මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය තව දුරටත් ක්‍රියාත්මක බවයි අද දිනයේ අධිකරණය දන්වා සිටියේ.ඒ අනුව තව දුරටත් රටේ නිත්‍යානූකූල ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් ක්‍රියාත්මක නොවන බවයි දේශපාලකයින් පෙන්වා දෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වළක්වන්නයි ඉල්ලා ගොනු කල අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන විභාගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් සිදුකරන මෙන් ඉල්ලා ත්‍රිපුද්ගල […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට […]
අද සවස් වරුවේ දේශපාලනයේ තීරණාත්මක තීන්දු කිහිපයක්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.එහිදී මහින්ද පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එමෙන්ම සවස් වරුවේ තවත් විශේෂ තීන්දු කිහිපයක්ම ගනු ඇති බවයි පක්ෂ විපක්ෂ දේශපාලන ආරංචි පෙන්වා දී තිබුණේ.
නවසීලන්ත තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින සංචිතයේ නව නායකයා ලෙස නම්කර ඇත්තේ ලසිත් මාලිංගවයි. එමෙන්ම උප නායක තනතුර සදහා නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබෙනවා. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතයට ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. ක්‍රීඩා අමත්‍යංශයේ ඇමතිවරයෙක් නොමැති නිසා මෙම පත් කිරීම් සදහා අනුමැතිය ලැබී […]
අද සවස් වරුව වන විට මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. මේ තීන්දුව කුමක් සම්බන්දයෙන්දැයි වාර්තා වී නැහැ. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ සිය ධූරය සම්බන්දයෙන් මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා ජිප්සීස් අලුත් විදිහට කියයි, වීඩියෝව පහතින්…
ඊයේ දිනයේ තීන්දුව ලැබීමත් සමග ඉදිරි වැඩපිළිවල ගැන එජාපයේ නායකයින් අරලියගහ මන්දිරයේදී කතාබහක නිරත වෙමින් සිටින ආකාරයේ ජායාරූප කිහිපයක් අපට සමාජ ජාල මාධ්‍යය ඔස්සේ ලැබුණා. මෙහිදී රනිල්,සජිත්,නවීන් කතාබහේ යෙදී සිටින ආකාරය දැකගත හැකියි. ඊයේ තීන්දුවෙන් පසුව ජනපතිගේ ස්ථාවරය තවම නිල වශයෙන් දන්වා නැහැ. ජායාරූප – Saman Athaudahetti
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණා අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ දී අසුන් ගනු ලැබුවේ ඊවා වනසුන්දර බුවනෙක අලූවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලය නිමවා අද විශ්‍රාම ලබන බව එහිදී බුවනෙක අලූවිහාරේ මහතා නිවේදනය කලා මේ සම්බන්ධයෙන් […]
එජාපය සහ තවත් සිවිල් සන්ධාන රැසක එකතුවෙන් 17 වෙනිදා ගාලුමුවදර පිටියේ පැවැත්වෙන උත්ඝෝෂන රැළිය නම කර ඇත්තේ රතුකබා කරුවන්ගේ රැළිය ලෙසයි. එහි ප්‍රචාරණ දැන්වීම් මේ දිනවල සමාජ ජාල මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා. පසුගිය කාලයේ ප්‍රංශයේ පැවති උත්ඝෝෂණ මාලාව හදුන්වා තිබුනේද කහකබා කරුවන්ගේ ව්‍යාපාරය ලෙසයි. ඔබ මේ පහතින් දකින්නේ එම පුර්ව ප්රචාරක දැන්වීමයි…
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වනදා නව කැබිනට් මණ්ඩළයක් පත්කරනු ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බහුතරය පෙන්වන පාර්ශවයට පාලන බලය ලබාදීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි බවයි. එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම වැඩිදුරටත් සඳහන් කලා.