපයේදි එම අගය රුපියල් 184 ට වැඩි අගයක පැවැතිණ. ඩොලරයක ගැණුම් මිලද අද දිනයේදී රුපියල් 179.79ක් ලෙස දැක්විණ.
චීන භාෂාවෙන් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය අද ඒ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිරි නැමුණා. සම්පත් බණ්ඩාර විසින් රචිත ග්‍රන්ථය චීන භාෂාවටට පරිවර්ථනය කර ඇත්තේ මහාචාර්ය වං යූ සහ මහාචාර්ය යින් ජින්ශන් විසින්. අග්‍රාමාත්‍යවරයාගේ චරිතාපදානය ප්‍රකාශයට පත් කළේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බීජිං හි යැංෂි මුද්‍රණාලය හා සරසවි පොත් ප්‍රකාශකයින් විසින් […]
“අපිට පොඩ්ඩක් වැඩ නැතිවුණාම පැත්තකට වෙලා කසුකුසු ගානවා මිසක් රට ඉලක්ක කරලා වැඩකට යොමු වෙන්නේ නැහැ. අපේ තරුණ තරුණියන් ඒ අයට ප්‍රශ්නයක් ආවම ඒවා විසඳන්න බැරිවුණම බෝඩ් ලෑලි අල්ලගෙන ලිප්ටන් වටරවුමේ කැරකෙනවා. ඉතින් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද. ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. […]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරභනු ලැබුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ වසර 4 කට පසු විපක්ෂ නායක කාර්යාලය රටේ සියලූ ජනතාවට අද සිට විවෘත වන බවයි.
පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදි නවීන වගාක්රම, පසු අස්වනු කළමනාකරණය, අගය එක්කළ සහල් නිශ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පස් අවුරුදු සැලැස්මක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමද සිදුවිය.
මෙවර නිලවරණයෙන් සිය පාර්ශ්වය පැහැදිලි ජයග්‍රහණයක් ලබාගන්නා බවත් මේ වනවිටත් සිය පාර්ශ්වයට ඡන්ද සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වන මොහාන් ද සිල්වා පාර්ශ්වය සඳහන් කරනවා.